එසකියෙල් 27:25 - Sinhala New Revised Version 2018 නුඹේ වෙළෙඳ බඩු ගෙන ගියේ තර්ෂිෂ්හි නැව්වලින් ය. මුහුද මැද නුඹ බඩුබාහිරාදියෙන් පිරී සිටියෙහි ය. Sinhala New Revised Version නුඹේ වෙළෙඳ බඩු ගෙන ගියේ තර්ෂිෂ්හි නැව්වලින් ය. මුහුද මැද නුඹ බඩුබාහිරාදියෙන් පිරී සිටියෙහි ය. Sinhala Revised Old Version නුඹේ වෙළඳාම් බඩු ගෙනගියේ තර්ෂිෂ්හි නැව්වලින්ය. නුඹ පිරී, මුහුද මැද ඉතා කීර්තිමත්ව සිටියෙහිය. |
මන්ද, මුහුදු යාත්‍රා කරන හීරාම්ගේ නැව් කණ්ඩායම සමඟ වෙළෙඳ නැව් කණ්ඩායමක් රජුට විය. ඒ වෙළෙඳ නැව්වලින් රන් ද රිදී ද ඇත් දත් ද වඳුරන් හා රිළවුන් ද තුන් අවුරුද්දකට වරක් ගෙනාවේ ය.
මුහුදුබඩ වසන්නෝ මාගේ පැමිණීම බලා සිටිති. නැව් තර්ෂිෂ්හි සිට පැමිණෙනු ඇත. දුර සිට නුඹේ පුත්‍රයන් ද ඔවුන් සමඟ රන් රිදී ද ඒ නැව් ගෙනෙනු ඇත. නුඹේ දෙවි සමිඳුන්ට එනම්, ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේට ගරු කරන පිණිස ඒ නැව් පැමිණෙයි. මන්ද, එතුමාණන් නුඹ මහිමයට පත් කර තිබෙන බැවිනි.
ඔව්හු නුඹ සමඟ ඉතා අලංකාර වස්ත්‍ර ද නිල් සහ විසිතුරු සළු ද නොයෙක් පාට ඇති බුමුතුරුණු ද ලණුවලින් වෙළූ කිහිරි ලී පෙට්ටි ද නුඹේ වෙළෙඳාම් පොළෙහි වෙළෙඳාම් කළෝ ය.