ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එළිදරව් 11:17 - Sinhala New Revised Version 2018

“වැඩ සිටින, වැඩ සිටිය, සර්ව පරාක්‍රම දෙවි සමිඳාණන් වහන්ස, ඔබගේ අතිමහත් බලය මෙහෙයවා ඔබ රජකම් කළ බැවින් අපි ඔබට ස්තුති කරමු.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“වැඩ සිටින, වැඩ සිටිය, සර්ව පරාක්‍රම දෙවි සමිඳාණන් වහන්ස, ඔබගේ අතිමහත් බලය මෙහෙයවා ඔබ රජකම් කළ බැවින් අපි ඔබට ස්තුති කරමු.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

මෙසේ පැවසූහ: “අපි ඔබට ස්තුති දෙන්නෙමු, සිටින්නා වූ, සිටියා වූ, සියලු බලැති ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්ස, මන්ද ඔබ, ඔබගේ මහත් බලය ගෙන, රජකම් කිරීමට පටන් ගත් සේක;

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

සිටින්නාවූ, සිටියාවූ, සර්වපරාක්‍රමවූ, ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ මහත් බලය රැගෙන ඔබ රජකම්කළ බැවින් අපි ඔබට ස්තුතිකරමුව.

පරිච්ඡේදය බලන්න



එළිදරව් 11:17
27 හුවමාරු යොමු  

ආබ්‍රම් අවුරුදු අනූනවයක් ආයු වැළඳූ පසු සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී: “මම වනාහි සියලු බලැති දෙවියන් වහන්සේ වෙමි. නුඹ දිවි ඇති තාක් මට කීකරු වී, නිදොස් ව සිටින්න,


සමිඳුනි, ඔබේ වික්‍රම පාමින් උසස් වනු මැනව. එවිට අපි ඔබේ තෙද බල විකුම් ගැන ප්‍රශස්ති ගීත ගයන්නෙමු.


දෙවිඳුනි, අහසට වඩා ඔබේ ශ්‍රේෂ්ඨත්වය උසස් බව දැක්වුව මැනව. ඔබේ මහිමාලංකාරය ලොව පුරා පැතිරේ වා!


සමිඳාණෝ ජාතීන් ඉදිරියේ සියොනට ශුද්ධ බලය පෑ සේක. අපේ දෙවිඳුන්ගේ ගැළවීම ලොවේ සීමාන්තයෝ දකිති.


ඒ අවස්ථාවේ දී ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක: “ස්වර්ගයටත්, පොළොවටත් ස්වාමීන් වන පියාණන් වහන්ස, ඔබ වහන්සේ මේ කරුණු පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට, බාලයන්ට අනාවරණය කළ හෙයින් ඔබට තුති පුදමි.


ඒ පැයේ දී ම උන් වහන්සේ ශුද්ධාත්මයෙන් පූර්ණ වී උදන් අනමින්, “ස්වර්ගයටත් පොළොවටත් අධිපති වූ පියාණෙනි, ඔබ මේ දේවල් පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට බාලයන්ට අනාවරණය කළ බැවින් ඔබට තුති පුදමි. එසේය පියාණෙනි, ඔබට ප්‍රිය මනාප වූයේත් එය ම ය.


එවිට ඔව්හු ගල ඉවත් කළහ. ජේසුස් වහන්සේ ඇස් ඔසවා, “පියාණෙනි, ඔබ මට සවන් දුන් නිසා මම ඔබට ස්තුති කරමි.


තවද, කිතුනුවන් වූ අප නිතර ම ජය පෙරහරින් ගෙන යන, තමන් වහන්සේ පිළිබඳ දැනගැන්ම නමැති සුගන්ධය අප ලවා හැම තැන ම පතුරුවන, දෙවියන් වහන්සේට ස්තුති වේ වා!


දෙවියන් වහන්සේගේ කියා නිම කළ නොහැකි දීමනාව ගැන උන් වහන්සේට ප්‍රශංසා වේ වා!


