Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දේශනාකාරයා 9:12 - Sinhala New Revised Version 2018

12 තමාගේ විපත්ති කාලය කවදා එයි දැ යි මිනිසා නොදනියි. හදිසියේ දැලකට අසු වන මසුන් මෙන් ද මලපතකට අසු වන පක්ෂීන් මෙන් ද ඔහු බලාපොරොත්තු නොවන වේලාවක දුර්භාග්‍යයකට අසු වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 තමාගේ විපත්ති කාලය කවදා එයි දැ යි මිනිසා නොදනියි. හදිසියේ දැලකට අසු වන මසුන් මෙන් ද මලපතකට අසු වන පක්ෂීන් මෙන් ද ඔහු බලාපොරොත්තු නොවන වේලාවක දුර්භාග්‍යයකට අසු වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 මක්නිසාද නපුරු දැලකට අසුවෙන මත්ස්‍යයන්ද මලපතකට අසුවෙන පක්ෂීන්ද මෙන් මනුෂ්‍යයාත් තමාගේ කාලය නොදැන සිටියි, විපත්ති කාලය මනුෂ්‍ය පුත්‍රයන් පිටට හදිසියෙන් පැමිණෙන විට උන් වාගේ ඔව්හු ඊට අසුවෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දේශනාකාරයා 9:12
28 හුවමාරු යොමු  

‘සාමය ඇත; අනතුරක් නැතැ’යි ඔවුන් කියන විට, ගැබිණියකට විළිරුජා පැමිණෙන්නාක් මෙන්, ක්ෂණික විනාශය ඔවුන් පිට පැමිණේ; ඔවුන්ට කිසි ගැළවීමක් නැත.


දුදනාගේ අයුතු වැඩ ඔහුට ම මලපතකි; සුදනා ගී ගයමින් තුටු පහටු වෙයි.


මෙසේ ඔවුන්ට සිහිකල්පනාව ආ විට, ඔව්හු, යක්ෂයා විසින් සිය කැමැත්ත කරවාගන්න පිණිස තමන් අසු කරගන්නා ලද උගුලෙන් මිදෙන්නෝ ය.


මන්ද, “ප්‍රසාදජනක කාලයේ දී මම ඔබට සවන් දුනිමි, ගැළවීමේ දවසේ දී මම ඔබට පිහිට වුණෙමි”යි දෙවියන් වහන්සේ වදාරන සේක. මෙය ප්‍රසාදජනක කාලය යි. මෙය ගැළවීමේ දවස යි.


එබැවින් ඔහුගේ නැස්පැත්තිය හදිසියෙන් එයි, ගැළවීමට මඟක් නැති ව, මොහොතකින් ඔහු සුණු වී යයි.


එහෙත් අල්ලාගෙන විනාශ කරනු ලැබීමට උපන් නුවණ නැති තිරිසනුන් වැනි මොවුහු, තමන් නොදන්නා දෙයට අපහාස කරති. ඔව්හු වන මෘගයන් මෙන් විනාශ කරනු ලබති.


ඔබ නපුර කරන්නෝ යයි විජාතිකයන් ඔබට විරුද්ධ ව කතා කරන නමුත්, ඔවුන් ඔබගේ යහපත් ක්‍රියා දැක විනිශ්චය දවසේ දී දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස ඔවුන් අතර යහපත් හැසිරීමකින් කල් යවන්න.


එහෙත්, සොරා කොයි පැයේ දී එන්නේ දැ යි ගෙදර ස්වාමියා දැන සිටියේ නම්, ඔහු නොනිදා හිඳ, තමාගේ ගෙය බිඳීමට ඉඩ නොදෙන බව දැනගන්න.


එහෙත් දෙවියන් වහන්සේ ඔහුට කතා කොට, ‘අඥානය, අද රාත්‍රියේ දී ඔබගේ ප්‍රාණය ඔබෙන් ගනු ලැබේ; එවිට ඔබ රැස් කොටගත් දෙය කවරෙකුට අයිති වන්නේ දැ’යි වදාළ සේක.


නුඹලා වරදකාරයෝ ය; නුඹලා උඩ සිට පහළට පුපුරා, ඉදිරියට නෙරා ඇති, හදිසියේ බිඳ වැටීමට ළඟා වූ බිත්තියක් හා සමාන ය.


නපුරු ක්‍රියාවකට විරුද්ධ ව නඩු තීන්දුව ඉක්මනින් ඉටු නොවන නිසා මිනිසුන්ගේ සිත් නපුර කිරීමට ඇදී යන්නේ ය.


දුදනන් මත ගිනි පුපුරු වස්වන සේක; ගෙන්දගම් දවා පුළුස්සන සුළඟ ද ඔවුන් හිස පිටට එවන සේක.


ඉතින්, මනුෂ්‍යයන්ට හා තිරිසනුන්ට ඇත්තේ එක ම ඉරණමකි. තිරිසනා මෙන් ම මිනිසාත් මරණයට පත් වෙයි. මේ දෙගොල්ල ම මවා ඇත්තේ එක අයුරිනි. මෙසේ තිරිසනාට වඩා විශේෂ වාසියක් මිනිසාට නැත. හැම දෙය ම නිස්සාර ය.


මිහි පිට මෙවැනි ප්‍රඥාවක් ද දිටිමි. එය වැදගත් බව මට පෙනිණි.


භයානක දෙයින් බේරෙන්න සොයන තැනැත්තා බොරු වළක වැටෙන්නේ ය. බොරු වළෙන් ගොඩවන්නා මලපතට අසුවන්නේ ය. මන්ද අහසේ කවුළු විවෘත ව ඇත. පොළොවේ අත්තිවාරම කම්පා වන්නේ ය.


දිවැසිවරයෙකු වශයෙන් ඔහු මා එවා ඇත්තේ සමිඳාණන් වහන්සේගේ සෙනඟ වන එප්‍රායිම්ට තදින් අවවාද කිරීමට ය. එහෙත්, පක්ෂි වැද්දා යන යන තැන පක්ෂියෙකු මලපතකට අසු කරගන්න උත්සාහ කරන්නා සේ නුඹලා මා අසු කරන්නහු ය; දෙවියන් වහන්සේගේ මාලිගාවේ ම සතුරෝ වී සිටිති.


මන්ද, හිටිහැටියේ ඔවුන්ගෙන් විපත පැමිණෙනු ඇත. ඒ දෙදෙනාගෙන් එන විපත්තිය කවරෙක් දනිද් ද?


මරණයෙන් වැළකීමට වත්, මරණය කල් දැමීමට වත් කෙනෙකුට නොහැකි ය. සටනෙන් මිදීමකුත් නැත; දුෂ්ටයාට, දුෂ්ටකම නිසා නිදහස්වීමක් නැත.


දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. රැස්ව සිටින බොහෝ ජනයන් ඇතුළු ව නුඹ පිට මාගේ දැල හෙළන්නෙමි. ඔවුන් මාගේ දැලෙන් නුඹ ගොඩට අදිනු ඇත.


ඔවුන් එසේ යන කල, ඔවුන් පිට මම දැලක් හෙළන්නෙමි; කුරුල්ලන් මෙන් ඔවුන් පහතට ඇද හෙළන්නෙමි. ඔවුන් කර ඇති නපුරු ක්‍රියාවලට මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්