රජ තෙමේ ජෝවාබ්ට ද තමා සමඟ සිටි සේනාපතීන්ට ද කතා කොට, “සෙනඟගේ ගණන මා දැනගන්න පිණිස, ඔබ දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා සියලු ඉශ්රායෙල් ගෝත්‍ර අතරේ ඇවිද සෙනඟ ගණන් කරන්නැ”යි කී ය.
2 සාමුවෙල් 24:15 - Sinhala New Revised Version 2018 මෙසේ සමිඳාණන් වහන්සේ උදය පටන් නියම වේලාව දක්වා ඉශ්රායෙල් දේශය පිට වසංගතයක් එවූ සේක. එයින් දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා සෙනඟගෙන් මිනිස්සු සැත්තෑ දහසක් මැරුණෝ ය. Sinhala New Revised Version මෙසේ සමිඳාණන් වහන්සේ උදය පටන් නියම වේලාව දක්වා ඉශ්රායෙල් දේශය පිට වසංගතයක් එවූ සේක. එයින් දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා සෙනඟගෙන් මිනිස්සු සැත්තෑ දහසක් මැරුණෝ ය. Sinhala Revised Old Version මෙසේ ස්වාමීන්වහන්සේ උදය පටන් නියම වේලාව දක්වා ඉශ්‍රායෙල් අතරට වසංගතයක් එවූසේක. එයින් දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වා සෙනඟගෙන් මනුෂ්‍යයන් සැත්තෑදහසක් මැරුණෝය. |
රජ තෙමේ ජෝවාබ්ට ද තමා සමඟ සිටි සේනාපතීන්ට ද කතා කොට, “සෙනඟගේ ගණන මා දැනගන්න පිණිස, ඔබ දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා සියලු ඉශ්රායෙල් ගෝත්‍ර අතරේ ඇවිද සෙනඟ ගණන් කරන්නැ”යි කී ය.
එබැවින් සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් අතරට වසංගතයක් එවූ සේක. එයින් ඉශ්රායෙල්වරුන්ගෙන් සැත්තෑදහසක් මනුෂ්‍යයෝ මළෝ ය.
ශෙරුයාගේ පුත් ජෝවාබ් සෙනඟ ගණන් කරන්න පටන්ගත් නමුත්, එය අවසාන කෙළේ නැත. තවද, ඒ ගැන ඉශ්රායෙල් පිට උදහස පැමිණියේ ය. ඒ ගණන ද දාවිත් රජුගේ වාර්තා පොතේ ඇතුළත් නොකරන ලද්දේ ය.
දෙ වැනි මාසයට කාණ්ඩය කෙරෙහි අහෝහිය දෝදයි පත් ව සිටියේ ය. ඔහුගේ කාණ්ඩයේ මුලාදෑනියා මික්ලොත් ය. ඔහුගේ කාණ්ඩයෙහි විසිහතරදහසක් ය.
ඒ රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේගේ දූතයා පිටත් ව ගොස් අසිරියන්වරුන්ගේ කඳවුරෙහි එක්ලක්ෂ අසූපන්දහස් දෙනෙකුට පහර දුන්නේ ය. එළිවන විට ඔව්හු සියල්ලෝ ම මළකඳන් වූ හ.
සමිඳාණන් වහන්ස, ඔබ කර ඇති සියලු දේ ගැන මා අසා ඇත. සමිඳාණන් වහන්ස, ඔබේ ක්‍රියා මා තුළ ගරුබිය දනවයි. ඔබ වහන්සේ පෙර කළ බලවත් ක්‍රියා මේ කාලයේදීත් කළ මැනව; පෙන්නුව මැනව; උදහසේ දී ඔවුන්ට දයාව දැක්වුව මැනව.
ජාතියක් ජාතියකට විරුද්ධ ව ද රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධ ව ද නැඟී සිටිනු ඇත. නොයෙක් තැන්හි සාගත ද භූමිකම්පා ද සිදුවනු ඇත.
එකෙණෙහි ම මම සුදුමැලි අශ්වයෙකු දිටිමි. ඒ අසු පිට හුන් තැනැත්තාගේ නාමය මාරයා යනු ය. පාතාල ලෝකය ද ඔහු පසුපස්සේ ගියේ ය. කඩුවෙන් ද සාගතයෙන් ද වසංගතයෙන් ද පොළොවේ වන මෘගයන් ලවා ද මරණය පැමිණවීමට පොළොවෙන් සතරෙන් කොටසක් කෙරෙහි බලය ඔවුන්ට දෙන ලද්දේ ය.
බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයන් සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඇර බැලූ නිසා, උන් වහන්සේ සෙනඟගෙන් සැත්තෑදෙනෙකුට පහර දුන් සේක. සමිඳාණන් වහන්සේ සෙනඟ අතරෙහි මේ සා මහත් ඝාතනයක් කළ බැවින් සෙනඟ වැලපුණෝ ය.