ආමොස් 3:5 - Sinhala New Revised Version 2018 ඇමක් නැති ව කුරුල්ලෙක් මලපතකට අසු වෙයි ද? අසු නොවී කිසිවක් ගැස්සී යයි ද උගුලක්? Sinhala New Revised Version ඇමක් නැති ව කුරුල්ලෙක් මලපතකට අසු වෙයි ද? අසු නොවී කිසිවක් ගැස්සී යයි ද උගුලක්? Sinhala Revised Old Version මලපතක් නැති විට කුරුල්ලෙක් බිමේ උගුලකට අසුවේද? උගුලක් බිමෙන් ගැස්සුණාම යමක් අසු නොවී තිබේද? |
තමාගේ විපත්ති කාලය කවදා එයි දැ යි මිනිසා නොදනියි. හදිසියේ දැලකට අසු වන මසුන් මෙන් ද මලපතකට අසු වන පක්ෂීන් මෙන් ද ඔහු බලාපොරොත්තු නොවන වේලාවක දුර්භාග්‍යයකට අසු වේ.
උදුරන්නටත්, කඩා දමන්නටත්, හෙළාදමන්නටත්, නැති කරන්නටත්, විපත්ති පමුණුවන්නටත් මා සැලැසූ පරිදි, ගොඩනඟන්නටත් හිටවන්නටත් මම සලස්වන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.
සිංහයෙක් වනයේ ගෙරවුම් දෙයි ද ගොදුරක් දුටුවොත් මිස? ගුහාවක් තුළ සිංහ නාම්බෙක් ගොදුරක් නැති ව හඬ නඟයි ද?
යුධ සක් හඬ ඇසුණොත් නගරයේ සෙනඟ බිය නොවෙත් ද? සමිඳුන් නොපැමිණෙව් විපතක් නගරයේ ඇති වෙයි ද?