Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එපීස 2:22 - Sinhala Revised Old Version

22 උන්වහන්සේ තුළ නුඹලාත් ආත්මයාණන්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේගේ වාසය පිණිස එකට ගොඩනගනලද්දහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 උන් වහන්සේ තුළ ඔබත්, ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ වාසස්ථානය සඳහා එක් කොට ගොඩනඟනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

22 ස්වකීය ආත්මයාණන් මඟින් දෙවියන්වහන්සේ වාසය කරන මන්දිරයක් වන ලෙස, ඔබත් ක්‍රිස්තුස්වහන්සේ තුළ එකට ගොඩ නගනු ලබමින් සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 උන් වහන්සේ තුළ ඔබත්, ආත්මයාණන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේගේ වාසස්ථානය සඳහා එක් කොට ගොඩනඟනු ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එපීස 2:22
12 හුවමාරු යොමු  

නුඹලා දෙවියන්වහන්සේගේ මාළිගාව බවද දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ නුඹලා තුළ වාසයකරන බවද නොදනිවුද?


දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති ප්‍රේමය අපි දැන විශ්වාසකරගන සිටිමුව. දෙවියන්වහන්සේ ප්‍රේමයය; ප්‍රේමයෙහි පවතින්නා දෙවියන්වහන්සේ තුළ සිටි, දෙවියන්වහන්සේද ඔහු තුළ සිටිනසේක.


අප උන්වහන්සේ තුළද උන්වහන්සේ අප තුළද සිටින බව අප විසින් දැනගන්නේ උන්වහන්සේ තමන්ගේ ආත්මයාණන් අපට දී තිබෙන නිසාය.


උන්වහන්සේගේ ආඥා පවත්වන්නා උන්වහන්සේ තුළ පවතියි, උන්වහන්සේද ඔහු තුළ පවතිනසේක. උන්වහන්සේ අප තුළ සිටින බව අප දැනගන්නේ උන්වහන්සේ අපට දුන් ආත්මයෙන්ය.


ඇදහිල්ල කරණකොටගෙන ක්‍රිස්තුස්වහන්සේ නුඹලාගේ සිත් තුළ වාසයකරන පිණිසත්, නුඹලා ප්‍රේමයෙහි මුල් ඇද පිහිටා සිට,


දේවතා රූප සමඟ දෙවියන්වහන්සේගේ මාළිගාවට ඇති එකඟකම මොකද? මක්නිසාද අපි ජීවමාන දෙවියන්වහන්සේගේ මාළිගාවය; එසේම දෙවියන්වහන්සේ කථාකොට: මම ඔවුන් අතරේ වාසයකරන්නෙමි, හැසිරෙන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේව සිටින්නෙමි, ඔව්හුද මාගේ සෙනඟව සිටින්නෝයයි කීසේක.


නොහොත් නුඹලාගේ ශරීරය දෙවියන්වහන්සේගෙන් ලැබූ, නුඹලා තුළ ඇත්තාවූ ශුද්ධාත්මයාණන්වහන්සේගේ මාළිගාව බව නොදනිවුද?


මක්නිසාද අපි දෙවියන්වහන්සේගේ හවුල් වැඩකරන්නෝය. නුඹලා දෙවියන් වහන්සේගේ කෙතය, දෙවියන්වහන්සේගේ ගොඩනැගිල්ලය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්