ඔහු මුළු මාලිගාවට යා කර මීටර් නවයක් බැගින් උස ඇති මහල් තල ගොඩනැඟුවේ ය. ඒවා කිහිරි ලීවලින් මාලිගාවට සවි කරන ලද්දේ ය.
එසකියෙල් 41:6 - Sinhala New Revised Version 2018 ඒ කාමර එක පිට එක උඩින් මහල් තුනක් ද එක එක පේළියේ කාමර තිහක් ද බැගින් තිබිණි. කාමර වනාහි මාලිගාවේ බිත්තියට වද්දන්නේ නැති ව ඒවා පිහිටුවීමට වටකර කුලුණු සිටුවා තිබිණි. Sinhala New Revised Version ඒ කාමර එක පිට එක උඩින් මහල් තුනක් ද එක එක පේළියේ කාමර තිහක් ද බැගින් තිබිණි. කාමර වනාහි මාලිගාවේ බිත්තියට වද්දන්නේ නැති ව ඒවා පිහිටුවීමට වටකර කුළුණු සිටුවා තිබිණි. Sinhala Revised Old Version ඒ කාමර, කාමරයක් පිට කාමරයක් වශයෙන් තුනක්ද පේළියට තිහක්ද බැගින් තිබුණේය; කාමර වනාහි ගෘහයේ භිත්තියට අල්ලන්නේ නැතුව, ඒවා අල්ලා තිබීම පිණිස වටකරම ගෘහයට තිබුණු භිත්තියට වැදී තිබුණේය. |
ඔහු මුළු මාලිගාවට යා කර මීටර් නවයක් බැගින් උස ඇති මහල් තල ගොඩනැඟුවේ ය. ඒවා කිහිරි ලීවලින් මාලිගාවට සවි කරන ලද්දේ ය.
එවිට ඔහු පිට මළුවට මා ගෙනාවේ ය. ඒ මළුවේ කාමර සහ ඒවා වටකර ගල් ඇල්ලූ වේදිකාවක් තිබුණේ ය. ඒ ගල් බිම පිට කාමර තිහක් තිබුණේ ය.
ඔහු මාලිගාවේ බිත්තියත් මැන්නේ ය. එය මීටර් තුනක් ය, වටකර ම මාලිගාවට තිබුණු කාමරවල පළල මීටර් දෙකක් ය.
මෙසේ වූයේ ඒවා මහල් තුනක් ව තිබුණු නමුත්, මළුවල කුලුණු වාගේ ඒවාට කුලුණු නොතිබුණු නිසා ය. එබැවින් පහළ ඒවාටත්, මැද ඒවාටත් වඩා ඒවා බිම සිට ඉහළට යන්න යන්න පටු ව තිබිණි.
දෙවියන් වහන්සේගේ විමුක්තිදායක අරමුණ එළිදරව් කරන්නට යන අන්තිම කාලය දක්වා, ඔබගේ ඇදහිල්ල නිසා දෙවියන් වහන්සේගේ බලය කරණකොටගෙන ඔබ ආරක්ෂා කරනු ලබන්නහු ය.