ආදම් ද යළි සිය භාර්යාව සමඟ එක් විය. ඈ පුතෙකු ලැබූ කල, “කායින් මැරූ ආබෙල් වෙනුවට දෙවියන් වහන්සේ මට පුතෙකු දුන් සේකැ”යි කීවා ය. එබැවින් ඈ ඔහුට සෙත් යන නාමය තැබුවා ය.
උත්පත්ති 5:6 - Sinhala New Revised Version 2018 සෙත්ගේ වයස අවුරුදු එකසිය පහක් වූ විට ඔහුට දාව ඒනොෂ් උපන්නේ ය. Sinhala New Revised Version සෙත්ගේ වයස අවුරුදු එකසිය පහක් (105) වූ විට ඔහුට දාව ඒනොෂ් උපන්නේ ය. Sinhala Revised Old Version සෙත් එකසිය පස් අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ඒනොෂ් උපන්නේය. |
ආදම් ද යළි සිය භාර්යාව සමඟ එක් විය. ඈ පුතෙකු ලැබූ කල, “කායින් මැරූ ආබෙල් වෙනුවට දෙවියන් වහන්සේ මට පුතෙකු දුන් සේකැ”යි කීවා ය. එබැවින් ඈ ඔහුට සෙත් යන නාමය තැබුවා ය.
සෙත්ට ද පුතෙක් උපන්නේ ය. ඔහු ඒනොෂ් යන නාමය ඔහුට තැබී ය. මනුෂ්‍යයන් සමිඳාණන් වහන්සේගේ නම කියා උන් වහන්සේට පළමු වරට නමස්කාර කරන්නට පටන්ගත්තේ ඒ කාලයේ දී ය.
ඔහු ඒනොක්ගේ පුත්‍රයා ය, ඔහු ජාරෙද්ගේ පුත්‍රයා ය, ඔහු මාලෙලෙයීල්ගේ පුත්‍රයා ය, ඔහු කේනාන්ගේ පුත්‍රයා ය, ඔහු ඒනොෂ්ගේ පුත්‍රයා ය, ඔහු සෙත්ගේ පුත්‍රයා ය, ඔහු ආදම්ගේ පුත්‍රයා ය, ඔහු දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය.