Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 21:14 - Sinhala Revised Old Version

14 සාවුල්ගේද ඔහුගේ පුත්‍රවූ යොනාතාන්ගේද ඇට බෙන්යමින් රටේ ශේලාහි තිබෙන ඔහුගේ පියවූ කීෂ්ගේ සොහොන්ගෙයි තැන්පත්කොට රජු විසින් අණකළ සියල්ල කළෝය. ඉන්පසු දේශය ගැන කළ කන්නලව්ව දෙවියන්වහන්සේ පිළිගත්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 සාවුල්ගේ ද ඔහුගේ පුත් ජොනතන්ගේ ද ඇටකටු බෙන්ජමින් රටේ ශේලාහි තිබෙන සාවුල්ගේ පිය වූ කිෂ්ගේ සොහොන් ගෙයි තැන්පත් කොට රජු විසින් අණ කරන ලද සියල්ල ඔව්හු කළෝ ය. ඉන්පසු දේශය වෙනුවෙන් කරන ලද කන්නලව්වට දෙවියන් වහන්සේ සවන් දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 සාවුල්ගේ ද ඔහුගේ පුත් ජොනතන්ගේ ද ඇටකටු බෙන්ජමින් රටේ ශේලාහි තිබෙන සාවුල්ගේ පිය වූ කිෂ්ගේ සොහොන් ගෙයි තැන්පත් කොට රජු විසින් අණ කරන ලද සියල්ල ඔව්හු කළෝ ය. ඉන්පසු දේශය වෙනුවෙන් කරන ලද කන්නලව්වට දෙවියන් වහන්සේ සවන් දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 21:14
16 හුවමාරු යොමු  

එහි දාවිත් ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකෙළේය. එවිට ස්වාමීන්වහන්සේ දේශය ගැන කන්නලව්ව පිළිගත්සේක, වසංගතයද ඉශ්‍රායෙල් අතරෙන් නැවතුණේය.


ශේලාද එලෙප්ද යෙරුසලම වන යෙබූසියද ගිබෙයත්ද කිරියත්ද යන නුවරවල් දසසතර සහ ඒවායේ ගම්ය. බෙන්යමින් පුත්‍රයන්ගේ පවුල්වල හැටියට ඔවුන්ගේ උරුමය මේය.


මහත් ගල් ගොඩක්ද ඔහු පිට ගොඩගැසූහ, එය අද දවස දක්වා තිබේ; ස්වාමීන්වහන්සේ තමන්ගේ බලවත් උදහසෙන් හැරුණුසේක, එබැවින් ඒ ස්ථානයට අද දවස දක්වා ආකොර් මිටියාවතයයි කියනලද්දේය.


එකල උන්වහන්සේ මට අඬගසා මට කථාකොට: උතුරු දේශයට පිටත්ව ගිය එවුවෝ උතුරු දේශය කෙරෙහි මාගේ ආත්මය සංසිඳෙවුවෝයයි කීසේක.


එවිට ඔව්හු යෝනා අරන් මුහුදේ දැමූහ. මුහුදේ වේගයද නැවතුණේය.


දාවිත් තමාගේ යෞවනයන්ට අණ දුන්නේය, ඔව්හු ඔවුන් මරා, ඔවුන්ගේ අත් පා කපාදමා, හෙබ්‍රොන්හි පොකුණ ළඟ එල්ලා තැබුවෝය. නුමුත් ඔව්හු ඊෂ්-බොෂෙත්ගේ හිස රැගෙන හෙබ්‍රොන්හි තිබුණු අබ්නේර්ගේ සොහොනේ තැන්පත් කළෝය.


ඔව්හු අබ්නේර් හෙබ්‍රොන්හි තැන්පත්කළෝය. රජ ශබ්ද නගා අබ්නේර්ගේ සොහොන්පළ ළඟදී ඇඬීය. මුළු සෙනඟද ඇඬුවෝය.


නුඹ අද මා ළඟින් පිටත්ව යන විට බෙන්යමින් සීමාවේ ශෙල්ශාහි තිබෙන රාඛෙල්ගේ සොහොන්පළ ළඟදී මනුෂ්‍යයන් දෙදෙනෙක් නුඹට සම්බවන්නෝය; ඔවුන් නුඹට කථාකොට–නුඹ සොයන්ට ගිය කොටළුවෝ සම්බවුණෝය. නුඹේ පියාණෝ කොටළුවන්ගේ කාරණය අත්හැර: මාගේ පුත්‍රයා ගැන මක්කරම්දැයි කියමින් නුඹලා ගැන ශෝකවන්නේයයි කියනවා ඇත.


ඔහු තමාගේ දෙවියන්වහන්සේ ගැන ජවලිතව සිට ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා සමඟිකමක් කළ බැවින් එය ඔහුටත් ඔහුගෙන් පසු ඔහුගේ වංශයටත් සදාකාල පූජකකමක ගිවිසුමක් වන්නේය කියා කියන්නැයි කීසේක.


දාවිත් ගොස් සාවුල්ගේ ඇට සහ ඔහුගේ පුත්‍රවූ යොනාතාන්ගේ ඇට එතැනින් ගෙනායේය. එල්ලා දමනලද තැනැත්තන්ගේ ඇටත් ඔව්හු එකතුකළෝය.


ඉශ්‍රායෙල් මනුෂ්‍යයා පස්සේ කූඩාරමට ඇතුල්වී ඉශ්‍රායෙල් මනුෂ්‍යයාද ඒ ස්ත්‍රීගේ බඩද සිදුරුවන ලෙස ඒ දෙදෙනාටම ඇන්නේය. එවිට ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙන් වසංගතය නැවතුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්