ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 41:55 - Sinhala New Revised Version 2018

මුළු මිසර දේශය ම සාගතයෙන් පෙළුණ විට, සෙනඟ ද ආහාර ඉල්ලා පාරාවෝට මොරගැසූ හ. පාරාවෝ ද සියලු මිසර වාසීන්ට කතා කොට, “ජෝසෙප් වෙත යන්න, ඔහු නුඹලාට කියන දෙයක් කරන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මුළු මිසර දේශය ම සාගතයෙන් පෙළුණ විට, සෙනඟ ද ආහාර ඉල්ලා පාරාවෝට මොරගැසූ හ. පාරාවෝ ද සියලු මිසර වාසීන්ට කතා කොට, “ජෝසෙප් වෙත යන්න, ඔහු නුඹලාට කියන දෙයක් කරන්නැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මුළු මිසර දේශයෙහි සාගතය වූ කල සෙනඟ ආහාර ගැන ඵාරාවෝට මොරගැසුවෝය. ඵාරාවෝ සියලු මිසරවරුන්ට කථාකොට: යෝසෙප් වෙතට ගොස් ඔහු නුඹලාට කියන දේ කරන්නැයි කීය.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 41:55
13 හුවමාරු යොමු  

සාගතය ද මුළු පොළෝ තලය පුරා පැවතිණි. ජෝසෙප් ගබඩා සියල්ල විවෘත කොට, මිසර වාසීන්ට ධාන්‍ය වික්කේ ය. මුළු මිසර දේශය තුළ සාගතය තදින් බලපෑවේ ය.


ජෝසෙප් රටේ අධිපති වූවාක් මෙන් ම, රටේ මිනිසුන් සියල්ලන්ට ම ධාන්‍ය විකුණුවේ ද ඔහු ය. ඔහුගේ සහෝදරයෝ පැමිණ, ඔහු ඉදිරියෙහි මුණින්තලා වී වැන්දා හ.


ඔහු කතා කරද්දී දීප්තිමත් වලාකුළක් ඔවුන් සිසාරා, පැතිරිණි. තවද, “මේ මාගේ ප්‍රියාදර පුත්‍රයාණෝ ය; මම මොහු කෙරෙහි ඉතා ප්‍රසන්න වී සිටිමි; මොහුට සවන් දෙන්නැ”යි කියන හඬක් නික්මිණි.


තවද, “මොහු මාගේ ප්‍රියාදර පුත්‍රයා ය; මොහු කෙරේ මම ඉතා ප්‍රසන්න වී සිටිමි”යි ස්වර්ගයෙන් හඬක් නික්මිණි.


උන් වහන්සේගේ මෑණියෝ මෙහෙකරුවන් අමතා, ‘මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වුව ද කරන්නැ’යි කී හ.


මාගේ දෙවියන් වහන්සේ, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ, ස්වකීය තේජාන්විත වස්තු සම්භාරය අනුව ඔබගේ සියලු අගහිඟකම් සපුරාලන සේක.


මන්ද, දේව කැමැත්ත අනුව, දේවත්වයේ පරිපූර්ණතාවය ක්‍රිස්තුන් වහන්සේ තුළ විය.