Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 34:30 - Sinhala New Revised Version 2018

30 මෙසේ ඔවුන්ගේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මා ඔවුන් සමඟ වැඩසිටින බව ද ඉශ්රායෙල් ජාතිය වන ඔවුන් මාගේ සෙනඟ බව ද ඔව්හු දැනගන්නෝ ය. මෙසේ වදාරන්නේ දෙවි ස්වාමීන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 මෙසේ ඔවුන්ගේ මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මා ඔවුන් සමඟ වැඩසිටින බව ද ඉශ්රායෙල් ජාතිය වන ඔවුන් මාගේ සෙනඟ බව ද ඔව්හු දැනගන්නෝ ය. මෙසේ වදාරන්නේ දෙවි ස්වාමීන් වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

30 මෙසේ ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මා ඔවුන් සමඟ සිටින බවද ඉශ්‍රායෙල් වංශයවූ ඔවුන් මාගේ සෙනඟ බවද ඔව්හු දැනගන්නෝයයි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 34:30
11 හුවමාරු යොමු  

මම ඔවුන් සමඟ වැඩවසන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය.


සමිඳාණන් වහන්සේ වන මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. මාගේ සේවක දාවිත් ඔවුන් අතරේ අධිපතියා වන්නේ ය; සමිඳාණන් වහන්සේ වන මම එසේ කීමි.


මෙසේ වන්නේ, ඉශ්රායෙල් වංශය මා වෙතින් තවත් මුළා ව නොගොස්, තමන්ගේ සියලු අපරාධවලින් තවත් නොකෙලෙසී ඔවුන් මාගේ සෙනඟ වන පිණිසත්, මා ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන පිණිසත් ය. මෙසේ පවසන්නේ දෙවියන් වහන්සේ ය.”


සව් බලැති සමිඳාණෝ අප සමඟ ය; ජාකොබ්ගේ දෙවිඳාණෝ අපේ බලකොටුව ය.


සව් බලැති සමිඳාණෝ අප සමඟ ය. ජාකොබ්ගේ දෙවිඳාණෝ අපේ බලකොටුව ය.


මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.


“මෙන්න, කන්‍යාවක් ගැබ්ගෙන පුතෙකු බිහි කරන්නී ය; උන් වහන්සේට එම්මානුවෙල් යන නාමය තබනු ඇත,” යනු ය. ඒ නාමයේ අර්ථය නම්, “දෙවියන් වහන්සේ අප සමඟ ය” යනුයි.


මාගේ ගිවිසුම නුඹ සමඟ යළි පිහිටුවන්නෙමි. එවිට මා සමිඳාණන් වහන්සේ බව නුඹ දැනගන්නෙහි ය.


සමිඳාණන් දෙවිඳුන් බව දැනගන්න. අප මැව්වේ එතුමාණෝ ය; අපි එතුමාණන්ගේ ය, එතුමාණන්ගේ සෙනඟ ය. එතුමාණන්ගේ තණ බිම්වල බැටළුවෝ ය.


මා විසින් නුඹලාගේ පියවරුන්ට දෙන ලද දේශයෙහි නුඹලා වාසය කොට මාගේ ම සෙනඟ ව සිටිනු ඇත. මම ද නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්