ස්වර්ගයෙනි, ගී ගයන්න; පොළොවේ ගැඹුරු තැන්, හඬ නඟන්න. කඳු ද වනය ද එහි සියලු දේ ද ප්‍රීති ශබ්ද නඟන්න. මන්ද, සමිඳාණෝ, ඉශ්රායෙල් නම් සිය සෙනඟ ගළවාගෙන, සිය මහිමතාව ප්‍රකාශ කළ සේක.
එසකියෙල් 35:14 - Sinhala New Revised Version 2018 මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මුළු පොළොවට ප්‍රීතියක් වන ලෙස මම නුඹ පාළුවක් කරවන්නෙමි. Sinhala New Revised Version මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මුළු පොළොවට ප්‍රීතියක් වන ලෙස මම නුඹ පාළුවක් කරවන්නෙමි. Sinhala Revised Old Version ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මුළු පොළොව ප්‍රීතිවන අතර නුඹ පාළුවක් කරවන්නෙමි. |
ස්වර්ගයෙනි, ගී ගයන්න; පොළොවේ ගැඹුරු තැන්, හඬ නඟන්න. කඳු ද වනය ද එහි සියලු දේ ද ප්‍රීති ශබ්ද නඟන්න. මන්ද, සමිඳාණෝ, ඉශ්රායෙල් නම් සිය සෙනඟ ගළවාගෙන, සිය මහිමතාව ප්‍රකාශ කළ සේක.
සගලෝ ගී ගයා වා! පොළොව ප්‍රීති වේ වා! කඳු ප්‍රීතියෙන් පිනා යේ වා! මන්ද, සමිඳාණෝ සිය සෙනඟ සනසන සේක; දුක් විඳින සෙනඟට අනුකම්පා කරන සේක.
එවිට ස්වර්ගය ද පොළොව ද එහි සිටින සියල්ලෝ ද බබිලෝනිය ගැන ප්‍රීතියෙන් ගී ගයන්නෝ ය. මන්ද, බබිලෝනිය විනාශ කරන්නට උතුරෙන් සතුරා පැමිණෙයි. ඈ අසුවන්නී ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.