ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 35:11 - Sinhala New Revised Version 2018

මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම මෙසේ වදාරන්නෙමි: ඔවුන් කෙරෙහි තිබෙන නුඹේ වෛරයෙන් නුඹ මවා පෑවා වූ නුඹේ උදහසේ හැටියටත්, නුඹේ ඊර්ෂ්‍යාවේ හැටියටත් මම නුඹට දඬුවම් කරන්නෙමි. මා නුඹ විනිශ්චය කරන කල නුඹලා අතරෙහි මම ප්‍රකාශ වන්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මාගේ ජීවමාන නාමයෙන් දිවුරා මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වන මම මෙසේ වදාරන්නෙමි: ඔවුන් කෙරෙහි තිබෙන නුඹේ වෛරයෙන් නුඹ මවා පෑවා වූ නුඹේ උදහසේ හැටියටත්, නුඹේ ඊර්ෂ්‍යාවේ හැටියටත් මම නුඹට දඬුවම් කරන්නෙමි. මා නුඹ විනිශ්චය කරන කල නුඹලා අතරෙහි මම ප්‍රකාශ වන්නෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මා ජීවමාන බව සැබෑවා සේම මෙසේ කියමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. ඔවුන් කෙරෙහි තිබෙන නුඹේ වෛරයෙන් නුඹ පෑවාවූ නුඹේ උදහසේ හැටියටත් නුඹේ ඊර්ෂ්‍යාවේ හැටියටත් මම නුඹට කරන්නෙමි; මා නුඹ විනිශ්චයකරන කල ඔවුන් අතරෙහි ප්‍රකාශවන්නෙමි.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 35:11
8 හුවමාරු යොමු  

සමිඳුනි, ජෙරුසලම වැටුණ දවසේ දී, ‘බිඳ හෙළව්, බිඳ හෙළව්’ කියමින් ඒදොම් වැසියන් කළ දේ ඔවුන්ට විරුද්ධ ව සිහිකළ මැනව.


සමිඳාණෝ යුක්තිය ඉටු කොට ප්‍රකාශ වූ සේක. කුදිටු දනෝ තමන් හෙළන උපා දැලේ පැටලී සිටිති.


මාගේ සෙනඟ වන ඉශ්රායෙල් ලවා ඒදොම් වැසියන්ගෙන් මම පළිගන්නෙමි. ඔවුන් මාගේ උදහසේ ද මාගේ කෝපයේ ද ප්‍රකාරයට ඒදොම්ට කරනු ඇත. ඔවුන් මාගේ පළිගැනීම දැනගනු ඇත. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒදොම්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් නිර්දය ලෙස ඔවුන්ගේ සහෝදරයන් වන ඉශ්රායෙල්වරුන්ට කඩුවෙන් පහර දුන් නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් දෙමි. ඔවුන්ගේ ක්‍රෝධය දිළිහි දිළිහී ද උදහස පැසව පැසවා ද පැවතිණි.


“සියලු ජාතීන්ට විරුද්ධ ව එන සමිඳාණන් වහන්සේගේ දවස ළං වී තිබේ. නුඹ කර තිබෙන හැටියට ම නුඹටත් කරනු ලැබේ. නුඹ අනුන්ට කළ දේ නුඹටත් පල දේ.


ඔබ දෙන විනිශ්චයයෙන් ම ඔබත් විනිශ්චය කරනු ලබන්නෙහි ය. ඔබ මනින මිම්මෙන් ම ඔබටත් මැන දෙනු ලැබේ.


දයාව නොපෙන්වූ තැනැත්තාට දයා විරහිත විනිශ්චයක් පැමිණෙන්නේ ය. දයාව, විනිශ්චය පසුබා ජය ගනී.