Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 5:35 - Sinhala New Revised Version 2018

35 ජොහන් වනාහි, දිළෙන, බැබළෙන පහනක් විය. ඔබ කලක් ඔහුගේ ආලෝකයෙහි ප්‍රමුදිත වන්නට කැමැති වූවහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 ජොහන් වනාහි, දිළෙන, බැබළෙන පහනක් විය. ඔබ කලක් ඔහුගේ ආලෝකයෙහි ප්‍රමුදිත වන්නට කැමැති වූවහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

35 යොහන් ඇවිළෙන, බැබළෙන පහනක්ව සිටි සමයේ ඔබත් කලක් ඔහුගේ එළියෙන් ප්‍රමෝද වූවහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

35 ඔහු ඇවිළෙන්නාවූ බබළන්නාවූ පහනව සිටියේය. නුඹලාද කාලයක් ඔහුගේ එළියෙහි ප්‍රීතිමත්වන්ට කැමැතිව සිටියහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 5:35
18 හුවමාරු යොමු  

ඒ නිසා දිවැසිවරුන් ප්‍රකාශ කළ පණිවුඩය වඩාත් ස්ථිර ලෙස අප සතු ව ඇත. ඔබේ අවධානය ඊට යොමු කිරීම යෙහෙකි. මන්ද, එය අලුයම පැමිණ, පහන් තරුව ඔබගේ සිත්හි උදා වන තුරු, අඳුරු තැනක බබළන පහනක් මෙනි.


සැබැවින් ම මම ඔබට කියමි, මුළු මිනිස් සංහතිය තුළ ජොහන්ට වඩා උතුම් කෙනෙක් පහළ නො වී ය. එහෙත් ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු තැනැත්තේ වුව ද, ඔහුට වඩා උතුම් ය.


මේ නිසා එවක් පටන් උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබට වී, තවත් උන් වහන්සේ අනුව නොගියහ.


මුළු මිනිස් සංහතිය තුළ ජොහන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක් නැතැ යි මම ඔබට කියමි. එහෙත් දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි ඉතා සුළු තැනැත්තේ වුව ද ඔහුට වඩා ශ්‍රේෂ්ඨය”යි වදාළ සේක.


මන්ද, ජොහන් සත්ගුණවත් දැහැමි මිනිසෙකු බව හෙරොද් දැන, ඔහුට බිය ව, ඔහු ආරක්ෂා කළ හෙයිනි. තවද, ඔහුගේ බස් අසා හෙරොද් බොහෝ වියවුල් වුව ද සන්තෝෂයෙන් ඔහුට කන් දුන්නේ ය.


‘මනුෂ්‍යයන්ගෙන් ය’යි කීවොත්, ජොහන් දිවැසිවරයෙකු බව සියලු දෙනාම පිළිගෙන ඇති හෙයින් සමූහයාට මුහුණ දීමට අපට නො හැකිවනු ඇත” යනුවෙන් තම තමන් අතර තර්ක කරමින් සිට, බියෙන්, “අපි නොදනිමු”යි ජේසුස් වහන්සේට උත්තර දුන්හ.


එසේ ඔව්හු සෙනඟක් එන්නාක් මෙන් නුඹ ළඟට අවුත්, මාගේ සෙනඟ මෙන් නුඹ ඉදිරියෙහි හිඳගෙන නුඹේ වචන අසති. එහෙත්, ඔව්හු ඒවා නොපිළිපදිති, මක්නිසා ද, තමන්ගේ වචනයකින් ඔව්හු බොහෝ ආදරය පෙන්වති; එහෙත්, ඔවුන්ගේ සිතින් ඔව්හු සිය ලාභය සොයති.


එහෙත්, ශෙරුයාගේ පුත් අබිෂයි රජුට සහාය වී පිලිස්තියයාට පහර දී ඔහු මැරුවේ ය. එවිට දාවිත්ගේ සෙනඟ, “ඉශ්රායෙල්වරුන්ගේ පහන වැනි බලාපොරොත්තුව වන ඔබ, නො‍නිවෙන පිණිස තවත් අප සමඟ යුද්ධයට නො‍යා යුතු ය”යි දිවුරුම් දී දාවිත්ට කියා සිටියෝ ය.


එවිට මුළු ජුදා රට ද ජෙරුසලම් පුරවැසියෝ ද ඔහු වෙත රැස් වී, පාපෝච්චාරණය කරමින් ඔහුගෙන් ජොර්දාන් ගඟෙහි බව්තීස්ම-ස්නාපනය ලැබූ හ.


ඉශ්රායෙල් සෙනඟ මෝසෙස්ගේ මුහුණ දෙස බැලූ කල ඔහුගේ මුහුණ බැබළෙමින් තිබුණ බව දුටහ. ඔහු සමිඳාණන් වහන්සේ සමඟ කතා කරන්න ආපසු යන තෙක් තම මුහුණ වැස්මෙන් වසාගත්තේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්