Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 19:17 - Sinhala New Revised Version 2018

17 උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ යහපත ගැන මාගෙන් විචාරන්නේ මන් ද? යහපත් ව සිටින්නේ එක ම එක කෙනෙකි. එහෙත්, ඔබ ජීවනයට ඇතුළු වන්න කැමැත්තෙහි නම් ආඥා පිළිපදින්නැ”යි ඔහුට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 උන් වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ යහපත ගැන මාගෙන් විචාරන්නේ මන් ද? යහපත් ව සිටින්නේ එක ම එක කෙනෙකි. එහෙත්, ඔබ ජීවනයට ඇතුළු වන්න කැමැත්තෙහි නම් ආඥා පිළිපදින්නැ”යි ඔහුට වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

17 යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “යහපත කවරේදැයි මගෙන් අහන්නේ ඇයි? යහපත්ව සිටින්නේ එක් තැනැත්තාණන් කෙනකු පමණි. ජීවනයට ඇතුළු වීමට වුවමනා නම්, ආඥා පිළිපදින්නැ” යි කී සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 උන්වහන්සේද: නුඹ යහපත ගැන මාගෙන් විචාරන්නේ මක්නිසාද? යහපත්ව සිටින්නේ එක්කෙනෙක්මය. නුමුත් නුඹ ජීවනයට ඇතුල්වෙන්ට කැමැත්තෙහි නම් ආඥාවන් පවත්වන්නැයි ඔහුට කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 19:17
14 හුවමාරු යොමු  

මාගේ නීති හා විනිශ්චයයන් නුඹලා පිළිපැදිය යුතු ය. යමෙක් ඒවා ඉටු කරන්නේ ද ඔහු ඒ මඟින් ජීවත් වනු ඇත. මම සමිඳාණන් වහන්සේ වෙමි.


ව්‍යවස්ථාව පිළිපැදීමෙන් ඇති වන දමිටු බව පිළිබඳ ව මෝසෙස් මෙසේ ලියා ඇත: “ව්‍යවස්ථාව පිළිපදින තැනැත්තා එයින් ජීවත් වන්නේ ය.”


සමිඳුන් මෙන් සුවිශුද්ධ අන් කෙනෙක් නැත; ඔබ හැර අන් දෙවි කෙනෙක් ඇත්තේ ම නැත; අපේ දෙවිඳුන්ට සම වන සරණක් නැත.


මෙසේ අප කෙරෙහි ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය දැන හැඳින අපි එය විශ්වාස කර සිටිමු. දෙවියන් වහන්සේ ප්‍රේමය ය. ප්‍රේමයෙහි ජීවත් වන්නා උන් වහන්සේ තුළ ජීවත් වෙයි. දෙවියන් වහන්සේ ද ඔහු තුළ ජීවත් වන සේක.


“ ‘එහෙත් ඒ පරම්පරාව මට විරුද්ධ ව කැරලි ගසා, මාගේ ආඥා අනුගමනය නොකර, මිනිසුන්ට ජීවනය ගෙන දෙන ආඥාවන් අනුව නොහැසිර මාගේ සබත් දින කෙලෙසුවෝ ය. එවිට මම පාළුකරයේ දී මාගේ කෝපය ඔවුන් පිට වගුරුවා මාගේ උදහස ඔවුන් කෙරෙහි පමුණුවන්නට සිතුවෙමි.


ඔබේ ව්‍යවස්ථාවට ඔවුන් හරවා ගන්නට ඔබ ඔවුන්ට අවවාද කළ සේක. එහෙත්, ඔව්හු උඩඟුකම් කර, ඔබේ ආඥාවලට සවන් නො දී, මනුෂ්‍යයා ජීවත් වන පිණිස ඔහු කළ යුතු ඔබේ විනිශ්චයයන්ට විරුද්ධ ව පව් කොට දරදඬු වී, හිතුවක්කාරකමින් සවන් නො දී සිටියෝ ය.


සෑම යහපත් දීමනා ද සියලු අගනා ත්‍යාග ද නොවෙනස් වන සුලු, පහ ව යන බවට ඡායා මාත්‍රයකුදු නැති ආලෝකයේ පියාණන් වහන්සේ කෙරෙන් ඉහළින් බැස එන්නේ ය.


එම්බා බලවන්තය! ඔබේ දුෂ්ටකම ගැන පාරට්ටු කරගන්නේ මන් ද? දෙවියන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය.


ඔබ යහපත් ය; යහපත කරන සේක. ඔබේ පනත් මට ඉගැන්නුව මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්