එසකියෙල් 39:22 - Sinhala New Revised Version 2018 ඉශ්රායෙල් සෙනඟ ද මා ඔවුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ බව ඒ දවසේ පටන් සදහට ම දැනගන සිටිනු ඇත. Sinhala New Revised Version ඉශ්රායෙල් සෙනඟ ද මා ඔවුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ බව ඒ දවසේ පටන් සදහට ම දැනගන සිටිනු ඇත. Sinhala Revised Old Version ඉශ්රායෙල් වංශයද මා ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව ඒ දවසේ පටන් මත්තට දැනගන සිටින්නෝය. |
මා සමිඳාණන් වහන්සේ බව දැනගන්න පිණිස ඔවුන්ගේ සිත් පහදන්නෙමි. එවිට ඔවුන් මුළු සිතින් ම මා වෙත හැරෙන බැවින් ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය. මම ඔවුන්ගේ සමිඳාණන් වහන්සේ වන්නෙමි.
‘සමිඳාණන් වහන්සේ හඳුනාගන්න’කියා, එකිනෙකා තම තමාගේ අසල්වැසියාට ද සහෝදරයාට ද උගන්වන්නට වුවමනා වන්නේ නැත. මන්ද, ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලන් ම මා හැඳින ගනු ඇත. මම ඔවුන්ගේ අපරාධ කමා කරන්නෙමි; ඔවුන්ගේ පාප තවත් සිහි නොකරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
ඔව්හු එහි සුව සේ වාසය කොට, ගෙවල් ගොඩනඟා මිදි වතු වවන්නෝ ය; ඔවුන් අවට සිටින, ඔවුන් අපවාදයට පත් කළ, සියල්ලන් කෙරෙහි මා විනිශ්චයයන් ඉෂ්ට කළ කල්හි ඔවුන් එසේ සුව සේ වාසය කරනු ඇත. මෙසේ මා ඔවුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ බව ඔව්හු දැනගන්නෝ ය.”
මෙසේ ඔවුන්ගේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මා ඔවුන් සමඟ වැඩසිටින බව ද ඉශ්රායෙල් ජාතිය වන ඔවුන් මාගේ සෙනඟ බව ද ඔව්හු දැනගන්නෝ ය. මෙසේ වදාරන්නේ දෙවි ස්වාමීන් වහන්සේ ය.
තවද, ඉශ්රායෙල් සෙනඟ විප්‍රවාසගත වූයේ, ඔවුන්ගේ පාප ක්‍රියා නිසා බව සෑම ජාතීන් දැනගනු ඇත. මන්ද, ඔව්හු මට විරුද්ධ ව ද්‍රෝහිකම් කළෝ ය. මම ද මාගේ මුහුණ ඔවුන් වෙතින් හරවාගෙන, ඔවුන්ගේ එදිරිකාරයන්ගේ අතට ඔවුන් පාවා දුන්නෙමි. ඔව්හු සියල්ලෝ කඩු පහරින් නැසුණෝ ය.
ඔවුන් විප්‍රවාසීන් මෙන් විජාතීන් අතර විසුරුවා, මා ඔවුන්ගෙන් කිසිවෙකු තවත් එහි අත්නෑර ඔවුන්ගේ රටට ඔවුන් රැස් කරන කල මා ඔවුන්ගේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.
මාගේ ශුද්ධ නාමය තවත් කෙලෙසන්න ඉඩනෑර, මම මාගේ ශුද්ධ නාමය මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් අතරෙහි ප්‍රකාශ කරන්නෙමි. විජාතීන් ද සමිඳාණන් වහන්සේ වන මා ඉශ්රායෙල්වරුන් අතරෙහි ශුද්ධ ව සිටින බව දැනගනු ඇත.”
සදාතන ජීවනය මේ ය: එක ම සැබෑ දෙවියන් වන ඔබ ද, ඔබ විසින් එවන ලද තැනැන් වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද, දැනගැනීම ය.
තවද, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් පැමිණ, සැබෑ දෙවියන් දැනගැනීමට ප්‍රඥාව අපට දුන් බව අපි දනිමු. ඇත්තෙන් ම අප සැබෑ දෙවියන් තුළ, එනම්, උන් වහන්සේගේ පුත්‍රයාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ තුළ ජීවත් වෙමු. ක්‍රිස්තුන් වහන්සේ සැබෑ වූ දෙවියන් ද සදාතන ජීවනය ද වන සේක.