දාවිත් ගොස් සාවුල්ගේ ඇටකටු සහ ඔහුගේ පුත් ජොනතන්ගේ ඇටකටු එතැනින් ගෙනාවේ ය. එල්ලා දමන ලද තැනැත්තන්ගේ ඇටකටුත් ඔව්හු එකතු කළෝ ය.
2 සාමුවෙල් 21:14 - Sinhala New Revised Version 2018 සාවුල්ගේ ද ඔහුගේ පුත් ජොනතන්ගේ ද ඇටකටු බෙන්ජමින් රටේ ශේලාහි තිබෙන සාවුල්ගේ පිය වූ කිෂ්ගේ සොහොන් ගෙයි තැන්පත් කොට රජු විසින් අණ කරන ලද සියල්ල ඔව්හු කළෝ ය. ඉන්පසු දේශය වෙනුවෙන් කරන ලද කන්නලව්වට දෙවියන් වහන්සේ සවන් දුන් සේක. Sinhala New Revised Version සාවුල්ගේ ද ඔහුගේ පුත් ජොනතන්ගේ ද ඇටකටු බෙන්ජමින් රටේ ශේලාහි තිබෙන සාවුල්ගේ පිය වූ කිෂ්ගේ සොහොන් ගෙයි තැන්පත් කොට රජු විසින් අණ කරන ලද සියල්ල ඔව්හු කළෝ ය. ඉන්පසු දේශය වෙනුවෙන් කරන ලද කන්නලව්වට දෙවියන් වහන්සේ සවන් දුන් සේක. Sinhala Revised Old Version සාවුල්ගේද ඔහුගේ පුත්‍රවූ යොනාතාන්ගේද ඇට බෙන්යමින් රටේ ශේලාහි තිබෙන ඔහුගේ පියවූ කීෂ්ගේ සොහොන්ගෙයි තැන්පත්කොට රජු විසින් අණකළ සියල්ල කළෝය. ඉන්පසු දේශය ගැන කළ කන්නලව්ව දෙවියන්වහන්සේ පිළිගත්සේක. |
දාවිත් ගොස් සාවුල්ගේ ඇටකටු සහ ඔහුගේ පුත් ජොනතන්ගේ ඇටකටු එතැනින් ගෙනාවේ ය. එල්ලා දමන ලද තැනැත්තන්ගේ ඇටකටුත් ඔව්හු එකතු කළෝ ය.
එහි දාවිත් සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනඟා දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කෙළේ ය. එවිට සමිඳාණන් වහන්සේ දේශය ගැන කළ කන්නලව්ව පිළිගත් සේක. ඉශ්රායෙල් දේශයේ වසංගතය පහ ව ගියේ ය.
ඔව්හු අබ්නේර් හෙබ්‍රොන්හි තැන්පත් කළහ. රජ ශබ්ද නඟා අබ්නේර්ගේ සොහොන් පොළේ දී හැඬී ය. මුළු සෙනඟත් හැඬූ හ.
දාවිත් තමාගේ තරුණයන්ට අණ දුන්නේ ය; ඔව්හු ඔවුන් මරා, ඔවුන්ගේ අත් පා කපාදමා හෙබ්‍රොන්හි පොකුණ ළඟ එල්ලා තැබූ හ. එහෙත්, ඔව්හු ඊෂ්-බොෂෙත්ගේ හිස රැගෙන හෙබ්‍රොන්හි තිබුණු අබ්නේර්ගේ සොහොනේ තැන්පත් කළහ.
එවිට දේව දූතයා මහා හඬින් මට කතා කොට, “උතුරු දේශයට ගිය අශ්වයන් සමිඳාණන් වහන්සේගේ උදහස උතුරු දේශයේ සංසිඳුවා ඇතැ”යි කී ය.
සදාතන පූජකවරයේ ගිවිසුමක් වශයෙන් එය ඔහුටත්, ඔහුගෙන් පසු ඔහුගේ පෙළපතටත් හිමි වනු ඇත. මා එසේ කෙළේ ඔහු තම දෙවියන් වහන්සේට ලැදි ව, ඉශ්රායෙල් ජනයාට පව් කමාව සැලැසූ හෙයිනි”යි වදාළ සේක.
ඒ ඉශ්රායෙල් ජාතිකයා පසුපස ගොස් කූඩාරමට ඇතුළු වී, ඔහුගේ හා ඒ ස්ත්‍රියගේ බඩ සිදුරු කරගෙන යන ලෙස දෙදෙනාට ම ඇන්නේ ය. එවිට ඉශ්රායෙල් ජනයා අතර පැතිර ගිය වසංගතය නැවතිණි.
ශේලා ද එලෙප් ද ජෙරුසලම වන ජෙබුසීය ද ගිබෙයා ද කිරියත් ද යන නගර දසසතර සහ ඒවා යාබද ගම් ය. බෙන්ජමින් පරපුරේ පවුල් ගණන අනුව ඔවුන්ගේ උරුමය මේ ය.
තවද, ඔව්හු මහ ගල් ගොඩක් ඔහු පිට ගොඩ ගැසූ හ. එය අද දක්වා තිබේ. ඒ ස්ථානයට ආකොර් මිටියාවත යයි අද දක්වා කියන්නේ ඒ නිසා ය. ඉන්පසු සමිඳාණන් වහන්සේගේ උදහස සංසිඳුණේ ය.
ඔබ අද මා ළඟින් පිටත් ව යන විට, බෙන්ජමින්ගේ දේශ සීමාවේ ශෙල්ශාහි තිබෙන රාකෙල්ගේ සොහොන් පළ ළඟ දී මිනිසුන් දෙදෙනෙක් ඔබට සම්බවන්නෝ ය. ඔවුන් ඔබට කතා කොට, ඔබ සොයන්නට ගිය කොටළුවන් සම්බ වූ බවත්, ඔබේ පියා කොටළුවන් ගැන නොව ඔබ ගැන කරදර වන බවත්, ‘මාගේ පුත්‍රයා ගැන මම කුමක් කරම් දැ’යි කිය කියා සිටින බවත් ඔබට කියනු ඇත.