ඔබ දෙවියන් වහන්සේගේ මන්දිරය බවත්, ඔබ තුළ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වැඩ වසන බවත් නොදන්නහු ද?
එපීස 2:22 - Sinhala New Revised Version 2018 උන් වහන්සේ තුළ ඔබත්, ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ වාසස්ථානය සඳහා එක් කොට ගොඩනඟනු ලැබේ. Sinhala New Revised Version උන් වහන්සේ තුළ ඔබත්, ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ වාසස්ථානය සඳහා එක් කොට ගොඩනඟනු ලැබේ. සිංහල කාලීන පරිවර්තනය ස්වකීය ආත්මයාණන් මඟින් දෙවියන්වහන්සේ වාසය කරන මන්දිරයක් වන ලෙස, ඔබත් ක්‍රිස්තුස්වහන්සේ තුළ එකට ගොඩ නගනු ලබමින් සිටිති. Sinhala Revised Old Version උන්වහන්සේ තුළ නුඹලාත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ වාසය පිණිස එකට ගොඩනගනලද්දහුය. |
ඔබ දෙවියන් වහන්සේගේ මන්දිරය බවත්, ඔබ තුළ දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වැඩ වසන බවත් නොදන්නහු ද?
මන්ද, අපි දෙවියන් වහන්සේ සමඟ සහකාර සේවකයෝ වෙමු. ඔබ දෙවියන් වහන්සේගේ කෙත ය, දෙවියන් වහන්සේගේ ගොඩනැඟිල්ල ය.
ඔබගේ ශරීරය, ඔබට දෙවියන් වහන්සේ දෙවා වදාළ, ඔබ තුළ වැඩ වසන ශුද්ධාත්මයාණන්ගේ මන්දිරය වන බව ඔබ නොදන්නහු ද? ඔබ ඔබට ම අයිති නැත.
දේව මාලිගාව හා දේවතා පිළිම අතර සමානකමක් ඇද් ද? නැත. අපි ජීවමාන දෙවියන් වහන්සේගේ මන්දිර වෙමු. ඒ බව දෙවියන් වහන්සේ මෙසේ වදාළ සේක: “මම ඔවුන් සමඟ වාසය කරන්නෙමි, ගැවසෙන්නෙමි, මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වෙමි, ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය.”
ඇදහිල්ල කරණකොටගෙන ක්‍රිස්තුන් වහන්සේ ඔබේ සිත් තුළ වාසය කරන පිණිස ද, යාච්ඤා කරමි. තවද, ප්‍රේමයේ මුල් බැස, ස්ථිර ව පිහිටා සිටින පිණිස ද, යාච්ඤා කරමි.
උන් වහන්සේගේ ආඥා පිළිපදින්නා, උන් වහන්සේ තුළ වෙසෙයි; උන් වහන්සේ ද ඔහු තුළ වැඩවසන සේක. උන් වහන්සේ අප තුළ වැඩවසන බව අප දන්නේ උන් වහන්සේ අපට දුන් ශුද්ධාත්මයාණන් කරණකොටගෙන ය.
අප උන් වහන්සේ තුළ ද, උන් වහන්සේ අප තුළ ද සිටින බව අප දන්නේ, උන් වහන්සේ සිය ආත්මයාණන් වහන්සේ අපට ප්‍රදානය කර ඇති බැවිනි.
මෙසේ අප කෙරෙහි ඇති දෙවියන් වහන්සේගේ ප්‍රේමය දැන හැඳින අපි එය විශ්වාස කර සිටිමු. දෙවියන් වහන්සේ ප්‍රේමය ය. ප්‍රේමයෙහි ජීවත් වන්නා උන් වහන්සේ තුළ ජීවත් වෙයි. දෙවියන් වහන්සේ ද ඔහු තුළ ජීවත් වන සේක.