දිවා රෑ දෙකේ දී ම ඔබ මට දඬුවම් කළ සේක; මාගේ ශක්තිය පහ ව ගියේ ය. ගිම්හානයේ දී නැති වන දියසීරාව මෙන් වියළී ගියේ ය.
එසකියෙල් 39:21 - Sinhala New Revised Version 2018 සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මම ද මාගේ තේජස විජාතීන් අතරෙහි පෙන්වන්නෙමි. සියලු විජාතීහු මා ඉටු කළ මාගේ විනිශ්චය සහ මා ඔවුන් කෙරෙහි දිගු කළ මාගේ බලවත් හස්තය දකින්නෝ ය. Sinhala New Revised Version සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මම ද මාගේ තේජස විජාතීන් අතරෙහි පෙන්වන්නෙමි. සියලු විජාතීහු මා ඉටු කළ මාගේ විනිශ්චය සහ මා ඔවුන් කෙරෙහි දිගු කළ මාගේ බලවත් හස්තය දකින්නෝ ය. Sinhala Revised Old Version මමද මාගේ තේජස ජාතීන් අතරෙහි පෙන්වන්නෙමි, සියලු ජාතීහු මා ඉෂ්ටකළ විනිශ්චය සහ මා ඔවුන් කෙරෙහි තැබූ මාගේ හස්තය දකින්නෝය. |
දිවා රෑ දෙකේ දී ම ඔබ මට දඬුවම් කළ සේක; මාගේ ශක්තිය පහ ව ගියේ ය. ගිම්හානයේ දී නැති වන දියසීරාව මෙන් වියළී ගියේ ය.
විජාතීන්ට දඬුවම් දෙන දෙවිඳාණෝ දඬුවම් නොදෙන සේක් ද? මිනිසාට නැණනුවණ දෙන සමිඳාණෝ මිනිස් සිතුවිලි නොදන්න සේක් ද?
මම පාරාවෝගේ සිත දැඩි කරමි. ඔහු ඔවුන් ලුහුබැඳ එනු ඇත. එහෙත්, පාරාවෝ සහ ඔහුගේ සියලු හමුදාවන් පරාජය කිරීමෙන් මම ගෞරවය සලසා ගනිමි. මෙයින් මා සමිඳාණන් වහන්සේ බව මිසර වාසීහු දැනගන්නෝ ය”යි වදාළ සේක. ඉශ්රායෙල් ජනතාව එලෙස ම කළහ.
එහෙත්, පාරාවෝ නුඹට සවන් නොදෙන්නේ ය. එවිට මම මිසරයෙහි මාගේ බාහු බලය පා, එහි වාසීන්ට දරුණු දඬුවම් දී, මාගේ සේනාවන් ද මාගේ සෙනඟ ද වන ඉශ්රායෙල් ජනයා මිසර දේශයෙන් පිටතට ගෙනෙන්නෙමි.
ඉන්ද්‍රජාලිකයන් පාරාවෝට කතා කොට, “මෙය දෙවියන් වහන්සේගේ ක්‍රියාවකි”යි කී නමුත් සමිඳාණන් වහන්සේ වදාළ පරිදි ඔහු තම සිත දැඩි කරගෙන ඔවුන් කී දේ සැලකුවේ නැත.
එහෙත්, ඔබට මාගේ බලපරාක්‍රමය පෙන්වන පිණිසත්, මාගේ නාමය මුළු ලෝකය පුරා ප්‍රකාශ වන පිණිසත් ඔබට ජීවත් වන්නට ඉඩ හැරියෙමි.
ඔවුන්ට දඬුවම් කිරීමට ඔබේ හස්තය එසවී ඇත. එහෙත්, ඔව්හු ඒ බව නොදනිති. සමිඳුනි, ඔවුන් ලජ්ජාවට පමුණුවා ඔවුන් දුකට පත් කළ මැනව. ඔබ අදහස් කළ දඬුවමින් ඔව්හු දුක් විඳිත් වා! ඔබේ සෙනඟට ඔබ කෙතරම් ප්‍රේම කරන සේක් දැ යි ඔවුන්ට පෙන්වුව මැනව.
දැන් ඉතින් අපේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබ පමණක් දෙවියන් වහන්සේ වන බව ලෝකයේ සියලු ජාතීන් දැනගන්න පිණිස අසිරියන්වරුන්ගේ අතින් අප ගැළෙව්ව මැනව!”
