Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 19:43 - Sinhala New Revised Version 2018

43 ඉශ්රායෙල් සෙනඟ ජුදා සෙනඟට පිළිතුරු දෙමින්, “රජුගෙන් දස කොටසක් අපට තිබේ. දාවිත් රජුගෙනුත් ඔබට වඩා අයිතිකම් අපට ඇත්තේ ය. ඔබ අප සුළු කොට සිතුවේ මන් ද? රජු යළිත් ගෙනෙන්නට පළමුකොට කතා කෙළේ අපි නො‍වෙමු දැ”යි කී හ. එහෙත්, ඉශ්රායෙල් සෙනඟගේ වචනවලට වඩා ජුදා සෙනඟගේ වචන වේගවත් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

43 ඉශ්රායෙල් සෙනඟ ජුදා සෙනඟට පිළිතුරු දෙමින්, “රජුගෙන් දස කොටසක් අපට තිබේ. දාවිත් රජුගෙනුත් ඔබට වඩා අයිතිකම් අපට ඇත්තේ ය. ඔබ අප සුළු කොට සිතුවේ මන් ද? රජු යළිත් ගෙනෙන්නට පළමුකොට කතා කෙළේ අපි නො‍වෙමු දැ”යි කී හ. එහෙත්, ඉශ්රායෙල් සෙනඟගේ වචනවලට වඩා ජුදා සෙනඟගේ වචන වේගවත් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

43 ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ යූදා මනුෂ්‍යයන්ට උත්තරදෙමින්: රජුගෙන් දස කොටසක් අපට තිබේ, දාවිත්ගෙනුත් නුඹලාට වඩා අයිතිකම අපට ඇත්තේය. නුඹලා අප සුළුකොට සිතුවේ මක්නිසාද? රජු නැවත ගෙනෙන්ට පළමුකොට කථාකළේ අප නොවේදැයි කීවෝය. නුමුත් ඉශ්‍රායෙල් මනුෂ්‍යයන්ගේ වචනවලට වඩා යූදා මනුෂ්‍යයන්ගේ වචන සැරව තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 19:43
23 හුවමාරු යොමු  

රූප වැඳීම, කොඩිවින, සතුරුකම්, විවාදය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, යශස්කාමය, පක්ෂ භේද, ආරාවුල්,


එකල සියලු ඉශ්රායෙල් ගෝත්‍රයෝ හෙබ්‍රොන්හි සිටි දාවිත් වෙත අවුත්, “අපි ඔබේ ම ලේ නෑයෝ වමු.


මන්ද, මනුෂ්‍යයාගේ කෝපයෙන් දෙවියන් වහන්සේගේ යුක්තිය ඉටු වන්නේ නැත.


පක්ෂවාදීකමින් වත් පුහු මාන්නයෙන් වත් කිසිවක් නොකරන්න. එකිනෙකා තම තමාට වඩා අන් අය උතුම් යයි යටහත්කමින් සිතන්න.


නිෂ්ඵල පාරට්ටු කර නොගනිමු. එකිනෙකා කෝප නොකරමු. එකිනෙකාට ඊර්ෂ්‍යා නොකරමු.


එහෙත් ඔබ එකිනෙකා උනුනුන් කුළල් කාගන්නහු නම්, ඔබ එකිනෙකාගෙන් විනාශ නොවන හැටියට වග බලාගන්න.


නපුරෙන් පරාජය නොවී, යහපතින් නපුර පරාජය කරන්න.


සොහොයුරාට අත දෙන සොහොයුරා බලකොටුවක් වැනි ය; සොහොයුරා සමඟ දබර කළොත් ඔහු ඔබට දොර වසනු ඇත.


නඩුහබ පටන්ගැනීම අමුණක් බිඳීම වැනි ය; වාද විවාද හටගන්න පෙර ඒවා වැළැක්වීම හොඳ ය.


මුදු මොළොක් පිළිතුර කෝපය පහකරයි; රළු පරුස වදන තරහ අවුස්සයි.


උඩඟුකම වාද විවාද ඇති කරයි; ඔවා බස් පිළිගන්නන් වෙත ප්‍රඥාව ඇත.


සියලු ඉශ්රායෙල්වරු රජු තමන්ට ඇහුම්කන් නුදුන් බව දුටු කල, රජුට උත්තර දෙමින්, “දාවිත්ගෙන් අපට ඇති කොටස කුමක් ද? ජෙස්සේගේ පුතුගෙන් අපට උරුමයක් නැත. ඉශ්රායෙල්වරුනි, ඔබේ ගෙවලට යන්න. ඉතින් දාවිත් රජතුමෙනි, ඔබ ඔබේ ම ගෝත්‍රය බලාගන්නැ”යි කියා තම තමන්ගේ ගෙවලට ගියෝ ය.


දාවිත් අබිෂයිට කතා කොට, “අබ්සලොම්ට වඩා බික්‍රිගේ පුත් ෂෙබා අපට අනතුරු කරනු ඇත. ඔහු පවුරු ඇති නගර අත් කරගෙන අපෙන් ගැළවී නො‍යන පිණිස, ඔබේ ස්වාමියාගේ සේවකයන් කැඳවාගෙන ඔහු ලුහුබැඳ යන්නැ”යි කී ය.


බෙන්ජමින් ජාතිකයෙකු වන බික්‍රිගේ පුත් ෂෙබා නම් දුර්ජන මිනිසෙක් එහි සිටියේ ය. ඔහු හොරණෑව පිඹ, මොරගසා, “දාවිත් සමඟ ගනුදෙනු අපට නැත, ජෙස්සේගේ පුත්‍රයාගෙන් කිසි උරුමයක් අපට නැත; ඉශ්රායෙල්වරුනි, එකිනෙකා තම තමාගේ කූඩාරම්වලට යේවා”යි කී ය.


මෙසේ දාවිත් සියලු ජුදා මිනිසුන්ගේ සිත් එක් කෙනෙකුගේ සිත මෙන් දිනාගත්තේ ය. සෙනඟ කතා කරමින්, “ඔබේ සියලු සේවකයන් සමඟ හැරී අව මැනව”යි කියා යැව්වෝ ය.


සියලු ඉශ්රායෙල් ගෝත්‍රවල සෙනඟ විවාද කරමින්, “රජ්ජුරුවෝ අපේ සතුරන් අතින් අප මුදා, පිලිස්තිවරුන්ගේ අතින් ද අප ගළවාගත්හ. එහෙත්, දැන් ඔහු අබ්සලොම් නිසා රටින් පලා ගොස් ඇත.


ඉන්පසු අබිමෙලෙක් සහ ෂෙකෙම් වැසියන් අතරේ විරුද්ධවාදිකමක් දෙවියන් වහන්සේ ඇති කළ සේක. ෂෙකෙම් වැසියෝ අබිමෙලෙක්ට විරුද්ධ ව ද්‍රෝහිකම් කළෝ ය.


එප්‍රායිම් වැසියෝ ගිඩියොන්ට කතා කොට, “ඔබ මිදියන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට යන කල අපට අඬ නොගසා මෙසේ කෙළේ මන්දැ”යි ඔහුට තද ලෙස දොස් පැවරූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්