මා ශක්තිමත් කළා වූ ද, උන් වහන්සේගේ සේවය සඳහා පත් කිරීමට තරම් මා ඇදහිලිවන්ත යයි සැලකුවා වූ ද, අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේට මම ස්තුති කරමි.


ආසියාවේ සභා සතට මෙය ලියා එවන්නේ ජොහන් නම් මම ය. වැඩ සිටින, වැඩ සිටිය, මතු වඩින දෙවියන් වහන්සේගෙන් ද, උන් වහන්සේගේ සිහසුන ඉදිරියෙහි සිටින ආත්මයන් සත් දෙනාගෙන් ද, විශ්වාසවන්ත සාක්ෂිකරුත්


“ආරම්භය ද අවසානය ද මම වෙමි”යි වැඩ සිටින, වැඩ සිටිය, මතු වඩින සර්ව පරාක්‍රම ස්වාමීන් වන දෙවියන් වහන්සේ වදාරන සේක.


සත් වන දේව දූතයා ද හොරණෑව පිම්බේ ය. එවිට: “ලෝකයේ රාජත්වය අපගේ සමිඳාණන් වහන්සේට ද උන් වහන්සේගේ ආලේප ලත් ක්‍රිස්තුන් වහන්සේට ද අත් විය. උන් වහන්සේ සදහට ම රජකම් කරන සේකැ”යි කියන මහ ශබ්ද ස්වර්ගයෙහි විය.


ඔව්හු දෙවියන් වහන්සේගේ සේවකයා වූ මෝසෙස්ගේ ගීතිකාව ද බැටළු පෝතකයාණන්ගේ ගීතිකාව ද ගායනා කරමින් මෙසේ කී හ: “සව් බලැති ස්වාමීන් වන දෙවියන් වහන්ස, ඔබගේ ක්‍රියා උදාර ය, චමත්කාර ජනක ය. ජාතීන්ගේ රජාණෙනි, ඔබගේ මාර්ග සාධාරණ ය, සැබෑ ය.


ඔව්හු හාස්කම් කරන දුෂ්ටාත්මයෝ ය. ඔව්හු සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේගේ මහා දවසේ යුද්ධයට මුළු ලෝකයේ රජවරුන් රැස් කරන පිණිස ඔවුන් වෙත යන්නාහ.


ජලය භාර ව සිටි දේව දූතයා කතා කොට, “වැඩ සිටින, වැඩ සිටිය, සුවිශුද්ධ තැනැන් වහන්ස, ඔබ දුන් විනිශ්චයන්හි ඔබ සාධාරණ ය.


“එසේ ය, සර්ව පරාක්‍රම දෙවි ස්වාමීන් වහන්ස, ඔබගේ විනිශ්චය නිවැරැදි ය, සාධාරණ ය”යි පූජාසනයෙන් කියනු මට ඇසිණි.


එබැවින්, මාරක රෝග ද ශෝකය ද සාගතය ද යන ඇගේ පීඩා එක දවසේ ම ඈට පැමිණෙන්නේ ය. ඈ සහමුලින් ම ගින්නෙන් දවනු ලබන්නී ය. මන්ද, ඈ විනිශ්චය කළ දෙවි ස්වාමීන් වහන්සේ බලසම්පන්න ය.”


එවිට ස්වර්ගය ඇරී තිබෙනු දිටිමි. එහි සුදු අශ්වයෙක් සිටියේ ය. ‘විශ්වාසය’ ‘සත්‍යය’ යන නම් දරන තැනැන් වහන්සේ ඌ පිට වැඩහුන් සේක. උන් වහන්සේ ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන සේක; යුද්ධ කරන සේක.


එවිට විශාල ජන සමූහයකගේ ඝෝෂාව මෙන් ද, සමුද්‍ර ඝෝෂාවක් මෙන් ද, බලවත් හෙන හඬක් මෙන් ද ශබ්දයක් මට ඇසිණි. ඒ හඬ මෙසේ කී ය: “අලේලූයා! අපගේ සර්ව පරාක්‍රම දෙවි ස්වාමීන් වහන්සේ රජකම් කිරීමට පටන්ගෙන ඇත.