Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 39:23 - Sinhala New Revised Version 2018

23 තවද, ඉශ්රායෙල් සෙනඟ විප්‍රවාසගත වූයේ, ඔවුන්ගේ පාප ක්‍රියා නිසා බව සෑම ජාතීන් දැනගනු ඇත. මන්ද, ඔව්හු මට විරුද්ධ ව ද්‍රෝහිකම් කළෝ ය. මම ද මාගේ මුහුණ ඔවුන් වෙතින් හරවාගෙන, ඔවුන්ගේ එදිරිකාරයන්ගේ අතට ඔවුන් පාවා දුන්නෙමි. ඔව්හු සියල්ලෝ කඩු පහරින් නැසුණෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 තවද, ඉශ්රායෙල් සෙනඟ විප්‍රවාසගත වූයේ, ඔවුන්ගේ පාප ක්‍රියා නිසා බව සෑම ජාතීන් දැනගනු ඇත. මන්ද, ඔව්හු මට විරුද්ධ ව ද්‍රෝහිකම් කළෝ ය. මම ද මාගේ මුහුණ ඔවුන් වෙතින් හරවාගෙන, ඔවුන්ගේ එදිරිකාරයන්ගේ අතට ඔවුන් පාවා දුන්නෙමි. ඔව්හු සියල්ලෝ කඩු පහරින් නැසුණෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 තවද ඉශ්‍රායෙල් වංශය වහල්කමට ගියේ ඔවුන්ගේ අයුතුකම නිසා බව ජාතීන් දැනගන්නවා ඇත; මක්නිසාද ඔව්හු මට විරුද්ධව ද්‍රෝහිකම් කළෝය, මමද මාගේ මුහුණ ඔවුන්ගෙන් සඟවාගෙන, ඔවුන්ගේ එදිරිකාරයන්ගේ අතට ඔවුන් පාවාදුන්නෙමි, ඔවුන් සියල්ලෝ කඩුවෙන් වැටුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 39:23
27 හුවමාරු යොමු  

නුඹලා දෙවිඳුන්ගෙන් වෙන් ව සිටින්නේ නුඹලාගේ ම අපරාධ නිසා ය. නුඹලා අයැදින විට එතුමන්ට නෑසෙන්නේ නුඹලාගේ පාප නිසා ය.


මට අයැදින පිණිස නුඹලා අත් ඔසවන කල එය නොදකින ලෙස මම මාගේ ඇස් වසාගන්නෙමි. නොකඩවා යාච්ඤා කළත් කිසිසේත් සවන් නොදෙන්නෙමි. නුඹලාගේ අත් ලෙයින් පිරී ඇත.


මා මාගේ ආත්මානුභාවය ඉශ්රායෙල් සෙනඟ මත වැගිරෙවූ විට මාගේ මුහුණ තවත් ඔවුන්ගෙන් සඟවා නොගන්නෙමි. මෙසේ වදාරන්නේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ ය.”


කොල්ලකාරයන් අතට ඉශ්රායෙල්වරුන් භාර දුන්නේ කවරෙක් ද? සමිඳාණෝ නොවන සේක් ද? අප පව් කෙළේ එතුමන්ට විරුද්ධ ව ය. එතුමන්ගේ මාර්ගයෙහි අපි ගමන් නොකෙළෙමු. එතුමන්ගේ අණපනත්වලට අපි කීකරු නොවීමු.


ඔවුන්ගේ පර්වතයාණෝ, ඔවුන් නොවික්ක සේක් නම්, සමිඳාණෝ, ඔවුන් පාවා නුදුන් සේක් නම්, එක් කෙනෙක් දහසක් ද දෙන්නෙක් දස දහසක් ද පලවා හරින්නේ කෙසේ ද?


එතුමාණෝ මෙසේ වදාළ සේක: මම ඔවුන්ගෙන් මුහුණ සඟවාගනිමි. ඔවුන්ගේ අවසානය කුමක් දැ යි බලමි. ඔව්හු කපටි පෙළපතකි; අවිශ්වාසී පරපුරකි.


මාගේ ගිවිසුම කඩ කළ නිසා දඬුවම් කරනු පිණිස නුඹලාගේ රටට යුද්ධයක් පමුණුවනු ලැබේ. නුඹලා නගරවල එක් රැස් වී සිටින විට මම නුඹලා අතරට වසංගත පමුණුවන්නෙමි. නුඹලාගේ සතුරන්ගේ බලයට නුඹලා පාවා දෙනු ලබන්නහු ය.


