ඉශ්රායෙල්වරුනි, නුඹලා බොහෝ දේ දැක ඇතත් තේරුම් ගෙන නැත. නුඹලාගේ කන් ඇරී ඇතත් නුඹලා සවන් දී නැත.”
එසකියෙල් 33:32 - Sinhala New Revised Version 2018 නුඹ වනාහි මිහිරි කටහඬක් ඇති, හොඳින් වාදනය කරන පෙම් ගී ගයන්නෙකු වැනි ය. මක්නිසා ද ඔව්හු නුඹේ වචන අසති; එහෙත් ඒවා නොපිළිපදිති. Sinhala New Revised Version නුඹ වනාහි මිහිරි කටහඬක් ඇති, හොඳින් වාදනය කරන පෙම් ගී ගයන්නෙකු වැනි ය. මක්නිසා ද ඔව්හු නුඹේ වචන අසති; එහෙත් ඒවා නොපිළිපදිති. Sinhala Revised Old Version නුඹ වනාහි මිහිරි හඬක් ඇත්තාවූ හොඳට ගායනා කරන කෙනෙකුගේ ප්‍රේම ගීයක් මෙන් ඔවුන්ට සිටියි. මක්නිසාද ඔව්හු නුඹේ වචන අසති, නුමුත් ඒවා නොපවත්වා සිටිති. |
ඉශ්රායෙල්වරුනි, නුඹලා බොහෝ දේ දැක ඇතත් තේරුම් ගෙන නැත. නුඹලාගේ කන් ඇරී ඇතත් නුඹලා සවන් දී නැත.”
එය මම අද ඔබට දැන්වූයෙමි. එහෙත්, ඔබේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට වත්, උන් වහන්සේ මා ලවා ඔබට කියා එවූ කිසිවකට වත් ඔබ කීකරු වුණේ නැත.
එකල්හි ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන්ගෙන් සමහරු මා ළඟට අවුත් මා ඉදිරියෙහි හිඳ ගත්තෝ ය.
මන්ද, ජොහන් සත්ගුණවත් දැහැමි මිනිසෙකු බව හෙරොද් දැන, ඔහුට බිය ව, ඔහු ආරක්ෂා කළ හෙයිනි. තවද, ඔහුගේ බස් අසා හෙරොද් බොහෝ වියවුල් වුව ද සන්තෝෂයෙන් ඔහුට කන් දුන්නේ ය.
ජොහන් වනාහි, දිළෙන, බැබළෙන පහනක් විය. ඔබ කලක් ඔහුගේ ආලෝකයෙහි ප්‍රමුදිත වන්නට කැමැති වූවහු ය.