රෝදවල වැඩ රථ රෝදයක වැඩට සමාන ය. ඒවායේ අලවංගු ද වක් අතු ද ගරාදි ද බොස් ගෙඩි ද සියල්ල ම වාත්තු කරන ලදී.
එසකියෙල් 1:16 - Sinhala New Revised Version 2018 ඒ චක්‍ර රන් කාන්ති මෙන් බැබළුණේ ය. ඒ සතර ම එක හා සමාන ය. හැඩයෙන් ද ක්‍රියාකාරිත්වයෙන් ද එක චක්‍රයක් තවත් චක්‍රයක් තුළ ඇතුවාක් මෙන් පෙනුණේ ය. Sinhala New Revised Version ඒ චක්‍ර රන් කාන්ති මෙන් බැබළුණේ ය. ඒ සතර ම එක හා සමාන ය. හැඩයෙන් ද ක්‍රියාකාරිත්වයෙන් ද එක චක්‍රයක් තවත් චක්‍රයක් තුළ ඇතුවාක් මෙන් පෙනුණේ ය. Sinhala Revised Old Version චක්‍රවලද ඒවායේ කර්මාන්තවලද පෙනීම රන්කාන්තියක පාට මෙන්ය. ඒ සතරටම තිබුණේ එකාකාර ස්වරූපයක්ය. ඒවායේ පෙනීමද ඒවායේ කර්මාන්තද එක චක්‍රයක් තවත් චක්‍රයක් තුළ තිබෙන්නාක්මෙන් වූයේය. |
රෝදවල වැඩ රථ රෝදයක වැඩට සමාන ය. ඒවායේ අලවංගු ද වක් අතු ද ගරාදි ද බොස් ගෙඩි ද සියල්ල ම වාත්තු කරන ලදී.
ඔබේ දැහැමිකම උස් කඳුවැටි හා සමාන ය; ඔබේ විනිශ්චයයෝ මහ සයුර මෙන් ගැඹුරු ය. සමිඳුනි, ඔබ මිනිසා ද මෘගයා ද රක්නා සේක.
දෙවි සමිඳුනි, ඔබ අප උදෙසා කර ඇති හාස්කම් කොපමණ ද? ඔබ අප උදෙසා අදහස් කළ දේ කොපමණ ද? ඔබට සම අන් කෙනෙක් සිටී ද? ඒ සියල්ල පවසා නිම කරන්නට කිසි දා මට බැරි ය. ඒවායේ ගණන ඉමහත් ය.
සතර වන පේළිය රන් කාන්තියක් ද රතු කැටයක් ද සූර්ය කාන්තියක් ද විය. ඒවා රන් කෙවෙණිවල බහා තිබිණි.
ඔහුගේ දෑත පුෂ්ටිමත් ය; ලශුණිය මැණික් ඇල්ලූ රන් මුදු පැළඳ ඇත. ඔහුගේ ගත නිල්මිණියෙන් සැරසුණු ඇත්දත් කර්මාන්තයක් වැනි ය.
දෙවියන් වහන්සේගේ වරප්‍රසාද සම්භාරය කෙතරම් විශාල ද? උන් වහන්සේගේ ප්‍රඥාව සහ ඥානය කෙතරම් ගැඹුරු ද? උන් වහන්සේගේ විනිශ්චයන් කෙතරම් අචින්ත්‍ය ද? උන් වහන්සේගේ ක්‍රියා මාර්ග කෙතරම් වර්ණනා විෂයාතික්‍රාන්ත ද? ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ කියා ඇත:
එසේ වූයේ, මේ කාලයේ දී, ශුද්ධ සභාව මඟින් ස්වර්ග ලෝකවල අධිපතීන්ටත්, බලධාරීන්ටත්, දෙවියන් වහන්සේගේ විවිධාකාර ප්‍රඥාව දන්වනු ලබන පිණිස ය.