සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නොනැවතී මහ හඬින් මොරගසා, හොරණෑවක් මෙන් නුඹේ හඬ නඟා, මාගේ ඉශ්රායෙල් සෙනඟට ද ජාකොබ්ගේ වංශයට ද ඔවුන්ගේ වැරදි හා පව් දන්වන්න.
එසකියෙල් 6:11 - Sinhala New Revised Version 2018 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹේ දෑත මිරිකමින්, පොළොවේ අඩි හප්පමින්, ‘අහෝ! ඉශ්රායෙල් සෙනඟගේ සියලු නපුරු පිළිකුල් ක්‍රියා නිසා කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද ඔව්හු වැටෙති’යි කියන්න. Sinhala New Revised Version මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “නුඹේ දෑත මිරිකමින්, පොළොවේ අඩි හප්පමින්, ‘අහෝ! ඉශ්රායෙල් සෙනඟගේ සියලු නපුරු පිළිකුල් ක්‍රියා නිසා කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද ඔව්හු වැටෙති’යි කියන්න. Sinhala Revised Old Version ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ අත් පා ගසමින් අහෝ! කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද වැටෙන්ට සිටින ඉශ්‍රායෙල් වංශයේ සියලු නපුරු පිළිකුල් දේවල හැටියයි කියන්න. |
සමිඳාණෝ මෙසේ වදාරන සේක: “නොනැවතී මහ හඬින් මොරගසා, හොරණෑවක් මෙන් නුඹේ හඬ නඟා, මාගේ ඉශ්රායෙල් සෙනඟට ද ජාකොබ්ගේ වංශයට ද ඔවුන්ගේ වැරදි හා පව් දන්වන්න.
ඔව්හු බලවත් රෝගවලින් මැරෙන්නෝ ය; කිසිවෙක් ඔවුන් ගැන නොවැලපෙන්නෝ ය; ඔව්හු වළලනු නොලබති; බිම ඇති කසළ මෙන් වන්නෝ ය. ඔව්හු කඩුවෙන් ද සාගතයෙන් ද විනාශ වන්නෝ ය; ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත්, පොළොවේ මෘගයන්ටත් ගොදුරු වන්නේ ය.
මා ඔවුන්ටත්, ඔවුන්ගේ පියවරුන්ටත් දුන් දේශයේ කිසිවෙකු ඉතිරි නොවන ලෙස යුද්ධයත්, සාගතයත්, වසංගතයත් ඔවුන් කෙරෙහි පමුණුවන්නෙමි.”
අහෝ! භයානක දවසක් පැමිණෙන්නේ ය; ඊට සම කළ හැකි අන් දවසක් නොවන්නේ ය. එය ජාකොබ්ගේ පරපුරට විපත් දවසක් වන්නේ ය. එහෙත්, ඔවුන් එයින් ද ගළවනු ලබනු ඇත.”
ඉතින් ඔබ කලක් නවතින්නට යන්න ආශා වන ස්ථානයේ දී ඔබ සැම කඩුවෙනුත්, සාගතයෙනුත්, වසංගතයෙනුත් නසින බව සැබැවින් ම දැන ගන්නැ”යි කීවේ ය.
අහෝ! මැරුම් කෑ මාගේ සෙනඟ ගැන දිවා රෑ දෙක්හි හැඬීමට මාගේ හිස පොකුණක් ද මාගේ ඇස් කඳුළු උල්පතක් ද වූවොත් මම කැමැති ය.
ජෙරමියා මෙසේ කී ය: “කඳු ගැන ඇඬීමක් ද විලාපයක් ද පාළුකරයේ තණ බිම් ගැන ළතෝනියක් ද ගයන්නෙමි. කිසිවෙකුට එහි ගමන් කළ නොහැකි වන ලෙස ඒවා වියළී ගොස් ඇත. එහි සිවුපාවුන්ගේ හඬ නෑසෙන්නේ ය. අහසේ පක්ෂීන් ද මෘගයන් ද පලා ගොස් ඇත.”
“තවද, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘ජෙරුසලමෙන් මනුෂ්‍යයන් සහ මෘගයන් ද සිඳදමන පිණිස මා විසින් ඊට මාගේ තද දඬුවම් සතර වන කඩුව ද සාගතය ද චණ්ඩ මෘගයන් ද වසංගතය ද යැවූ කල්හි තව කොපමණ වැඩියෙන් බලාපොරොත්තු හීන වන්නේ ද?
