3 යොහන් 1:3 - Sinhala New Revised Version 2018 සැබැවින් ම ඔබේ කල්ක්‍රියාව සත්‍යයට අනුකූල බැවින් ඔබ සත්‍යයෙහි ස්ථීර ව සිටින බවට සහෝදරයන් ඇවිත් සාක්ෂි දුන් විට, මම අතිශයින් ප්‍රීති වීමි. සැබැවින් ම ඔබේ කල්ක්‍රියාව සත්‍යයට අනුකූල ය. Sinhala New Revised Version සැබැවින් ම ඔබේ කල්ක්‍රියාව සත්‍යයට අනුකූල බැවින් ඔබ සත්‍යයෙහි ස්ථීර ව සිටින බවට සහෝදරයන් ඇවිත් සාක්ෂි දුන් විට, මම අතිශයින් ප්‍රීති වීමි. සැබැවින් ම ඔබේ කල්ක්‍රියාව සත්‍යයට අනුකූල ය. සිංහල කාලීන පරිවර්තනය මන්ද ඔබගේ විශ්වාසවන්තකම හා සත්‍යයෙහි ඔබ පවතින අයුරු ගැන මෙහි පැමිණි සහෝදරයින්ගෙන් අසන්නට ලැබීම මට මහත් ප්‍රීතියකි. Sinhala Revised Old Version නුඹ සැබෑවෙහි හැසිරෙන ලෙසම නුඹ තුළ ඇති සැබෑව ගැන සහෝදරයන් ඇවිත් සාක්ෂිදුන් කල මම ඉතා ප්‍රීතිවුණෙමි. |
මෙසේ, එක සිය විසි දෙනෙකු පමණ පිරිසක් රැස් ව සිටි විට, පේදුරු තුමා සහෝදරයන් මැද නැඟිට ඔවුන්ට මෙසේ කී ය:
එබැවින් අපට ඉඩ ප්‍රස්ථා ඇති හැටියට සියල්ලන්ට ම, ප්‍රධානකොට ඇදහිලිවන්තයන්ගේ පවුලට අයිති වූ අයට, යහපත්කම් කරමු.
පියාණන් වහන්සේගෙන් අප ලැබූ ආඥාව පරිදි, ඔබගේ දරුවන්ගෙන් සමහර දෙනෙකු සත්‍යය අනුව ජීවත් වනු දැක ඉතා ප්‍රීති වීමි.
එබැවින් මම ආවොත් ඔහු කරන ක්‍රියා සිහි කර දෙන්නෙමි. ඔහු අපට විරුද්ධ ව දුෂ්ට චෝදනා ඉදිරිපත් කරයි. ඔහු එයිනුත් සෑහීමට නොපැමිණ, අපේ සහෝදරයන් පිළිගැනීමෙන් ද වැළකී සිටියි. එපමණක් නොව, පිළිගන්නට කැමැති අයටත් ඉඩ නොදී ඔවුන් සභාවෙන් නෙරපාදමයි.
මාගේ හිත මිතුර, ඔබ ආධ්‍යාත්මික ලෙස යහතින් සිටින්නාක් මෙන් සියල්ලේ දී යහතින් සිටින ලෙස ද, නිදුක් නීරෝගී ව සිටින ලෙස ද යාච්ඤා කරමි.
මාගේ හිත මිතුර, මේ සහෝදරයන් අමුත්තන් වුව ද ඔවුන්ට ඔබ කළ හැම සත්කාරයකින් ම ඔබේ විශ්වාසවන්තකම පෙනේ.