Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 41:6 - Sinhala Revised Old Version

6 ඒ කාමර, කාමරයක් පිට කාමරයක් වශයෙන් තුනක්ද පේළියට තිහක්ද බැගින් තිබුණේය; කාමර වනාහි ගෘහයේ භිත්තියට අල්ලන්නේ නැතුව, ඒවා අල්ලා තිබීම පිණිස වටකරම ගෘහයට තිබුණු භිත්තියට වැදී තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ඒ කාමර එක පිට එක උඩින් මහල් තුනක් ද එක එක පේළියේ කාමර තිහක් ද බැගින් තිබිණි. කාමර වනාහි මාලිගාවේ බිත්තියට වද්දන්නේ නැති ව ඒවා පිහිටුවීමට වටකර කුළුණු සිටුවා තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ඒ කාමර එක පිට එක උඩින් මහල් තුනක් ද එක එක පේළියේ කාමර තිහක් ද බැගින් තිබිණි. කාමර වනාහි මාලිගාවේ බිත්තියට වද්දන්නේ නැති ව ඒවා පිහිටුවීමට වටකර කුලුණු සිටුවා තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 41:6
6 හුවමාරු යොමු  

ඔහු මුළු ගෘහයට යාකර පස්රියනක් බැගින් උස ඇති මහල් ගොඩනැගුවේය. ඒවා කිහිරි ලීවලින් ගෘහයට සවිකරනලද්දේය.


ජීවන බලාපොරොත්තුවක් ලැබෙන පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන උන්වහන්සේ තමන්ගේ මහත් දයාව ලෙස අප නැවත උත්පාදකළසේක.


එවිට ඔහු පිට-මළුවට මා ගෙනාවේය, ඒ මළුවට කාමර සාදා වටකර ගල් අල්ලා තිබුණේය. ඒ ගල්-බිම පිට කාමර තිහක් තිබුණේය.


ඔහු ගෘහයේ භිත්තියත් මැන්නේය, ඒක රියන් හයක්ය; වටකරම ගෘහයට තිබුණු කාමරවල පළල රියන් සතරක්ය.


මෙසේ වුණේ ඒවා මහල් තුනක්ව තිබුණු නුමුත් මළුවල කුළුනු වාගේ ඒවාට කුළුනු නොතිබුණු නිසාය. එබැවින් පහළ ඒවාටත් මැද ඒවාටත් වඩා ඒවා බිම සිට ඉහළට යන්ට යන්ට පටුව තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්