Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 38:16 - Sinhala New Revised Version 2018

16 නුඹ, දේශය වසාගන්න වලාකුළක් මෙන් මාගේ සෙනඟ වන ඉශ්රායෙල්ට විරුද්ධ ව නැඟී එනු ඇත. එය මතු දවස්වල දී සිදු වන්නේ ය. එම්බා ගොග් රජ! මා ශුද්ධ බව නුඹ කරණකොටගෙන විජාතීන්ගේ ඇස්වලට පෙනෙන කල ඔවුන් මා ඇඳිනගන්න පිණිස මම නුඹ, මාගේ දේශයට විරුද්ධ ව පමුණුවන්නෙමි.’

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 නුඹ, දේශය වසාගන්න වලාකුළක් මෙන් මාගේ සෙනඟ වන ඉශ්රායෙල්ට විරුද්ධ ව නැඟී එනු ඇත. එය මතු දවස්වල දී සිදු වන්නේ ය. එම්බා ගොග් රජ! මා ශුද්ධ බව නුඹ කරණකොටගෙන විජාතීන්ගේ ඇස්වලට පෙනෙන කල ඔවුන් මා ඇඳිනගන්න පිණිස මම නුඹ, මාගේ දේශයට විරුද්ධ ව පමුණුවන්නෙමි.’

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 නුඹ දේශය වසාගැනීමට වලාකුළක් මෙන් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට විරුද්ධව නැගී එනවා ඇත; එය මතු දවස්වලදී සිදුවන්නේය. එම්බා ගොග්, මා ශුද්ධ බව නුඹ කරණකොටගෙන ජාතීන්ගේ ඇස්වලට පෙනෙන කල, ඔවුන් මා ඇඳිනගන්න පිණිස මම නුඹ මාගේ දේශයට විරුද්ධව පමුණුවන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 38:16
32 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මම ද මාගේ තේජස විජාතීන් අතරෙහි පෙන්වන්නෙමි. සියලු විජාතීහු මා ඉටු කළ මාගේ විනිශ්චය සහ මා ඔවුන් කෙරෙහි දිගු කළ මාගේ බලවත් හස්තය දකින්නෝ ය.


මෙසේ මම ශ්‍රේෂ්ඨත්වය ද විශුද්ධත්වය ද පෙන්වා, මා සමිඳාණන් වහන්සේ බව බොහෝ විජාතීන් දැනගන්න පිණිස ඔවුන් ඉදිරියෙහි ප්‍රකාශ වන්නෙමි.”


පසු කාලවල දී සමහරුන්, මුළා කරවන භූතයනටත්, දුෂ්ටාත්මයන්ගේ ගුරුකම්වලටත් සවන් දී, ඇදහිල්ලෙන් වැටී යනු ඇතැ යි ආත්මයාණෝ නිසැක ව ම කියති.


“මතු දවස, සමිඳුන්ගේ මාලිගාව පිහිටි කන්ද ඉතා ම උස කන්ද මෙන් ද සියලු කඳු හෙල්වලට වඩා ඉහළින් ද පිහිටුවනු ලබන්නේ ය. ජනයෝ එයට වැල නොකැඩී එන්නෝ ය.


ඉන්පසු ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ ද දාවිත් නම් තමන්ගේ රජු ද සොයා එන්නෝ ය. මතු කාලයේ දී ඔව්හු ගරුබිය ඇති ව සමිඳාණන් වහන්සේ වෙත පැමිණ, උන් වහන්සේගේ යහපත් දීමනා ලබන්නෝ ය.


ජාතීන් අතරෙහි කෙලෙසී ඇති නුඹලා විසින් ඔවුන් අතරෙහි කෙලෙසනු ලැබූ මාගේ උදාර නාමය විශුද්ධ කරන්නෙමි. මා විශුද්ධ බව නුඹලා කරණකොටගෙන විජාතීන්ගේ ඇස් හමුයෙහි ප්‍රකාශ වන කල මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇතැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.


මෙය හිතට ගන්න: අවසාන කාලයේ දී උවදුරු අවස්ථා ඇති වෙයි.


මතු කාලයේ දී සමිඳුන්ගේ දෙව් මැදුර පිහිටා ඇති කන්ද, උතුම් ලෙස ද සියලු කඳුවලට ඉහළින් තිබෙන ලෙස ද පිහිටුවනු ලබන්නේ ය. සියලු ජාතීහු එතැනට ගලා එන්නෝ ය.


එබැවින් අපේ දෙවියන් වහන්ස, ඔබ ම, ඔබ පමණක් ම, ස්වාමීන් වන දෙවියන් වහන්සේ බව පොළොවේ සියලු රාජ්‍ය දැනගන්න පිණිස ඔහුගේ අතින් අප ගැළෙව්ව මැනව”යි කී ය.


