ජනේල තට්ටු තුනක් තිබුණේ ය. කවුළුවක් ඉදිරිපිට කවුළුවක් වශයෙන් තට්ටු තුනක ඒවා තිබුණේ ය.
එසකියෙල් 41:26 - Sinhala New Revised Version 2018 ශාලාවේ දෙපැත්තෙහි ද කාමරවල ද ඝන ලී උඩුවියනේ ද දෙපැත්තේ බිත්තිවල ද පටු කවුළු සහ තල් ගස් තිබිණි. ඝන ලී පඩි කඳන් ද තිබිණි. Sinhala New Revised Version ශාලාවේ දෙපැත්තෙහි ද කාමරවල ද ඝන ලී උඩුවියනේ ද දෙපැත්තේ බිත්තිවල ද පටු කවුළු සහ තල් ගස් තිබිණි. ඝන ලී පඩි කඳන් ද තිබිණි. Sinhala Revised Old Version පටු කවුළු සහ තල්ගස් ශාලාවේ දෙපැත්තෙහිද කාමරවලද තිබුණේය, ඝනවූ (ලී) පඩි කඳන්ද තිබුණේය. |
ජනේල තට්ටු තුනක් තිබුණේ ය. කවුළුවක් ඉදිරිපිට කවුළුවක් වශයෙන් තට්ටු තුනක ඒවා තිබුණේ ය.
ඔහු මීටර් විසිදෙකක් දිග ද මීටර් දහතුනයි දශම පහක් පළල ද ඇති කුලුණු ශාලාවක් සෑදුවේ ය. ඒවා ඉදිරිපිට කුලුණු ද ලොකු බාල්ක ද සහිත තවත් ශාලාවක් ද සෑදී ය.
ඒ කුඩා මුර කාමරවලටත්, ඒවායේ කණුවලටත් ප්‍රවේශ ශාලාවේ ඇතුළු පැත්තේ වටේට පටු කවුළු තිබුණේ ය. කණුවල තල් ගස් කැටයම් කර තිබුණේ ය.
ඔහු දේව මාලිගාවේ ශාලාවට මා පමුණුවා, ශාලාවේ කණු එක එක මැන්නේ ය. එක පැත්තක් මීටර් දෙකහමාරක් බැගින් විය. දොරටුවේ පළල මීටර් හතක් විය. දොරටුවේ පැති මීටර් එකහමාරක් බැගින් විය.
ඇතුළු මාලිගාව ද මළුවේ ශාලා ද එළිපත්ත ද පටු කවුළු ද මහල් තුනට ම එළිපත්ත ඉස්සරහ වටකර තිබුණු පිට ශාලා ද තුනී ලෑලිවලින් වසා තිබුණේ ය. බිම සිට කවුළු දක්වාත් එසේ ම තිබුණේ ය. කවුළුත් වසා තිබුණේ ය.
ඔහු මාලිගාවේ බිත්තියත් මැන්නේ ය. එය මීටර් තුනක් ය, වටකර ම මාලිගාවට තිබුණු කාමරවල පළල මීටර් දෙකක් ය.