ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 10:5 - Sinhala New Revised Version 2018

කෙරුබ්වරුන්ගේ පියාපත්වල ශබ්දය ද සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ කතා කරන හඬ මෙන් පිටත මළුව දක්වා ඇසුණේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

කෙරුබ්වරුන්ගේ පියාපත්වල ශබ්දය ද සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ කතා කරන හඬ මෙන් පිටත මළුව දක්වා ඇසුණේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

කෙරුබ්වරුන්ගේ පියාපත්වල ශබ්දයද සර්වපරාක්‍රම දෙවියන්වහන්සේ කථාකරන හඬ මෙන් පිටත මළුව දක්වා ඇසුණේය.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 10:5
19 හුවමාරු යොමු  

මේ සියල්ල ම කියතෙන් ඉරා කැපූ ගල්වල මිමිවල හැටියට ඇතුළෙනුත්, පිටිනුත් අත්තිවාරමේ පටන් පියස්සේ පහත කෙළවර දක්වා ද පිටත සිට මහ මළුව දක්වා ද වටිනා ගල්වලින් නිම කරන ලද්දේ ය.


පූජකයන්ගේ මළුව ද මහ මළුව ද ඒ මළුවට දොරවල් ද සාදා, ඒ දොරවල් ලෝකඩෙන් වැසුවේ ය.


නුඹ මා වාගේ ම බලසම්පන්න ද? මා වාගේ ම හඬ නඟා ගර්ජනා කරන්නට නුඹට හැකි ද?


ආදි කාලීන අහස් තලයෙනි, අහස් කුස සැරිසරන හිමිතුමාණන්ට ගායනා කරන්න; එතුමාණන්ගේ හඬ වන ගිගුරුම් හඬට සවන් දෙන්න.


වලාකුළුවලින් වැසි වැස්සේ ය; අහස ගිගුරුම් හඬ දුන්නේ ය; විදුලි සැර දසත විහිදී ගියේ ය.


තුන් වන දවස උදා වූ විට කන්ද මත මේඝ ගර්ජනා හා විදුලි කෙටීම් ද, ඝන වලාකුළක් ද, තද හොරණෑ හඬක් ද විය. කඳවුරේ සිටි සියලු සෙනඟ වෙව්ලන්නට වූ හ.


හොරණෑ හඬ ද දිගට ම නද දෙමින් එන්න එන්න වැඩි විය. මෝසෙස් කතා කළ විට දෙවියන් වහන්සේ ගිගුරුම් හඬකින් උත්තර දුන් සේක.


එවිට, “මම කවරෙකු යවම් ද? අප වෙනුවෙන් යන්නේ කවරෙක් දැ”යි කියන සමිඳාණන් වහන්සේගේ හඬ මට ඇසුණේ ය. මම ද, “මෙන්න, මම මෙහි ය, මා යැව්ව මැනවැ”යි කීමි.


ඔවුන් යන විට, ඔවුන්ගේ පියාපත්වල ශබ්දය බොහෝ ජල ධාරාවන්ගේ ශබ්දය මෙන් ද සර්ව පරාක්‍රමයාණන්ගේ හඬ මෙන් ද මට ඇසිණි. එයින් නැඟුණු ඝෝෂාව යුද කඳවුරක ඝෝෂාව මෙන් විය. ඔවුන් නැවතී සිටි විට, ඔව්හු සිය පියාපත් පහත් කරගත්තෝ ය.


කරකැවෙන චක්‍ර අතරෙන් ද කෙරුබ්වරුන් අතරෙන් ද ගිනි අරගන්න කියා හණ වස්ත්‍ර හැඳගෙන සිටි මනුෂ්‍යයාට උන් වහන්සේ අණ කළ විට, ඔහු ඇතුළු වී චක්‍රයක් ළඟ සිටගත්තේ ය.


එවිට ඔහු පිට මළුවට මා ගෙනාවේ ය. ඒ මළුවේ කාමර සහ ඒවා වටකර ගල් ඇල්ලූ වේදිකාවක් තිබුණේ ය. ඒ ගල් බිම පිට කාමර තිහක් තිබුණේ ය.


එවිට ඔහු පිට මළුවට මා පමුණුවා, මළුවේ මුලු හතර ළඟින් මා ගෙන ගියේ ය. එවිට මළුවේ එක එක මුල්ලෙහි මළුවක් තිබෙන බව දිටිමි.