සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒදොම් භීතියට හේතුවක් වන්නේ ය. ඒ අසලින් යන සියල්ලෝ විස්මයට පත් වී ඊට පැමිණ තිබෙන විපත්ති ගැන දොඩන්නෝ ය.
එසකියෙල් 35:7 - Sinhala New Revised Version 2018 මම සේයිර් කන්ද පාළුවක් ද නාස්තියක් ද කොට, එහි යන එන කෙනෙකු නැති ව තිබෙන්න සලස්වන්නෙමි. Sinhala New Revised Version මම සේයිර් කන්ද පාළුවක් ද නාස්තියක් ද කොට, එහි යන එන කෙනෙකු නැති ව තිබෙන්න සලස්වන්නෙමි. Sinhala Revised Old Version මම සේයිර් කන්ද පාළුවක්ද නාස්තියක්ද කොට, එහි යන එන කෙනෙක් නැතුව තිබෙන්ට සලස්වන්නෙමි. |
සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒදොම් භීතියට හේතුවක් වන්නේ ය. ඒ අසලින් යන සියල්ලෝ විස්මයට පත් වී ඊට පැමිණ තිබෙන විපත්ති ගැන දොඩන්නෝ ය.
මිනිසෙකු වත්, මෘගයෙකු වත් එහි සැරිසරන්නේ නැත. එය සතළිස් අවුරුද්දක් වැසියන් නැති ව තිබෙන්නේ ය.
මම දේශය පාළුවක් ද නාස්තියක් ද කරන්නෙමි. ඇගේ ශක්තිය කෙරෙහි අභිමානය අවසාන වන්නේ ය; ඉශ්රායෙල් කඳුවලට කිසිවෙකු යාමට වුවමනා නොවන ලෙස ඒවා පාළු වන්නේ ය.
මෙසේ කියන්න. ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. එම්බා සේයිර් කන්ද, බලන්න, මම නුඹට විරුද්ධ ව, මාගේ අත නුඹට දිගු කොට, නුඹ පාළුවක් ද නාස්තියක් ද කරන්නෙමි.
මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම මෙසේ වදාරන්නෙමි: මම නුඹ මරණයට සූදානම් කරන්නෙමි; මරණය නුඹ ලුහුබැඳ එන්නේ ය. නුඹ මිනී මැරීමට විරුද්ධ නොවූ බැවින් මරණය නුඹ ලුහුබැඳ එන්නේ ය.
මැරුම් කන අයගේ මළකඳන්වලින් නුඹේ කඳු පුරවන්නෙමි. නුඹේ හෙල්වල ද නුඹේ මිටියාවත්වල ද නුඹේ සියලු දෙණිවල ද කඩුවෙන් මැරුම් කන අය වැටෙනු ඇත.
මම නුඹ සදහට ම පාළුවක් කරන්නෙමි. නුඹේ නගරවල ද වැසියෝ නොසිටින්නෝ ය. මෙසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.
ඒසව්ට ද්වේෂ කෙළෙමි. මම ඒසව්ගේ කඳුකර පළාත විනාශ කොට, ඔහුගේ උරුමය, වන මෘගයන්ගේ වාසස්ථානයක් කෙළෙමි”යි වදාළ සේක.