එළිදරව් 13:6 - Sinhala New Revised Version 2018 එකල ඌ දේවාපහාස කීමට ද, උන් වහන්සේගේ නාමයටත් වාසස්ථානයටත් ස්වර්ග වාසීන්ටත් විරුද්ධ ව අපහාස කීමට ද මුඛය ඇරියේ ය. Sinhala New Revised Version එකල ඌ දේවාපහාස කීමට ද, උන් වහන්සේගේ නාමයටත් වාසස්ථානයටත් ස්වර්ග වාසීන්ටත් විරුද්ධ ව අපහාස කීමට ද මුඛය ඇරියේ ය. සිංහල කාලීන පරිවර්තනය දෙවියන්වහන්සේට අපහාස කරන පිණිස, උන්වහන්සේගේ නාමයට හා උන්වහන්සේගේ වාසස්ථානය වන ස්වර්ගවාසීන්ට අපහාස කරන පිණිස, ඌ උගේ කට ඇරියේ ය. Sinhala Revised Old Version එකල ඌ දෙවියන්වහන්සේට විරුද්ධව අපහාසකරන පිණිසද උන්වහන්සේගේ නාමයට සහ උන්වහන්සේගේ මණ්ඩපයටත්, එනම් ස්වර්ගයෙහි වාසය-කරන්නන්ටත් අපහාසකරන පිණිසද මුඛය ඇරියේය |
ඔව්හු සුරලොව දෙවිඳුන්ට විරුද්ධ ව නපුර කතා කරන්නෝ ය. ඔව්හු නරලොව මිනිසුන්ට අහංකාර ලෙස අණ දෙන්නෝ ය.
එම්බා පොළොං වංශය; නපුරු ඔබ, යහපත් දෙයක් කියන්නේ කෙසේ ද? මන්ද සිතින් උතුරා යන දෙය කටින් පිට වේ.
නපුරු චේතනා, මිනීමැරුම්, කාමරාග, සල්ලාලකම්, සොරකම්, බොරු සාක්ෂි සහ අපහාස නික්මෙන්නේ හදවතින් ය.
ධර්මයාණෝ මාංසගත ව අප සමඟ වැඩ විසූ සේක. දේව වරප්‍රසාදයෙන් ද සත්‍යයෙන් ද පූර්ණ උන් වහන්සේගේ තේජශ්‍රීය, එනම්, පියාණන් වහන්සේ කෙරෙන් වූ එක ම පුත්‍රයාණන්ගේ තේජශ්‍රීය, අපි දුටිමු.
ඔවුන්ගේ උගුර විවර වූ මිනී වළක් වැනි ය. ඔව්හු සිය දිව්වලින් මුසාවාද පවසති. ඔවුන්ගේ තොල් යට පොළොං විස ඇත.
මන්ද, ක්‍රිස්තුන් වහන්සේ තුළ, උන් වහන්සේගේ මිනිස් බවෙහි ම දේවත්වයේ පරිපූර්ණතාව වැඩ වාසය කරයි.
එතැන මණ්ඩපයක් ඉදි කරන ලදී. එහි පළමු වන කොටසෙහි පහන් රුක ද මේසය ද පිදුම් පූපද තිබුණේ ය. එය ශුද්ධස්ථානය නම් විය.
මන්ද, ක්‍රිස්තුන් වහන්සේ අප උදෙසා දෙවියන් වහන්සේ අබිමුවෙහි දැන් පෙනී සිටින පිණිස, නියම ශුද්ධස්ථානයේ ආදර්ශය ලෙස අතින් සැදූ ශුද්ධස්ථානයකට නොව, ස්වර්ගයට ම ඇතුළු වූ සේක.
“නැඟිට මෙහි එන්නැ”යි කියන මහ හඬක් ස්වර්ගයෙන් ඔවුන්ට ඇසිණි. එකල ඔවුන්ගේ සතුරන් බලා සිටිය දී ඔව්හු වලාකුළකින් ස්වර්ගයට නැඟී ගියහ.
එබැවින් ස්වර්ගයෙනි, එහි වැසියෙනි, ප්‍රීති සන්තෝෂ වන්න. අහෝ! පොළොවටත් මුහුදටත් වන විපත! මන්ද, යක්ෂයා තමාට වැඩි කලක් නැති බව දැන, කෝපාවිෂ්ට ව, ඔබ වෙත බැස ගියේ ය” යනු යි.
ස්වර්ගයෙනි, සැදැහැවතුනි, අපෝස්තුළුවරුනි, දිවැසිවරුනි, ඒ ගැන ප්‍රීති වන්න! මන්ද, ඈ ඔබට කළ වරද ගැන දෙවියන් වහන්සේ ඈ විනිශ්චය කළ සේක.
සිංහාසනයෙන් මහා හඬක් මෙසේ කියනු ඇසීමි: “මෙන්න, දෙවියන් වහන්සේගේ වාසභවනය මනුෂ්‍යයන් සමඟ ය. උන් වහන්සේ ඔවුන් සමඟ වාසය කරන සේක. ඔව්හු උන් වහන්සේගේ සෙනඟ වන්නෝ ය. දෙවියන් වහන්සේ ම ඔවුන් සමඟ වැඩවසමින්, ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන සේක.
ඉන්පසු මෙන්න, අහසේ දොරක් ඇරී තිබෙනු මම දිටිමි. හොරණෑ හඬක් මෙන් කලින් මට කතා කළ එම හඬ, “මෙහි නැඟී එන්න. මින්පසු සිදු වෙන්නට යන දේ මම ඔබට පෙන්වන්නෙමි”යි කී ය.
මේ සිංහාසනය වටේ තව සිංහාසන විසිසතරක් විය. ඒ සිංහාසනවල කුලදෙටුවන් විසිසතරදෙනෙකු ධවල වස්ත්‍ර හැඳ, සිය හිස් මත රන් ඔටුනු දරාගෙන වාඩි වී සිටිනු මම දිටිමි.
තවද, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද පොළොව යට ද මුහුදෙහි ද යන මුළු ලෝකයෙහි ඇති සියලු සත්ත්වයන්: “සිංහාසනයෙහි වැඩ සිටින තැනැන් වහන්සේටත්, බැටළු පෝතකයාණන්ටත් ප්‍රශංසාව ද ගෞරවය ද මහිමය ද පරාක්‍රමය ද සදහට ම වේ වා!”යි කියනු ඇසීමි.
ඔවුන් දිවා රෑ දෙක්හි දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි සේවය කරමින් උන් වහන්සේගේ සිංහාසනය ඉදිරියේ සිටින්නේ ඒ හෙයිනි. සිංහාසනයේ වැඩ හිඳින තැනැන් වහන්සේ ඔවුන් සමඟ වැඩ වසන සේක.
ඉන්පසු සියලු ජාතීන්ගෙන් ද ගෝත්‍රවලින් ද ජන සමූහයාගෙන් ද භාෂාවන්ගෙන් ද කිසිවෙකුට ගණන් නොකළ හැකි තරම් ඉමහත් පිරිසක්, සුදු සළු පැළඳ, තාල පත්‍ර අතින් ගෙන, සිංහාසනය හා බැටළු පෝතකයාණන් ඉදිරියෙහි සිටිනු මම දිටිමි.