ජාතීන් අතරෙහි කෙලෙසී ඇති නුඹලා විසින් ඔවුන් අතරෙහි කෙලෙසනු ලැබූ මාගේ උදාර නාමය විශුද්ධ කරන්නෙමි. මා විශුද්ධ බව නුඹලා කරණකොටගෙන විජාතීන්ගේ ඇස් හමුයෙහි ප්‍රකාශ වන කල මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇතැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
නුඹ, දේශය වසාගන්න වලාකුළක් මෙන් මාගේ සෙනඟ වන ඉශ්රායෙල්ට විරුද්ධ ව නැඟී එනු ඇත. එය මතු දවස්වල දී සිදු වන්නේ ය. එම්බා ගොග් රජ! මා ශුද්ධ බව නුඹ කරණකොටගෙන විජාතීන්ගේ ඇස්වලට පෙනෙන කල ඔවුන් මා ඇඳිනගන්න පිණිස මම නුඹ, මාගේ දේශයට විරුද්ධ ව පමුණුවන්නෙමි.’
මෙසේ මම ශ්‍රේෂ්ඨත්වය ද විශුද්ධත්වය ද පෙන්වා, මා සමිඳාණන් වහන්සේ බව බොහෝ විජාතීන් දැනගන්න පිණිස ඔවුන් ඉදිරියෙහි ප්‍රකාශ වන්නෙමි.”
එසේය, දේශයේ සියලු සෙනඟ ඔවුන් වළලන්නෝ ය. එය වූ කලී මාගේ මහිමය ප්‍රකාශ වන සමයේ දී ඔවුන්ට කීර්තියක් වන්නේ යයි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.
නුඹලා මාගේ සෙනඟගේ ස්ත්‍රීන්, තමන් ප්‍රිය කරන ගෙවලින් පන්නා දමන්නහු ය. නුඹලා ඔවුන්ගේ බාල දරුවන්ගෙන් මාගේ මහිමය සදහට ම පහකළහු ය.
ඉර උදා වන තැන් පටන් ඉර බැස යන තැන් දක්වා සියලු ජාතීහු මාගේ නාමයට ගෞරව කරති. ඔව්හු සෑම තැන ම සුවඳ දුම් ද පිරිසිදු පූජා ද මට ඔප්පු කරති. සියලු ජාතීහු මාගේ නාමයට ගෞරව කරති’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.
මේ දේ නුඹලාගේ දෑසින් නුඹලා දකිනු ඇත. එවිට, ‘ඉශ්රායෙල් දේශයෙන් එපිටත් සමිඳාණන් වහන්සේ බලවත් ය’යි නුඹලා කියනු ඇත.”
එබැවින් ඔව්හු පණිවුඩ යවා, පිලිස්තිවරුන්ගේ සියලු අධිපතීන් රැස් කරවා, “ඉශ්රායෙල් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අප හා අපේ සෙනඟ විනාශ නොකරන පිණිස එය ස්වකීය ස්ථානයට ආපසු යවන්නැ”යි කී හ. එසේ කීවේ, නගරය මුළුල්ලේ මාරක කැළඹීමක් හටගත් නිසා ය; දෙවියන් වහන්සේගේ බාහු බලයෙන් එයට තදින් පහර වැදුණේ ය.
අෂ්දොද් වැසියෝ සිදු වූ දේ දැක, “ඉශ්රායෙල්හි දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව අප ළඟ නොතිබිය යුතු ය; මන්ද, උන් වහන්සේ සිය බාහු බලයෙන් අපටත්, අපේ දෙවියා වන දාගොන්ටත් තදින් දඬුවම් කරන සේකැ”යි කී හ.
ඉතින්, එය සිය දේශ සීමාවට යන මාර්ගයේ බෙත්-ෂෙමෙෂ්ට ගියොත්, මේ මහත් විපත්තිය අපට සිදු කෙළේ උන් වහන්සේ බව එයින් පෙනෙයි; එසේ නැත්නම්, අපට පහර දුන්නේ උන් වහන්සේ නොව, එය ඉබේ ම අපට පැමිණි දෙයක් බව අපට පෙනෙනු ඇතැ”යි කීවෝ ය.