ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 20:21 - Sinhala New Revised Version 2018

“ ‘එහෙත් ඒ පරම්පරාව මට විරුද්ධ ව කැරලි ගසා, මාගේ ආඥා අනුගමනය නොකර, මිනිසුන්ට ජීවනය ගෙන දෙන ආඥාවන් අනුව නොහැසිර මාගේ සබත් දින කෙලෙසුවෝ ය. එවිට මම පාළුකරයේ දී මාගේ කෝපය ඔවුන් පිට වගුරුවා මාගේ උදහස ඔවුන් කෙරෙහි පමුණුවන්නට සිතුවෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“ ‘එහෙත් ඒ පරම්පරාව මට විරුද්ධ ව කැරලි ගසා, මාගේ ආඥා අනුගමනය නොකර, මිනිසුන්ට ජීවනය ගෙන දෙන ආඥාවන් අනුව නොහැසිර මාගේ සබත් දින කෙලෙසුවෝ ය. එවිට මම පාළුකරයේ දී මාගේ කෝපය ඔවුන් පිට වගුරුවා මාගේ උදහස ඔවුන් කෙරෙහි පමුණුවන්නට සිතුවෙමි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත් දරුවෝ මට විරුද්ධව කැරළිගසා, මාගේ පනත් ප්‍රකාර නොහැසිර, මනුෂ්‍යයෙක් ජීවත්වෙන පිණිස ඔහු විසින් පවත්වන්ට ඕනෑවූ මාගේ විනිශ්චයන් ඉෂ්ටකරන ලෙස ඒවා නොපවත්වා, මාගේ සබත් කෙලෙසුවෝය. එවිට මම කාන්තාරයේදී මාගේ කෝපය ඔවුන් පිටට වගුරුවා මාගේ උදහස ඔවුන් කෙරෙහි ඉෂ්ටකරන්ට සිතුවෙමි.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 20:21
22 හුවමාරු යොමු  

“ඔබ ගොස් මා උදෙසාත්, ඉශ්රායෙල්වරුන්ගෙන් ද ජුදාවරුන්ගෙන් ද ඉතුරු ව සිටින්නන් උදෙසාත් සම්භ වූ පොතේ වචන ගැන සමිඳාණන් වහන්සේගෙන් විමසන්න. මන්ද, මේ පොතෙහි ලියා තිබෙන සියල්ලේ හැටියට කරන ලෙස අපේ පියවරුන් සමිඳාණන් වහන්සේගේ වචනය රක්ෂා නොකළ බැවින්, අප පිට වගුරුවා තිබෙන උන් වහන්සේගේ උදහස මහත් ය”යි කීවේ ය.


ඔවුන් මා අත්හැර තමන්ගේ සියලු හස්ත කර්මාන්තවලින් මා කෝප කරවන හැටියට වෙන දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කළ බැවින්, මාගේ උදහස මේ දේශය පිට වගුරුවා තිබේ. එය නිවෙන්නේ නැත.’


ඔව්හු දෙවිඳුන් සමඟ වූ ගිවිසුම ඉටු නොකළෝ ය. එතුමාණන්ගේ නීතිය අනුව හැසිරීමට එකඟ නොවූවෝ ය.


ඔව්හු ද ඇතුළු වී ඒ දේශය හිමි කරගත්හ. එහෙත්, ඔවුන් ඔබේ හඬට කීකරු වුණේ වත්, අණපනත් අනුව හැසුරුණේ වත්, ඔවුන්ට කරන්නට ඔබ අණ කල සියල්ල කෙළේ වත් නැත. ඒ නිසා ඔබ මේ සියලු විපත්ති ඔවුන් පිට පැමිණෙවූ සේක.


සමිඳාණෝ තම කෝපය නොවළක්වා තමන්ගේ බලවත් උදහස වැගිරෙවු සේක. සියොන්හි ගින්නක් ඇවිළු සේක. එයින් එහි අත්තිවාරම් දැවී ගියේ ය.


“මෙසේ මාගේ කෝපය තාප්පය පිටත්, එහි පදම් නොකළ බදාම ගෑ අය පිටත් වගුරුවා, ‘තාප්පය නැත, එහි බදාම ගෑවා වූ අයත් නැතැ’යි නුඹලාට කියන්නෙමි.


