‘ඔබ හැම මාගේ සහෝදරයෝ ය; මාගේ ලේ නෑයෝ ය; එබැවින් රජ්ජුරුවන් නැවත ගෙන්වා ගන්නට ඔබ අන්තිමයන් වන්නේ මන්දැ’යි අසන්න.
2 සාමුවෙල් 19:42 - Sinhala New Revised Version 2018 සියලු ජුදා සෙනඟ ඉශ්රායෙල් සෙනඟට පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන් අපේ කිට්ටු නෑයෙකු නිසා ය; ඔබ හැම මේ කාරණය ගැන කෝප වන්නේ මන් ද? රජුගේ වියදමෙන් අපි කිසිවක් කෑවෙමු ද, නැතහොත් ඔහු කිසි තෑග්ගක් අපට දුන්නේ දැ”යි ඇසුවෝ ය. Sinhala New Revised Version සියලු ජුදා සෙනඟ ඉශ්රායෙල් සෙනඟට පිළිතුරු දෙමින්, “රජ්ජුරුවන් අපේ කිට්ටු නෑයෙකු නිසා ය; ඔබ හැම මේ කාරණය ගැන කෝප වන්නේ මන් ද? රජුගේ වියදමෙන් අපි කිසිවක් කෑවෙමු ද, නැතහොත් ඔහු කිසි තෑග්ගක් අපට දුන්නේ දැ”යි ඇසුවෝ ය. Sinhala Revised Old Version සියලු යූදා මනුෂ්‍යයෝ ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ට උත්තරදෙමින්: රජ්ජුරුවන් අපේ නෑයෙක් නිසාය. නුඹලා මේ කාරණය ගැන කෝපවෙන්නේ මක්නිසාද? රජුගේ වියදමෙන් අපි කොහෙත්ම කෑවෙමුද? නොහොත් ඔහු අපට කිසි තෑග්ගක් දුන්නේදැයි කීවෝය. |
‘ඔබ හැම මාගේ සහෝදරයෝ ය; මාගේ ලේ නෑයෝ ය; එබැවින් රජ්ජුරුවන් නැවත ගෙන්වා ගන්නට ඔබ අන්තිමයන් වන්නේ මන්දැ’යි අසන්න.
ඉශ්රායෙල් සෙනඟ ජුදා සෙනඟට පිළිතුරු දෙමින්, “රජුගෙන් දස කොටසක් අපට තිබේ. දාවිත් රජුගෙනුත් ඔබට වඩා අයිතිකම් අපට ඇත්තේ ය. ඔබ අප සුළු කොට සිතුවේ මන් ද? රජු යළිත් ගෙනෙන්නට පළමුකොට කතා කෙළේ අපි නොවෙමු දැ”යි කී හ. එහෙත්, ඉශ්රායෙල් සෙනඟගේ වචනවලට වඩා ජුදා සෙනඟගේ වචන වේගවත් විය.
තවද, ජුදාහි සෙනඟ අවුත් එහි දී දාවිත් ජුදා වංශයේ රජු වශයෙන් අභිෂේක කළහ. “සාවුල් තැන්පත් කරනු ලැබුවේ ජාබෙෂ්-ගිලියද් මිනිසුන් විසින් ය”යි දාවිත්ට දන්වන ලද්දේ ය.
එකල සියලු ඉශ්රායෙල් ගෝත්‍රයෝ හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත අවුත්, “අපි ඔබේ ම ලේ නෑයෝ වමු.
එප්‍රායිම් වැසියෝ ගිඩියොන්ට කතා කොට, “ඔබ මිදියන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට යන කල අපට අඬ නොගසා මෙසේ කෙළේ මන්දැ”යි ඔහුට තද ලෙස දොස් පැවරූ හ.