Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 8:8 - Sinhala Revised Old Version

8 බෙටාද බෙරොතයිද යන හදද්එසෙර්ගේ නුවරවලින් දාවිත් රජ පිත්තල බොහෝසෙයින්ම ගත්තේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 බෙටා ද බෙරොතයි ද යන හදද්-එශෙර්ගේ නගරවලින් දාවිත් රජ ලෝකඩ බොහෝ සෙයින් ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 බෙටා ද බෙරොතයි ද යන හදද්-එශෙර්ගේ නගරවලින් දාවිත් රජ ලෝකඩ බොහෝ සෙයින් ගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 8:8
9 හුවමාරු යොමු  

දාවිත් හදද්එසෙර්ගේ සේවකයන්ට තිබුණු රන් පලිස් රැගෙන යෙරුසලමට ගෙනාවේය.


දෙවියන්වහන්සේ ඔහුට තවත් විරුද්ධකාරයෙකු නැගිටෙවුසේක, එනම් තමාගේ ස්වාමිවූ ශෝබායේ රජවූ හදද් එසෙර් වෙතින් පලාගියාවූ එලියාදාගේ පුත්‍රවූ රෙසොන්ය.


මින්පසු දාවිත් පිලිස්තිවරුන්ට පහරදී ඔවුන් යටත්කරගන, ගාත්ද ඊට අයිති නුවරවල්ද පිලිස්තිවරුන්ගේ අතින් ගත්තේය.


තිබ්හත්ද කූන්ද යන හදර්එසෙර්ගේ නුවරවලින් දාවිත් බොහෝ පිත්තල ගත්තේය, එයින් සාලමොන් පිත්තල මුහුදත් කුළුනුත් පිත්තල භාජනත් සෑදීය.


මෙන්න, මාගේ විපතේදී ස්වාමීන්වහන්සේගේ ගෘහයට රන් තලෙන්ත ලක්ෂයකුත් රිදී තලෙන්ත දශ ලක්ෂයකුත් ගණන් නැති තරම් පිත්තලත් යකඩත් සූදානම්කෙළෙමි; ඒවා අතිශයින් බොහෝය. ඒ ඇර ලීද ගල්ද සූදානම්කෙළෙමි; ඒවාට තව එකතුකරන්ට නුඹට පුළුවන.


ගණන් නැතිතරම් රන්ද රිදීද පිත්තලද යකඩද තිබේ; නැගිට වැඩ පටන්ගන්න, ස්වාමීන්වහන්සේ නුඹ සමඟ වනසේක්වයි කීය.


දෙවියන්වහන්සේගේ ගෘහයේ මෙහෙයට රන් තලෙන්ත පන්දහසක් සහ දරික් මිල දස දහසකුත් රිදී තලෙන්ත දසදහසකුත් පිත්තල තලෙන්ත දහඅට දහසකුත් යකඩ තලෙන්ත ලක්ෂයකුත් දුන්නෝය.


දමස්කයේ සීමාවටත් හමාත්හි සීමාවටත් අතරේ තිබෙන සිබ්‍රායිම්ද හවුරාන්හි සීමාවේ තිබෙන මධ්‍ය හාශෙර්ද යන ඒවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්