Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 4:10 - Sinhala New Revised Version 2018

10 උතුම් වූ, ගරුතර වූ අසුර්බනිපාල් විසින් ගෙනෙන ලදුව, සමාරියේ නගරවල හා යුප්‍රටීස් ගඟෙන් එතෙර පළාතේ පදිංචි කරවන ලද සෙසු සෙනඟ ද එයට පංගුකාර වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 උතුම් වූ, ගරුතර වූ අසුර්බනිපාල් විසින් ගෙනෙන ලදුව, සමාරියේ නගරවල හා යුප්‍රටීස් ගඟෙන් එතෙර පළාතේ පදිංචි කරවන ලද සෙසු සෙනඟ ද එයට පංගුකාර වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 උතුම්වූ ගරුතරවූ ඔස්නප්පර් විසින් ගෙනවුත් සමාරියේ නුවරවල පදිංචිකෙරෙවූ අනික් ජාතීහුද ගංගාවෙන් මෙගොඩ සිටින අනික් තැනැත්තෝද වන ඔව්හු මේ ආදිය ලිවුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 4:10
8 හුවමාරු යොමු  

එවිට රජතුමා මේ පිළිතුර යැවී ය: “රෙහුම් ආණ්ඩුකාරයාටත්, ෂිම්ෂයි ලේකම්ටත්, සමාරියේ වාසය කරන ඔවුන්ගේ සෙසු සහකාරයන්ටත්, යුප්‍රටීස් ගඟින් එගොඩ සිටින සෙසු අයටත් සෙත් වේ වා!


“රාජාධිරාජ අර්තක්ෂස්තා වන මම ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවේ නීතිවේදියෙකු ව සිටින පූජක එස්රා වෙත ලියා එවමි.


ඔව්හු අර්තක්ෂස්තා රජු වෙත මෙසේ ලියා යැවූ හ: “ගඟින් එතෙර වාසය කරන සෙනඟ වන අපි, රජතුමා වෙත මෙසේ ලියා එවමු:


එබැවින් හැමට ම දිය යුතු දෙය දෙන්න; වරිපනම්, ගෙවිය යුත්තාට වරිපනම් ද අයබදු ගෙවිය යුත්තාට අයබදු ද දෙන්න. පිදිය යුත්තාට පුදන්න, ගරු කළ යුත්තාට ගරු කරන්න.


විප්‍රවාසයෙන් මිදී පැමිණි අය ඉශ්රායෙල්හි දෙවි සමිඳාණන් වහන්සේට මාලිගාවක් ගොඩනඟන බව ජුදාවරුන්ගේ ද බෙන්ජමින්වරුන්ගේ ද එදිරිකාරයෝ අසා,


ඔහු සිය සහෝදරයන් සහ සමාරියේ සේනාව ඉදිරියේ දී කතා කොට, “මේ බෙලහීන ජුදෙව්වරු කුමක් කරත් ද? මේ ස්ථානය යළි ගොඩනඟන්නට ඔව්හු සිතත් ද? ඔවුන් පූජා කරනු ඇද් ද? දවසකින් වැඩ නිම කරනු ඇද් ද? දවා දැමූ කුණු කන්දරාවලින් ඔවුන් නැවත ගඩොල් සාදාගනු ඇද්දැ”යි කීවේ ය.


“ඉතින් අපේ දෙවියන් වහන්ස, මහත් වූ, බලවන්ත වූ, භයානක වූ ගිවිසුම ද කරුණාව ද පවත්වන්නා වූ දෙවියන් වහන්ස, අසිරියාවේ රජුන්ගේ කාලයේ සිට අද දක්වා අපටත්, අපේ පියවරුන්ටත්, අපේ අධිපතීන්ටත්, අපේ පූජකයන්ටත්, අපේ දිවැසිවරුන්ටත්, ඔබේ මුළු සෙනඟටත් පැමිණි සියලු දුක් ගැහැට ඔබ ඉදිරියෙහි සුළු ලෙස නොපෙනේ වා!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්