මාගේ ආඥා ඔවුන්ට දී මාගේ පනත් ඔවුන්ට දැන්වීමි. එසේ කෙළේ, ඒවා අනුගමනය කිරීමෙන් මිනිසුන්ට ජීවනය ලැබෙන පිණිස ය.


එහෙත්, ඉශ්රායෙල් වංශය කාන්තාරයේ දී මට විරුද්ධ ව කැරලිගසා, මාගේ ආඥා අනුව නොහැසිර, මාගේ පනත් ප්‍රතික්ෂේප කළෝ ය. ඒවා ප්‍රතික්ෂේප නොකර, ඒවා පිළිපැදීමෙන් මිනිසුන්ට ජීවනය ලැබෙනු ඇත. ඔව්හු මාගේ සබත් දවස් ද බොහෝ සෙයින් කෙලෙසුවෝ ය. එවිට ඔවුන් නැති කර දැමීමට කාන්තාරයේ දී මාගේ කෝපය ඔවුන් පිට වගුරුවන්නට සිතුවෙමි.


මිසර දේශයේ පාළුකරයේ දී මම නුඹලාගේ පියවරුන් විනිශ්චය කළාක් මෙන් නුඹලා ද විනිශ්චයට පමුණුවන්නෙමි”යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.


එහෙත් ඔව්හු මට සවන් දෙන්න කැමැති නොවී මට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය. ඔවුන් තම තමන්ගේ ඇස්වලට ප්‍රිය වූ අවකල්ක්‍රියා පහකරදැමුවේ වත්, මිසරයේ දේව රූප අත්හැරියේ වත් නැත. ඒ නිසා මම මිසර දේශයේ දී මාගේ කෝපය ඔවුන් පිට වගුරුවා මාගේ උදහස ඔවුන් කෙරෙහි පමුණුවන්නට සිතුවෙමි.


මාගේ උදහස නුඹලා පිට වගුරුවා, මාගේ කෝපාග්නිය නුඹලා පිට පිඹ, රෞද්‍ර විනාශ කිරීමට දක්ෂ මනුෂ්‍යයන් අතට නුඹලා පාවා දෙන්නෙමි.


නුඹ මාගේ ශුද්ධ දේ හෙළා දැක මාගේ සබත් දවස් කෙලෙසුවෙහි ය.


“දැන් ඉක්මනින් මාගේ කෝපය නුඹලා පිට වගුරුවා, මාගේ උදහස නුඹලා කෙරෙහි පමුණුවන්නෙමි. නුඹලාගේ කල්ක්‍රියාව අනුව නුඹලා විනිශ්චය කොට, නුඹලාගේ සියලු පිළිකුල් ක්‍රියා අනුව නුඹලාට දඬුවම් කරන්නෙමි.


සෙනඟ දෙවියන් වහන්සේට සහ මෝසෙස්ට විරුද්ධ ව කතා කරමින්, “මේ පාළුකරයේ අප මැරෙන්නට ඇරීමට ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන් ද? අපට කන්නත් නැත, බොන්නත් නැත. අපට ලැබෙන මේ සිල්ලර කෑම අපට දැන් තිත්ත වී ඇතැ”යි පැවසූ හ.


උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ යහපත ගැන මාගෙන් විචාරන්නේ මන් ද? යහපත් ව සිටින්නේ එක ම එක කෙනෙකි. එහෙත්, ඔබ ජීවනයට ඇතුළු වන්න කැමැත්තෙහි නම් ආඥා පිළිපදින්නැ”යි ඔහුට වදාළ සේක.


උන් වහන්සේ හතළිස් අවුරුද්දක් පමණ කාලයක් පාළුකරයෙහි ඔවුන්ගේ හැසිරීම ගැන ඉවසිල්ලෙන් සිටි සේක.


මම ඔබේ කැරලිකාරකමත්, මුරණ්ඩුකමත් දනිමි. මා අද ජීවත් ව සිටිය දී ම සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ඔබ කැරලිගසන්නහු නම්, මාගේ මරණයෙන් පසු කොපමණ වැඩියෙන් එසේ නොකරන්නහු ද?


“ඔබ ගොස් දෙවියන් වහන්සේගේ උදහස නමැති පාත්‍ර සත පොළොව පිට වගුරුවන්නැ”යි දේව දූතයන් සත් දෙනාට කියන මහ හඬක් දේව මාලිගාවෙන් මට ඇසිණි.