Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එස්රා 4:11 - Sinhala Revised Old Version

11 ඔවුන් අර්තක්ෂස්තා රජු වෙතට ලියා ඇරිය ලියුමේ පිටපත මේය: ගඟ මෙගොඩ සිටින මනුෂ්‍යයන් ආදිවූ ඔබගේ දාසයන් විසින් ලියා එවන වග නම්–

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඔව්හු අර්තක්ෂස්තා රජු වෙත මෙසේ ලියා යැවූ හ: “ගඟින් එතෙර වාසය කරන සෙනඟ වන අපි, රජතුමා වෙත මෙසේ ලියා එවමු:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ඔව්හු අර්තක්ෂස්තා රජු වෙත මෙසේ ලියා යැවූ හ: “ගඟින් එතෙර වාසය කරන සෙනඟ වන අපි, රජතුමා වෙත මෙසේ ලියා එවමු:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 4:11
7 හුවමාරු යොමු  

ඈ ආහබ්ගේ නමින් ලියුම් ලියා ඔහුගේ මුද්‍රයෙන් මුද්‍රාකොට නාබොත් සමඟ ඔහුගේ නුවර විසූ වැඩිමහල්ලන්ටත් උත්තමයන්ටත් ඒ ලියුම් යැවුවාය.


ඔව්හු පූජාසනය ඊට නියම ස්ථානයෙහි පිහිටෙවුවෝය; මක්නිසාද ඔව්හු ඒ රටවල සිටි ජනයන් ගැන භයපත්ව සිටියෝය. ඔව්හු ස්වාමීන්වහන්සේට දවන පූජා එනම් උදය සවස පූජා ඒ පූජාසනය පිට ඔප්පුකළෝය.


උතුම්වූ ගරුතරවූ ඔස්නප්පර් විසින් ගෙනවුත් සමාරියේ නුවරවල පදිංචිකෙරෙවූ අනික් ජාතීහුද ගංගාවෙන් මෙගොඩ සිටින අනික් තැනැත්තෝද වන ඔව්හු මේ ආදිය ලිවුවෝය.


ඔබ වෙතින් අප ළඟට ආ යුදෙව්වන් යෙරුසලමට පැමිණ ඒ කැරළිකාර නපුරු නුවර ගොඩනගන බවත් පවුරු තීන්දුකර අත්තිවාරම අලුත්වැඩියාකරන බවත් රජතුමා දැනගනීවා.


ගඟ මෙගොඩ සිටි දිශාධිපති තැනවූ තත්තෙනයිද ෂෙතර්-බෝසෙනයිද ගඟ මෙගොඩ සිටි අපර්සෙකාවරුන්වූ ඔහුගේ සහකාරයන්ද විසින් දාරියුෂ් රජුට යැවූ ලියුම් පිටපතය.


ස්වාමීන්වහන්සේගේ ආඥාවල වචනද ඉශ්‍රායෙල්ට දුන් උන්වහන්සේගේ පනත්ද ගැන තේරුම් ඇති කෙනෙක්වූ ලියන්නා එනම් එස්රා පූජකයාට අර්තක්ෂස්තා රජු විසින් දෙනලද ලියුමේ පිටපත මේය:


එවිට සමාරිය ස්ත්‍රී උන්වහන්සේට කථාකොට: යුදෙව් කෙනෙක්වූ ඔබ සමාරිය ස්ත්‍රියෙක්වු මාගෙන් බොන්ට ඉල්ලන්නේ කොහොමදැයි කීවාය. (මක්නිසාද සමාරියය‍න් සමඟ යුදව්වන්ගේ ගනුදෙනුවක් නැත.)


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්