Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 24:15 - Sinhala Revised Old Version

15 මෙසේ ස්වාමීන්වහන්සේ උදය පටන් නියම වේලාව දක්වා ඉශ්‍රායෙල් අතරට වසංගතයක් එවූසේක. එයින් දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වා සෙනඟගෙන් මනුෂ්‍යයන් සැත්තෑදහසක් මැරුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 මෙසේ සමිඳාණන් වහන්සේ උදය පටන් නියම වේලාව දක්වා ඉශ්රායෙල් දේශය පිට වසංගතයක් එවූ සේක. එයින් දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා සෙනඟගෙන් මිනිස්සු සැත්තෑ දහසක් මැරුණෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 මෙසේ සමිඳාණන් වහන්සේ උදය පටන් නියම වේලාව දක්වා ඉශ්රායෙල් දේශය පිට වසංගතයක් එවූ සේක. එයින් දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා සෙනඟගෙන් මිනිස්සු සැත්තෑ දහසක් මැරුණෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 24:15
11 හුවමාරු යොමු  

එබැවින් ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් අතරට වසංගතයක් එවූසේක. එයින් ඉශ්‍රායෙල්වරුන්ගෙන් සැත්තෑ දහසක් මනුෂ්‍යයෝ මළෝය.


ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ් ගණන්කරන්ට පටන්ගත් නුමුත් තීන්දුකළේ නැත; තවද ඒ ගැන ඉශ්‍රායෙල් පිටට උදහස පැමුණුණේය; ඒ ගණනද දාවිත් රජුගේ ලේකම් පොතේ ඇතුළත් නොකරනලද්දේය.


එවිට සුදුමැලි අශ්වයෙක් සිටිනවා දුටිමි. ඌ පිට හුන් තැනැත්තාගේ නාමය මරණයය; පාතාලයද ඔහු අනුව ගියේය. කඩුවෙනුත් සාගතයෙනුත් වංසගතයෙනුත් පොළොවේ වනමෘගයන් ලවාත් මරන්ට පොළොවෙන් සතරෙන් කොටසක් කෙරෙහි ඔවුන්ට බලය දෙනලද්දේය.


මක්නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල සාගතද පොළෝකම්පාද සිදුවෙනවා ඇත.


ඒ රාත්‍රියේදී ස්වාමීන්වහන්සේගේ දූතයා පිටත්ව ගොස් අෂූර්වරුන්ගේ කඳවුරෙහි එක් ලක්ෂ අසූපන්දහස් දෙනෙකුට පහරදුන්නේය. මිනිසුන් අලුයම නැගුටුණු විට, බලව, ඒ සියල්ලෝ මළකඳන් වූය.


දෙවෙනි මාසයට පංක්තිය කෙරෙහි අහෝහිය දෝදයි පත්ව සිටියේය. ඔහුගේ පංක්තියේ මුලාදෑනියා මික්ලොත්ය. ඔහුගේ පංක්තියෙහි විසිහතර දහසක් සිටියෝය.


බෙත්-ෂෙමෙෂ්හි මනුෂ්‍යයන් ස්වාමීන්වහන්සේගේ පෙට්ටිය ඇර බැලූ නිසා උන්වහන්සේ සෙනඟගෙන් සැත්තෑ දෙනෙකුටත් පනස් දහසකටත් පහර දුන්සේක. ස්වාමීන්වහන්සේ සෙනඟ අතරෙහි මහත් නාස්තියක් කළ බැවින් සෙනඟ වැලපුණාහ.


වසංගතයෙන් මැරුණු අය විසිහතර දහසක්ය.


රජතෙමේ තමා සමඟ සිටි සේනාපතියාවූ යෝවාබ්ට කථාකොට: මා විසින් සෙනඟගේ ගණන දැනගන්නා පිණිස නුඹලා දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වා සියලු ඉශ්‍රායෙල් ගෝත්‍ර අතරේ ඇවිද සෙනඟ ගණන්කරන්නැයි කීවේය.


ස්වාමීන්වහන්ස, මම ඔබගේ ප්‍රවෘත්තිය අසා භයවීමි. ස්වාමීන්වහන්ස, අවුරුදු අතරතුරේ ඔබගේ ක්‍රියාකිරීම ප්‍රාණවත්කළ මැනව. අවුරුදු අතරතුරේ දැන්වුව මැනව; උදහසේදී අනුකම්පාව සිහිකළ මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්