Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 25:28 - Sinhala New Revised Version 2018

28 ඊසාක්, ඒසව් ගෙනා මුව මස් කෑ හෙයින් ඔහුට වඩා කැමැති විය; එහෙත් රෙබෙකා වඩා කැමැති වූයේ ජාකොබ්ට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 ඊසාක්, ඒසව් ගෙනා මුව මස් කෑ හෙයින් ඔහුට වඩා කැමැති විය; එහෙත් රෙබෙකා වඩා කැමැති වූයේ ජාකොබ්ට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 ඊසාක් ඒසව්ට ආදරේ වුණේය, මක්නිසාද ඔහු ඒසව්ගේ මුව මස් කෑයේය. එහෙත් රෙබෙකා යාකොබ්ට ආදරේ වුණාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 25:28
8 හුවමාරු යොමු  

ඔහු ද ගොස්, එළු පැටියන් දෙන්නෙකු රැගෙන මව වෙත ගෙනාවේ ය. මව ඔහුගේ පියා ප්‍රිය කරන ප්‍රණීත ආහාරයක් එයින් පිසුවා ය.


එවිට සිය පියාට ජාකොබ් උත්තර දෙමින්, “මම ඔබේ කුලුඳුල් පුත් ඒසව් ය. ඔබ කී පරිදි මම ඉටු කෙළෙමි. කරුණාකර, නැඟිට, වාඩි වී, මාගේ මුව මස් අනුභව කරන්න. එවිට මට ආශීර්වාද කරන්න ඔබට පුළුවනැ”යි කී ය.


“එසේ නම් නුඹ පිළියෙළ කළ මුව මස් අනුභව කොට මා නුඹට ආශීර්වාද කරනු පිණිස එය මා ළඟට ගෙනෙන්නැ”යි ඊසාක් කී ය. ඔහු එය පියා ළඟට ගෙනා විට පියා එය අනුභව කෙළේ ය. තවද ජාකොබ් මිදියුස ද ගෙනා විට, පියා එය ද පානය කෙළේ ය.


එබැවින් කරුණාකර නුඹ දැන් නුඹේ දඩයම් උපකරණ වන හී කොපුව සහ දුන්න රැගෙන වනයට ගොස්, මට මුව මස් රැගෙන,


ඔහු රස මුසු ආහාරයක් පිළියෙළ කොට, පියා වෙත ගෙනැවිත්, ඔහුට කතා කරමින්, “තාත්තේ, නැඟිට, මට ආශීර්වාද කරනු පිණිස ඔබ පුතු ගෙනා මුව මස් අනුභව කරන්නැ”යි ඉල්ලී ය.


මා ප්‍රිය කරන ප්‍රණීත ආහාරයක් පිළියෙළ කර එය ගෙනැවිත්, මට කන්න දෙන්න. එවිට මම මැරෙන්නට පෙර නුඹට ආශීර්වාද කරන්නෙමි”යි කී ය.


එළු රැළට ගොස්, හොඳ එළු පැටවුන් දෙන්නෙකු මට ගෙනැවිත් දෙන්න; එවිට මම නුඹේ පියා ප්‍රිය කරන ප්‍රණීත ආහාරයක් එයින් පිළියෙළ කරමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්