ඈ ආහබ්ගේ නමින් ලියුම් ලියා ඔහුගේ මුද්‍රාවෙන් මුද්‍රා කොට, නාබොත් සමඟ ඔහුගේ නුවර විසූ ප්‍රජා මූලිකයන්ටත්, ප්‍රභූවරුන්ටත් ඒ ලියුම් යැව්වා ය.
එස්රා 4:11 - Sinhala New Revised Version 2018 ඔව්හු අර්තක්ෂස්තා රජු වෙත මෙසේ ලියා යැවූ හ: “ගඟින් එතෙර වාසය කරන සෙනඟ වන අපි, රජතුමා වෙත මෙසේ ලියා එවමු: Sinhala New Revised Version ඔව්හු අර්තක්ෂස්තා රජු වෙත මෙසේ ලියා යැවූ හ: “ගඟින් එතෙර වාසය කරන සෙනඟ වන අපි, රජතුමා වෙත මෙසේ ලියා එවමු: Sinhala Revised Old Version ඔවුන් අර්තක්ෂස්තා රජු වෙතට ලියා ඇරිය ලියුමේ පිටපත මේය: ගඟ මෙගොඩ සිටින මනුෂ්‍යයන් ආදිවූ ඔබගේ දාසයන් විසින් ලියා එවන වග නම්– |
ඈ ආහබ්ගේ නමින් ලියුම් ලියා ඔහුගේ මුද්‍රාවෙන් මුද්‍රා කොට, නාබොත් සමඟ ඔහුගේ නුවර විසූ ප්‍රජා මූලිකයන්ටත්, ප්‍රභූවරුන්ටත් ඒ ලියුම් යැව්වා ය.
ඔව්හු විදෙස්වල ජනයාට බියෙන් සිටි නමුත්, පූජාසනය කලින් තිබුණ ස්ථානයෙහි පිහිටෙව්වෝ ය. ඔව්හු ඒ පූජාසනය මත උදය සවස සමිඳාණන් වහන්සේට දවන යාග පූජා ඔප්පු කළෝ ය.
උතුම් වූ, ගරුතර වූ අසුර්බනිපාල් විසින් ගෙනෙන ලදුව, සමාරියේ නගරවල හා යුප්‍රටීස් ගඟෙන් එතෙර පළාතේ පදිංචි කරවන ලද සෙසු සෙනඟ ද එයට පංගුකාර වූ හ.
ඔබ කෙරෙන් අප වෙත ආ ජුදෙව්වන් ජෙරුසලමට පැමිණ ඒ කැරලිකාර නපුරු නගරය ගොඩනඟන බව ඔබ තුමාට දැන්විය යුතු ය. පවුරුවල වැඩ නිම කරන්නට ළඟ ය. ඔව්හු අත්තිවාරම අලුත්වැඩියා කරගෙන යති.
යුප්‍රටීස් ගඟින් එගොඩ සිටි දිශාධිපති තැන වූ තත්තෙනයි ද ෂෙතර්-බෝසෙනයි ද යුප්‍රටීස් ගඟින් එගොඩ සිටි පර්සියානු නිලධාරීන් වූ ඔහුගේ සහකාරයන් ද විසින් දාරියුස් රජුට යැවුණු ලිපියේ පිටපත මතු දැක්වේ.
ඉශ්රායෙල්වරුන් සම්බන්ධයෙන් පනවන ලද සමිඳාණන් වහන්සේගේ අණපනත් පිළිබඳ ව විශේෂ දැනුමක් තිබුණු පූජකයෙකු ද නීතිවේදියෙකු ද වූ එස්රාට අර්තක්ෂස්තා රජු විසින් දෙන ලද හසුනේ පිටපත මෙසේ ය:
සමාරීය ස්ත්‍රිය ද, “ජුදෙව්වෙකු වන ඔබ, සමාරීය ස්ත්‍රියක වන මගෙන් බොන්නට ඉල්ලන්නේ, කෙසේ දැ”යි උන් වහන්සේගෙන් ඇසුවා ය. එසේ කීවේ, ජුදෙව්වරුන් හා සමාරියයන් අතර ගනුදෙනුවක් නුවූ බැවිනි.