සමිඳාණෝ ජාතීන් ඉදිරියේ සියොනට ශුද්ධ බලය පෑ සේක. අපේ දෙවිඳුන්ගේ ගැළවීම ලොවේ සීමාන්තයෝ දකිති.
එසකියෙල් 4:7 - Sinhala New Revised Version 2018 “නුඹේ මුහුණ ද ජෙරුසලම වැටලීම දෙසට හරවා හිඳගෙන නුඹේ නොවැසූ අත ඊට විරුද්ධ ව ඔසවා දිවැස් වැකි කියන්න. Sinhala New Revised Version “නුඹේ මුහුණ ද ජෙරුසලම වැටලීම දෙසට හරවා හිඳගෙන නුඹේ නොවැසූ අත ඊට විරුද්ධ ව ඔසවා දිවැස් වැකි කියන්න. Sinhala Revised Old Version නුඹේ මුහුණද යෙරුසලම වටලෑමට පිහිටුවාගන හිඳ, නුඹේ හස්තය නග්නකර, ඊට විරුද්ධව අනාගතවාක්‍ය කියන්න. |
සමිඳාණෝ ජාතීන් ඉදිරියේ සියොනට ශුද්ධ බලය පෑ සේක. අපේ දෙවිඳුන්ගේ ගැළවීම ලොවේ සීමාන්තයෝ දකිති.
“මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ ජෙරුසලම දෙසට හරවාගෙන, ශුද්ධස්ථානවලට විරුද්ධ ව දේශනා කර, ඉශ්රායෙල් දේශයට විරුද්ධ ව දිවැස් වැකි කියන්න.
තවද, යකඩ තහඩුවක් ගෙන එය යකඩ පවුරක් මෙන් නුඹටත්, නුවරටත්, අතර තබන්න. ඉන්පසු ඒ දෙසට නුඹේ මුහුණ හරවන්න. නගරය වටලනු ලැබේ. එය වටලන්නේ නුඹ ය. ඉශ්රායෙල් ජාතියට මෙය ලකුණක් ය.
එයින් තුනෙන් පංගුවක් නුවර මැද ගින්නෙන් දවාලන්න; තුනෙන් පංගුවක් රැගෙන නගරය වටකරින් ඒවාට කඩුවෙන් ගසන්න; තුනෙන් පංගුවක් සුළඟට විසුරුවා දමන්න. මම ද ඒවා පසුපස්සෙන් කොපුවෙන් ඇදගත් කඩුවක් ඇති ව ලුහුබැඳ එන්නෙමි.
“මනුෂ්‍ය පුත්‍රය, නුඹේ මුහුණ ඉශ්රායෙල්හි කඳු දෙසට හරවාගෙන ඒවාට විරුද්ධ ව මේ දිවැස් වැකිය කියන්න.