2 සාමුවෙල් 8:8 - Sinhala New Revised Version 2018 බෙටා ද බෙරොතයි ද යන හදද්-එශෙර්ගේ නගරවලින් දාවිත් රජ ලෝකඩ බොහෝ සෙයින් ගත්තේ ය. Sinhala New Revised Version බෙටා ද බෙරොතයි ද යන හදද්-එශෙර්ගේ නගරවලින් දාවිත් රජ ලෝකඩ බොහෝ සෙයින් ගත්තේ ය. Sinhala Revised Old Version බෙටාද බෙරොතයිද යන හදද්එසෙර්ගේ නුවරවලින් දාවිත් රජ පිත්තල බොහෝසෙයින්ම ගත්තේය. |
දෙවියන් වහන්සේ ඔහුට තවත් විරුද්ධකාරයෙකු එවූ සේක. එනම්, තම ස්වාමීන් වූ ශෝබායේ රජ වූ හදද්-එශෙර් වෙතින් පලා ගිය එලියාදාගේ පුත්‍ර වූ රෙශොන් ය.
මින්පසු දාවිත් පිලිස්තිවරුන්ට පහර දී ඔවුන් යටත් කරගෙන, ගාත් ද ඊට අයිති නගර ද පිලිස්තිවරුන්ගේ අතින් පැහැර ගත්තේ ය.
තිබ්හත් ද කුන් ද යන හදද්-එශෙර්ගේ නගරවලින් දාවිත් බොහෝ ලෝකඩ ගත්තේ ය. එයින් සලමොන් ලෝකඩ තටාකයත්, කුළුනුත්, ලෝකඩ භාජනත් සෑදී ය.
මෙන්න, මා දිළිඳු වුව ද, සමිඳාණන් වහන්සේගේ මාලිගාවට රන් මෙට්රික් ටොන් තුන්දාස් හාරසියයකුත්, රිදී මෙට්රික් ටොන් තිස්හතරදහසකුත් ගණන් නැති තරම් ලෝකඩත්, යකඩත් සූදානම් කෙළෙමි. ඒවා අතිශයින් වැඩි ය. ඒ ඇර ලී ද ගල් ද සූදානම් කෙළෙමි. ඒවාට තව එකතු කරන්න ඔබට පුළුවන.
ගණන් නැති තරම් රන් ද රිදී ද ලෝකඩ ද යකඩ ද තිබේ. නැඟිට වැඩ පටන් ගන්න. සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ සිටින සේක්වා”යි කී ය.
දෙවියන් වහන්සේගේ මාලිගාවේ සේවයට රන් මෙට්රික් ටොන් එකසිය හැත්තෑවට වැඩි ගණනකුත්, රිදී මෙට්රික් ටොන් තුන්සිය සතළිසකට වැඩි ගණනකුත්, ලෝකඩ මෙට්රික් ටොන් හයසිය විස්සක් පමණකුත්, යකඩ මෙට්රික් ටොන් තුන්දාස් හාරසියයකට වැඩි ගණනකුත් දුන්නෝ ය.
දමස්කයේ සීමාවටත්, හමාත්හි සීමාවටත් අතරේ තිබෙන සිබ්‍රායිම් ද හවුරාන්හි සීමාවේ තිබෙන මධ්‍ය හාශෙර් ද යන ඒවා ය.