“කරුණාවෙන් ජෙරුසලම් වැසියන්ට කතා කරන්න; හඬ නඟා ඔවුන්ට මෙසේ කියන්න: ඔවුන්ගේ වහල්කමේ කාලය දැන් ඉවර වී ඇත; පව් කමාව ඔවුන්ට ලැබී ඇත. සියලු පව්වලට දඬුවම දෙගුණය බැගින් සමිඳුන්ගේ හස්තයෙන් ම ඔවුන්ට ලැබී ඇත.”
එසකියෙල් 6:12 - Sinhala New Revised Version 2018 ඈත සිටින අය වසංගතයෙන් මැරෙනු ඇත; ළඟ සිටින අය කඩුවෙන් මැරෙනු ඇත; ඉතුරු වී සිට වටලනු ලබන අය සාගතයෙන් නසිනු ඇත. මෙසේ මාගේ කෝපයේ උග්‍රකම ඔවුන්ට දැනෙනු ඇත. Sinhala New Revised Version ඈත සිටින අය වසංගතයෙන් මැරෙනු ඇත; ළඟ සිටින අය කඩුවෙන් මැරෙනු ඇත; ඉතුරු වී සිට වටලනු ලබන අය සාගතයෙන් නසිනු ඇත. මෙසේ මාගේ කෝපයේ උග්‍රකම ඔවුන්ට දැනෙනු ඇත. Sinhala Revised Old Version ඈත සිටින අය වසංගතයෙන් මැරෙනවා ඇත; ළඟ සිටින අය කඩුවෙන් වැටෙන්නෝය; ඉතුරුවී වටලෑමට අසුවෙන අය සාගතයෙන් නසිනවා ඇත. මෙලෙස මම ඔවුන් කෙරේ මාගේ කෝපය ඉෂ්ටකරන්නෙමි. |
“කරුණාවෙන් ජෙරුසලම් වැසියන්ට කතා කරන්න; හඬ නඟා ඔවුන්ට මෙසේ කියන්න: ඔවුන්ගේ වහල්කමේ කාලය දැන් ඉවර වී ඇත; පව් කමාව ඔවුන්ට ලැබී ඇත. සියලු පව්වලට දඬුවම දෙගුණය බැගින් සමිඳුන්ගේ හස්තයෙන් ම ඔවුන්ට ලැබී ඇත.”
මා ඔවුන්ටත්, ඔවුන්ගේ පියවරුන්ටත් දුන් දේශයේ කිසිවෙකු ඉතිරි නොවන ලෙස යුද්ධයත්, සාගතයත්, වසංගතයත් ඔවුන් කෙරෙහි පමුණුවන්නෙමි.”
ඉතින් ඔබ කලක් නවතින්නට යන්න ආශා වන ස්ථානයේ දී ඔබ සැම කඩුවෙනුත්, සාගතයෙනුත්, වසංගතයෙනුත් නසින බව සැබැවින් ම දැන ගන්නැ”යි කීවේ ය.
සමිඳාණෝ තම කෝපය නොවළක්වා තමන්ගේ බලවත් උදහස වැගිරෙවු සේක. සියොන්හි ගින්නක් ඇවිළු සේක. එයින් එහි අත්තිවාරම් දැවී ගියේ ය.
එම්බා සියොන් පුරඟන, ඔබේ අයුතුකමේ දඬුවම ඉටු විය. එතුමාණෝ තවත් ඔබ විප්‍රවාසයට ගෙන නොයන සේක. එම්බා ඒදොම් පුරඟන, එතුමාණෝ ඔබේ අයුතුකමට දඬුවම් කරන සේක. ඔබේ පව් එළිදරව් කරන සේක.
“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට කියන්න: මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි, පාළු ඉඩම්වල සිටින්නෝ කඩු පහරින් වැටෙන්නෝ ය; කෙතේ සිටින අය, වනමෘගයන්ට ගොදුරු පිණිස දෙන්නෙමි; බලකොටුවල ද ගුහාවල ද සිටින්නෝ වසංගතයෙන් නසින්නෝ ය.
නුඹේ සෙනඟගෙන් තුනෙන් කොටසක් වසංගතයෙන් මිය යන්නෝ ය; ඔව්හු සාගතයෙන් නුඹ අතරෙන් නැති වන්නෝ ය. තුනෙන් කොටසක් නුඹ අවටින් කඩු පහරින් වැටෙනු ඇත; මම තුනෙන් කොටසක් ද දස දෙස විසුරුවාදමා, කඩුවක් රැගෙන ඔවුන් පස්සෙන් ලුහුබැඳ යන්නෙමි.
“මෙසේ මාගේ උදහස සෑහීමට පත්වනු ඇත. ඔවුන් කෙරෙහි මාගේ කෝපය දල්වා තෘප්තියට පැමිණෙන්නෙමි. මා මාගේ කෝපාග්නිය ඔවුන් කෙරෙහි දැල් වූ විට, ප්‍රතිවාදීන් නොඉවසන ස්වාමීන් වන මා නුඹේ ද්‍රෝහිකමට විරුද්ධ ව තද උදහසින් කතා කළ බව නුඹ දැනගනු ඇත.
“කාලය පැමිණ තිබේ. දවස ළඟා වී තිබේ; මිලයට ගන්නා ප්‍රීති නො වේ වා; විකුණන්නා නොවැලපේවා. මන්ද, උදහස එහි මුළු සමූහයා පිට පැමිණ තිබේ.
“පිටත යුද්ධ, ඇතුළත වංසගතය හා සාගත තිබේ. එළිමහන් තැන්හි සිටින අය කඩුවෙන් මැරෙනු ඇත; නගරයේ සිටින අය සාගතයෙන් ද වසංගතයෙන් ද විනාශ වන්නෝ ය.