“මනුෂ්‍ය පුත්‍රය, කඩු ගත් බබිලෝනියේ රජුගේ පැමිණීම සඳහා මාර්ග දෙකක් නියම කරගන්න; ඒ දෙක ම එක දේශයකින් ආරම්භ වන්නේ ය. මඟ සලකුණක් තබන්න; නුවරට පැමිණෙන මංසන්ධියෙහි ඒක පිහිටුවන්න.
“ ‘මක්නිසා ද, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹ අත්පොළසන් දී, ප්‍රීතියෙන් නටමින් නුඹේ මුළු උඩඟුකමින් ඉශ්රායෙල් දේශයට විරුද්ධ ව සිතෙන් ප්‍රීති වූ බැවින්,
“මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඔවුන්ට කියන්න: මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මෙසේ කියමි, පාළු ඉඩම්වල සිටින්නෝ කඩු පහරින් වැටෙන්නෝ ය; කෙතේ සිටින අය, වනමෘගයන්ට ගොදුරු පිණිස දෙන්නෙමි; බලකොටුවල ද ගුහාවල ද සිටින්නෝ වසංගතයෙන් නසින්නෝ ය.
නුඹේ සෙනඟගෙන් තුනෙන් කොටසක් වසංගතයෙන් මිය යන්නෝ ය; ඔව්හු සාගතයෙන් නුඹ අතරෙන් නැති වන්නෝ ය. තුනෙන් කොටසක් නුඹ අවටින් කඩු පහරින් වැටෙනු ඇත; මම තුනෙන් කොටසක් ද දස දෙස විසුරුවාදමා, කඩුවක් රැගෙන ඔවුන් පස්සෙන් ලුහුබැඳ යන්නෙමි.
මා සමිඳාණන් වහන්සේ බවත්, මේ විපත්ති ඔවුන් පිට පමුණුවන්නෙමි යි මා වදාළ වචන නිකරුණේ නොවදාළ බවත් ඔවුන් දැනගනු ඇත.”
“කාලය පැමිණ තිබේ. දවස ළඟා වී තිබේ; මිලයට ගන්නා ප්‍රීති නො වේ වා; විකුණන්නා නොවැලපේවා. මන්ද, උදහස එහි මුළු සමූහයා පිට පැමිණ තිබේ.
“පිටත යුද්ධ, ඇතුළත වංසගතය හා සාගත තිබේ. එළිමහන් තැන්හි සිටින අය කඩුවෙන් මැරෙනු ඇත; නගරයේ සිටින අය සාගතයෙන් ද වසංගතයෙන් ද විනාශ වන්නෝ ය.
සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “නගරය මුළුල්ලෙහි එනම්, ජෙරුසලම මුළුල්ලෙහි ගොස්, ඒ තුළ කෙරෙන සියලු පිළිකුල්කම් ගැන සුසුම්ලමින්, කෙඳිරිගාන මිනිසුන්ගේ නළල්වල ලකුණක් තබන්නැ”යි වදාළ සේක.
අහෝ! ඒ දවස, සමිඳාණන් වහන්සේගේ දවස, ආසන්න ව ඇත. එය සර්ව පරාක්‍රමයාණන් වෙතින් විනාශයක් සේ පැමිණෙනු ඇත.
සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “නගරයේ හැම වීථියක හැඬීමත් වැලපීමත් ඇති වන්නේ ය; වැලපෙන පිණිස ගම්වැසියන්ටත්, කුලියට ළතෝනි කියන්නන්ටත් අඬගසනු ලැබේ.
එවිට බාලාක් බාලාම්ට විරුද්ධ ව තදින් රොස් වී, අත් මිටමොළවා, ඔහු අමතමින්, “මා ඔබ කැඳවූයේ මාගේ සතුරන්ට සාප කරන්නට ය. එහෙත්, ඔබ කර ඇත්තේ තෙවරක් ම ඔවුන්ට ආසිරි පැතීම යි.
ඇගේ වේදනාවට බයින් ඈතින් සිට, “අහෝ! අහෝ! බබිලෝනිය නම් මහා නුවර! බලවත් නුවර! එක පැයකින් තිගේ විනාශය පැමිණියේ ය”යි කියමින් හඬා වැලපෙති.