ඔහු නෙත් ඔසවා බැලූ විට, පුදුමයකි! තමාට නුදුරින් මිනිසුන් තිදෙනෙකු සිටිනු දිටී ය. ඔවුන් දුටු විට ඔහු ඔවුන් හමුවීමට ගොස් හිස නමා, වැඳ වැටුණේ ය.
උත්පත්ති 24:63 - Sinhala New Revised Version 2018 ඉර බැස යද්දී ඔහු කෙතෙහි ඇවිදිමින්, හිස ඔසවා බලන විට ඔටුවන් එනු දුටුවේ ය. Sinhala New Revised Version ඉර බැස යද්දී ඔහු කෙතෙහි ඇවිදිමින්, හිස ඔසවා බලන විට ඔටුවන් එනු දුටුවේ ය. Sinhala Revised Old Version ඊසාක් සවස් වේලෙහි කෙතේ මෙනෙහිකරන පිණිස ගියේය. තවද ඔහු ඇස් ඔසවා බලා, ඔටුවන් එනවා දුටුවේය. |
ඔහු නෙත් ඔසවා බැලූ විට, පුදුමයකි! තමාට නුදුරින් මිනිසුන් තිදෙනෙකු සිටිනු දිටී ය. ඔවුන් දුටු විට ඔහු ඔවුන් හමුවීමට ගොස් හිස නමා, වැඳ වැටුණේ ය.
සමිඳාණන් වහන්සේගේ විනයෙහි ප්‍රීති ප්‍රමුදිත වන, දිවා රෑ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්තයෙක් වන්නේ ය.
මේ නීති සංග්‍රහය නුඹ නිතර ම කියවිය යුතු ය. එහි ලියා තිබෙන සියල්ල අනුව ක්‍රියා කරන පිණිස ඒ ගැන දිවා රෑ දෙක්හි භාවනා කළ යුතු ය. එවිට නුඹ කරන දේ සඵල වී නුඹට ශුභසිද්ධිය සැලසෙනු ඇත.