ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්තර් (ග්‍රීක් පිටපත) 3:13 - Sinhala New Revised Version 2018

අදාර් නම් දොළොස් වන මාසයේ දස තුන් වන දින තරුණයන් හා මහල්ලන් ද බාලයන් හා ස්ත්‍රීන් ද යන සියලු ජුදෙව්වරුන් එක දවසේ දී ම නැති කරදමන්නටත් විනාශ කරන්නටත් ඔවුන්ගේ දේපළ කොල්ලකන්ටත් අණ කළ ලියවිල්ල දූතයන් මඟින් යවන ලද්දේ ය. මේ ලියවිල්ලේ පිටපත මෙසේ ය: “මහා අහෂ්වේරොෂ් රජු විසින් ඉන්දියාව පටන් එතියෝපියාව දක්වා පැතිර පවතින ප්‍රදේශ එක සිය විසි හතේ ආණ්ඩුකාරයන්ට හා ඔවුන්ගේ මුළු සහකාර ප්‍රාදේශීය මුලාදෑනීන්ට ද ලියා එවන වග නම්: බොහෝ ජාතීන් පිට ආධිපත්‍යය දරන්නා වූ ද මුළු ලෝකයේ ස්වාමීන් වූ ද මම, කිසිකලෙක බලයේ අහංකාරයෙන් මත් ව ක්‍රියා නොකරන්නට ද නිතර වැදගත් පැවතුම් ඇති ව හා අනුකම්පා සහගත ව පාලනය කිරීමට ද මේ ආකාරයෙන් මාගේ වැසියන්ට කලබලයක් හෝ කැළඹීමක් නොමැති ව ජීවිතය නිතර භුක්ති විඳීමේ භාග්‍යය ලබා දීමට ද මාගේ රාජ්‍යයට ශිෂ්ටාචාරයේ ලාභ ප්‍රයෝජන හා ඒ රාජ්‍යයේ එක කෙළවරක පටන් අනෙක් කෙළවර දක්වා අවහිරයක් නොමැති ව ගමන් කිරීමේ පහසුව ලබා දී සියලු මනුෂ්‍යයන් ආශා කරන සාමය පිහිටුවීමට ද අදහස් කරගෙන සිටිමි. මේ පරමාර්ථ ඉටු කරගත හැක්කේ කෙසේ දැ යි අපේ උපදේශක මණ්ඩලය සමඟ සාකච්ඡා කළ විට මාගේ උපදේශකයන්ගෙන් එක් කෙනෙක් වූ, අප අතර ප්‍රඥාවෙන් විශිෂ්ට වූ ද නොවරදින හිතේසිවන්තකම හා වෙනස් නොවන විශ්වාසවන්තකම සම්බන්ධයෙන් ඔප්පු සාක්ෂි ඇත්තා වූ ද නිලයෙන් අපට පමණක් දෙවැන්නා වූ ද හාමාන් නම් උපදේශකයා ප්‍රකාශ කළ ප්‍රකාර ලෝකයේ සියලු මනුෂ්‍ය වර්ගයන් අතරේ නපුරු අදහස් ඇති මනුෂ්‍ය ජාතියක් මිශ්‍ර වී සිටී. ඔව්හු තමන්ගේ නීතිවලින් අනෙක් සියලු ජාතීන්ට විරුද්ධ ය. ඔව්හු රජුගේ නියමයන් නිතර හෙළා දකිති. පොදු යහපත සඳහා අප විසින් පිහිටු වන ලද පාලනයට ඔව්හු බාධාවකි. වංශයෙන් ඔව්හු අපූර්ව ජාතියකි. ඔවුන්ගේ නොහොබිනා නීති ක්‍රමයෙන් වෙනස් ව සිටින මුළු මනුෂ්‍ය සංහතියට ම ඔව්හු විරුද්ධ වෙති. ඔව්හු අපේ යහපතට සතුරුකම් කරති. අති දුෂ්ට අපරාධ කරමින් අපේ රාජ්‍යයේ චිරස්ථිතිය අන්තරායට පත් කරති. “මේ නිසා අපේ යහපත රැකබලා ගැනීමට පත් කරන ලද්දා වූ ද අපට දෙ වන පියෙකු හා සමාන වූ ද හාමාන්ගේ ලියවිල්ලෙහි සඳහන් කරන ලද සියලු දෙනා ස්ත්‍රීන් හා දරුවන් ඇතුළු ව ඔවුන්ගේ සතුරන්ගේ කඩුවෙන් කිසි අනුකම්පාවක් හෝ දයාවක් නොමැති ව මේ වර්ෂයේ අදාර් නම් දොළොස් වන මාසයේ දස සතර වන දින දී සම්පූර්ණයෙන් විනාශ කරන ලෙස අපි අණ කරමු. එවිට ඊයේත් අදත් අපේ විරුද්ධකාරයන් වූ මොවුන් එක දවසක දී පාතාල ලෝකයට හෙළාදමනු ලැබූ විට අපේ රජයට සදා ස්ථිරත්වය ද සාමය ද අත්වන්නේ ය.”

පරිච්ඡේදය බලන්න



එස්තර් (ග්‍රීක් පිටපත) 3:13
0 හුවමාරු යොමු