නුඹලා වටකර ඉතිරි වී ඇති ජාතීන් ද සමිඳාණන් වහන්සේ වන මා විසින් ජරාවාස වූ තැන් ගොඩනඟන්නටත්, පාළු වූ ඉඩම් වවන්නටත් සලසන ලද බව දැනගනු ඇත. සමිඳාණන් වහන්සේ වන මම එය කීවෙමි, එය ඉටු කරන්නෙමි.”


ජෙරුසලම බලවත් ලෙස පව් කළ බැවින් ඈ අපිරිසිදු වී සිටින්නී ය. ඈට ගෞරව කළ සියල්ලෝ ම ඇගේ නග්නකම දුටු නිසා ඈ හෙළා දකිති. එසේ ය, ඈ සුසුම් ලා ඇගේ මුහුණ අන් අතකට හරවාගනියි.


ඔබට යාච්ඤා කරන කිසිවෙක් නැත. ඔබේ පිහිට සොයන කිසිවෙක් නැත; මන්ද, ඔබේ වත සඟවාගෙන අපේ පව් නිසා අපට අපරාධයන්ට ගොදුරු වීමට ඔබ ඉඩ හැර ඇත.


සමිඳාණන් වහන්සේ සිය සෙනඟ වෙතින් සැඟවී සිටින නමුත්, මම උන් වහන්සේ අදහා මාගේ බලාපොරොත්තුව උන් වහන්සේ කෙරෙහි තබමි.


එතුමාණෝ විජාතීන් අතට ඔවුන් පාවා දුන් සේක. ඔවුන්ට වෛර කළ අය ඔවුන් පාලනය කළෝ ය.


සමිඳුනි, ඔබේ කරුණාවෙන් ඔබ මා නොසැලෙන පව්වක් මෙන් තහවුරු කළ සේක. එහෙත්, ඔබ මා කෙරෙන් සැඟවුණ විට, මම කැළඹුණෙමි.


සමිඳාණන් වහන්ස, ඔබ ඈත් වී සිටින්නේ මන් ද? විපත් සමයේ කුමට සැඟවී සිටින සේක් ද?


එබැවින් සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල් සෙනඟට විරුද්ධ ව ඇවිළ, මෙසොපොතේමියේ රජ වූ කුෂාන්-රිෂාතයිම් අතට උන් වහන්සේ ඔවුන් පාවා දුන් සේක. ඉශ්රායෙල් සෙනඟ කුෂාන්-රිෂාතයිම්ට අට අවුරුද්දක් මෙහෙවර කළහ.


සමිඳාණන් වහන්සේගේ උදහස ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව ඇවිළී, උන් වහන්සේ ඔවුන් කොල්ලකාරයන් අතට පාවා දුන් සේක. ඔව්හු ද ඔවුන්ගෙන් කොල්ලකෑවෝ ය. තමන්ගේ සතුරන්ට විරුද්ධ ව සිටින්නට තවත් ඔවුන්ට නොහැකි වන ලෙස උන් වහන්සේ ඔවුන් වට කර සිටි සතුරන්ගේ අතට ඔවුන් පාවා දුන් සේක.


එසේ ඔබේ දුෂ්ටකම් ද ඔබ කළ පිළිකුල් ක්‍රියා ද සමිඳාණන් වහන්සේට තවත් ඉවසන්නට නොහැකි විය. එබැවින් ඔබේ දේශය අද තිබෙන හැටියට වැසියෙකු නැති ව, පාළු වී, සාප ලද්දක් ව තිබේ;


මාගේ මුහුණ ඔවුන් වෙතින් හරවාගනිමි. ඔවුන් මාගේ දේව මාලිගාව කෙලෙසනු ඇත. කොල්ලකාරයන් ද ඊට ඇතුල් වී එය කෙලෙසනු ඇත.


“ ‘එබැවින් මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශයට කතා කොට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලාගේ පියවරු මට විරුද්ධ ව ද්‍රෝහිකමක් කිරීමෙන් මෙසේ මට තවත් අපහාස කළෝ ය.


අපේ පියවරුන්ගේ කාලයේ පටන් අද දක්වා අප අතිශයින් වරදකාරයන් ව සිට, අපේ අපරාධ නිසා, අපි ද අපේ රජවරු ද අපේ පූජකයෝ ද අද දවසේ තිබෙන හැටියට විදේශවල රජවරුන් අතටත්, කඩුවටත්, වහල් කමටත්, කොල්ලකෑමටත්, විළිලජ්ජාවටත් පාවා දෙනු ලැබීමු. අද අපේ දුඃඛිත තත්ත්වය එය යි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්