ඊසාක්, ඒසව් ගෙනා මුව මස් කෑ හෙයින් ඔහුට වඩා කැමැති විය; එහෙත් රෙබෙකා වඩා කැමැති වූයේ ජාකොබ්ට ය.
උත්පත්ති 27:14 - Sinhala New Revised Version 2018 ඔහු ද ගොස්, එළු පැටියන් දෙන්නෙකු රැගෙන මව වෙත ගෙනාවේ ය. මව ඔහුගේ පියා ප්‍රිය කරන ප්‍රණීත ආහාරයක් එයින් පිසුවා ය. Sinhala New Revised Version ඔහු ද ගොස්, එළු පැටියන් දෙන්නෙකු රැගෙන මව වෙත ගෙනාවේ ය. මව ඔහුගේ පියා ප්‍රිය කරන ප්‍රණීත ආහාරයක් එයින් පිසුවා ය. Sinhala Revised Old Version ඔහු ගොස් උන් රැගෙන තමාගේ මවු ළඟට ආවේය. එවිට ඔහුගේ මවුතොමෝ ඔහුගේ පියාට ප්‍රියවූ රසවත් භෝජනය පිළියෙළකළාය. |
ඊසාක්, ඒසව් ගෙනා මුව මස් කෑ හෙයින් ඔහුට වඩා කැමැති විය; එහෙත් රෙබෙකා වඩා කැමැති වූයේ ජාකොබ්ට ය.
එවිට මව ඔහු අමතා, “පුතා, ඒ සාපය මා පිට වැටේ වා! මට කීකරු ව, මා කී දේ සොයාගෙන එන්නැ”යි කීවා ය.
ඔහු රස මුසු ආහාරයක් පිළියෙළ කොට, පියා වෙත ගෙනැවිත්, ඔහුට කතා කරමින්, “තාත්තේ, නැඟිට, මට ආශීර්වාද කරනු පිණිස ඔබ පුතු ගෙනා මුව මස් අනුභව කරන්නැ”යි ඉල්ලී ය.
මා ප්‍රිය කරන ප්‍රණීත ආහාරයක් පිළියෙළ කර එය ගෙනැවිත්, මට කන්න දෙන්න. එවිට මම මැරෙන්නට පෙර නුඹට ආශීර්වාද කරන්නෙමි”යි කී ය.
‘මට මුව මස් ගෙනැවිත් ප්‍රණීත ආහාරයක් පිස දෙන්න; මම ද එය අනුභව කොට මා මැරෙන්නට පෙර සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මම නුඹට ආශීර්වාද කරන්නෙමි’යි කියනු මම අසාගෙන සිටියෙමි.
එළු රැළට ගොස්, හොඳ එළු පැටවුන් දෙන්නෙකු මට ගෙනැවිත් දෙන්න; එවිට මම නුඹේ පියා ප්‍රිය කරන ප්‍රණීත ආහාරයක් එයින් පිළියෙළ කරමි.
මා හද නපුරට ඇදී යාමට ද දුෂ්ට ක්‍රියාවලට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව. දුෂ්ටයන්ගේ මංගල බොදුනට හවුල් වීමට ද මට ඉඩ නුදුන මැනව.
“ඒ දවස මලපතක් මෙන් හදිසියෙන් ඔබ අසුකර නොගන්නා පිණිස කම්සැපෙන් ද බීමත්කමෙන් ද මේ ජීවිතයේ කරදරවලින් ද ඔබේ සිත් නොවෙහෙසෙන හැටියට බලාගන්න.