3 යොහන් 1:1 - Sinhala New Revised Version 2018 සභා මූලිකයෙකු වන මම, මා සැබෑ ලෙස ප්‍රේම කරන ප්‍රියාදර ගායස්ට මෙය ලියා එවමි. Sinhala New Revised Version සභා මූලිකයෙකු වන මම, මා සැබෑ ලෙස ප්‍රේම කරන ප්‍රියාදර ගායස්ට මෙය ලියා එවමි. සිංහල කාලීන පරිවර්තනය සභා-මූලිකයා වෙතින්, සත්‍යතාවෙහි මා ප්‍රේම කරන ප්‍රේමණීය ගායස් වෙත; Sinhala Revised Old Version වැඩිමහල්ලා වන මා විසින් සත්‍යතාවෙහි ප්‍රේමකරන ප්‍රේමවන්ත ගායස්ට ලියා එවන වග නම්: |
එවිට මුළු නුවර කැළඹිණ. ඔව්හු, පාවුලු සමඟ ගමන් කළ ගායස් ද අරිස්තාර්කස් ද යන මසිදෝනිවරුන් දෙදෙනා අල්ලා ගෙන නෘත්‍ය ශාලාවට වේගයෙන් දිවූ හ.
පුරස්ගේ පුත්‍ර වූ බෙරියාවේ සෝපතර් ද තෙසලෝනිකවරුන්ගෙන් අරිස්තාර්කස් සහ සෙකුන්දස් ද දර්බයේ ගායස් ද තිමෝතියස් ද ආසියාවේ තුකිකස් සහ ත්‍රොපිමස් ද ඔහු සමඟ ආසියාව දක්වා ගියහ.
මට ද මුළු සභාවට ද ආගන්තුක සත්කාරය කරන ගායස් ඔබ වෙත ඔහුගේ ආචාරය එවයි. නගර භාණ්ඩාගාරික තැන්පත් එරස්තස් ද සහෝදර ක්වර්තස් ද ඔබ වෙත ඔවුන්ගේ ආචාර එවති.
ක්‍රිස්පස් හා ගායස් හැර වෙන කිසිවෙකු මා විසින් බව්තීස්ම-ස්නාපනය කරනු නොලැබීම ගැන මම සතුටු වෙමි.
ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීමට සාක්ෂිකාරයෙකු ද එළිදරව් වන්නට තිබෙන උන් වහන්සේගේ තේජසට පංගුකාරයෙකු ද වන්නට බලාපොරොත්තුවෙන් සිටින සභා මූලිකයෙකු වන මම, ඔබ අතර සිටින සභා මූලිකයන්ගෙන් ඉල්ලීමක් කරමි:
මාගේ ප්‍රිය දරුවෙනි, අපගේ ප්‍රේමය වචනයෙන් වත්, කතාවෙන් වත් නොව, ක්‍රියාවෙන් ප්‍රකාශ වන සත්‍ය ප්‍රේමයක් විය යුතු ය.
මාගේ හිත මිතුර, ඔබ ආධ්‍යාත්මික ලෙස යහතින් සිටින්නාක් මෙන් සියල්ලේ දී යහතින් සිටින ලෙස ද, නිදුක් නීරෝගී ව සිටින ලෙස ද යාච්ඤා කරමි.