මාගේ මරණින් පසු ඔබ හැම සම්පූර්ණයෙන් ම දූෂ්‍ය වී මා නියම කළ මාර්ගයෙන් ඉවතට යන බව මම දනිමි. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දුෂ්ටකම් කර, ඔබේ ක්‍රියාවලින් උන් වහන්සේගේ කෝපය අවුස්සන බැවින් මතු කාලයේ දී ඔබ පිට මහා දුර්භාග්‍ය පැමිණෙනු ඇත.”


මම පාරාවෝගේ සිත දැඩි කරමි. ඔහු ඔවුන් ලුහුබැඳ එනු ඇත. එහෙත්, පාරාවෝ සහ ඔහුගේ සියලු හමුදාවන් පරාජය කිරීමෙන් මම ගෞරවය සලසා ගනිමි. මෙයින් මා සමිඳාණන් වහන්සේ බව මිසර වාසීහු දැනගන්නෝ ය”යි වදාළ සේක. ඉශ්රායෙල් ජනතාව එලෙස ම කළහ.


මා නුඹලාට දෙන දරුවන් නුඹලා දකින්නහු ය. එවිට මා, ඉශ්රායෙල්හි ශුද්ධ තැනැන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය. නුඹලා මට ගෞරව කොට මා කෙරෙහි ගරුබියෙන් සිටින්නහු ය.


ඔව්හු පොළොවේ සෑම දිශාවල ම පැතිර ගොස් සැදැහැවතුන්ගේ කඳවුර ද ප්‍රිය මනාප නුවර ද වටලාගත්හ. එවිට ස්වර්ගයෙන් ගිනි බැස අවුත් ඔවුන් වනසාදැමී ය.


එවිට මෝසෙස් ආරොන්ට කතා කොට, “සමිඳාණන් වහන්සේ වදාළ දේ මේ ය: ‘මට ළඟා වන්නන් මඟින් මාගේ ශුද්ධ බව පාන්නෙමි. සියලු ජනතාව අබිමුව මම මාගේ මහිමාලංකාරය දක්වන්නෙමි’ ”කීවේ ය. ආරොන් ද නිහඬ විය.


එහෙත්, සව් බලැති සමිඳාණෝ යුක්තිය ඉටු කරමින් තමන්ගේ ශ්‍රේෂ්ඨකම ද විනිශ්චයයේ සාධාරණත්වයෙන් තමන්ගේ ශුද්ධවන්තකම ද එළිදරව් කරන සේක.


සියලු බලැති සමිඳාණන් වහන්සේ වන මා ශුද්ධ තැනැන් වහන්සේ බව මතක තබාගන්න. නුඹ භය විය යුත්තේ මට පමණකි.


දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එම්බා සීදොන්, මම නුඹට විරුද්ධ වෙමි; නුඹ මැද මාගේ තේජස ප්‍රකාශ කරමි. මා ඈ කෙරෙහි විනිශ්චයයන් ඉෂ්ට කොට, මා පිරිසිදු බව ඒ කරණකොටගෙන දැක්වූ කල, මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇත.


මාගේ ශුද්ධ නාමය තවත් කෙලෙසන්න ඉඩනෑර, මම මාගේ ශුද්ධ නාමය මාගේ සෙනඟ වන ඉශ්රායෙල්වරුන් අතරෙහි ප්‍රකාශ කරන්නෙමි. විජාතීන් ද සමිඳාණන් වහන්සේ වන මා ඉශ්රායෙල්වරුන් අතරෙහි ශුද්ධ ව සිටින බව දැනගනු ඇත.”


ඔවුන් කිසිවෙකුට බිය නොවී, තමන්ගේ රටෙහි සුව සේ වාසය කරන විට, ඔවුන් තමන්ගේ ලජ්ජාවත්, ඔවුන් මට විරුද්ධ ව කළ තමන්ගේ සියලු ද්‍රෝහිකමත් අමතක කරනු ඇත.


එම්බා අවටින් සිටින සකල ජනයෙනි! කඩිනමින් පැමිණෙන්න; එහි රැස් වන්න.” සමිඳුනි, ඔබේ බලවත් සේනාවන් එවන්න.


මෙසේ මා පාරාවෝ ද ඔහුගේ යුද්ධ රථ ද අසරුවන් ද ජයගෙන කීර්තිය ලැබූ පසු මා සමිඳාණන් වහන්සේ බව මිසර වාසීහු දැනගන්නෝ ය.”


මා ජනයන් අතරෙන් නුඹලා පිටතට පමුණුවා, නුඹලා විසිරී සිටින දේශවලින් රැස් කළ කල්හි, මිහිරි සුවඳක් කොට නුඹලා පිළිගෙන, නුඹලා මඟින් විජාතීන් ඉදිරියෙහි මා ශුද්ධවන්ත බව පෙන්වන්නෙමි.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්