එවිට ජාකොබ් ඔහුට උත්තර දෙමින්, “එසේ නො වේ වා, කරුණාකර ඔබ ඉදිරියෙහි මම ඔබේ ප්‍රසාදය ලදිම් නම්, මා අතින් මාගේ තෑග්ග පිළිගන්න. ඔබ මා සාදරයෙන් පිළිගන්නෙහි නම්, මට ඔබේ මුහුණ දැකීම හරියට දෙවියන් වහන්සේගේ මුහුණ දැකීම හා සමාන ය.
2 සාමුවෙල් 14:28 - Sinhala New Revised Version 2018 අබ්සලොම් රජු ඉදිරියට නොපැමිණ දෑවුරුද්දක් ම ජෙරුසලමේ වාසය කෙළේ ය. Sinhala New Revised Version අබ්සලොම් රජු ඉදිරියට නොපැමිණ දෑවුරුද්දක් ම ජෙරුසලමේ වාසය කෙළේ ය. Sinhala Revised Old Version අබ්සලොම් රජුගේ මුහුණ නොදැක දෑවුරුද්දක්ම යෙරුසලමෙහි වාසයකෙළේය. |
එවිට ජාකොබ් ඔහුට උත්තර දෙමින්, “එසේ නො වේ වා, කරුණාකර ඔබ ඉදිරියෙහි මම ඔබේ ප්‍රසාදය ලදිම් නම්, මා අතින් මාගේ තෑග්ග පිළිගන්න. ඔබ මා සාදරයෙන් පිළිගන්නෙහි නම්, මට ඔබේ මුහුණ දැකීම හරියට දෙවියන් වහන්සේගේ මුහුණ දැකීම හා සමාන ය.
එවිට ජුදා ඔහු අමතා, “ ‘නුඹලාගේ සහෝදරයා නුඹලා සමඟ සිටියොත් මිස නුඹලා නම් මා ඉදිරියට නොපැමිණිය යුතු ය’යි ඒ මිනිසා අපට තදින් අවවාද කෙළේ ය.
රජ ද, “ඔහු තමාගේ ම ගෙදරට යේවා; ඔහු මා ඉදිරියට නොපැමිණිය යුතු ය”යි කී ය. එබැවින් අබ්සලොම් තමාගේ ගෙදරට හැරී ගියේ ය. ඔහු රජ්ජුරුවන් ඉදිරියට නොපැමිණියේ ය.
එවිට අබ්සලොම්, ජෝවාබ් රජු ළඟට යවන පිණිස, ඔහුට අඬගසා යැවී ය. එහෙත්, ඔහු එන්නට කැමැති නො වී ය. ඔහු යළිත් දෙ වන වර ද කියා යැවී ය. එහෙත්, ඔහු එන්නට කැමැති නො වී ය.
එවිට සලමොන් රජ මිනිසුන් යවා ඔහු පූජාසනය ළඟින් ගෙන්වී ය. අදොනියා ද අවුත් නැමී රජතුමාට වැන්දේ ය. රජ තෙම ඔහුට කතා කොට, “ඔබේ ගෙදරට යන්නැ”යි කීවේ ය.
තවද, රජ තෙම ෂිමෙයිට පණිවුඩයක් යවා ඔහු කැඳවා, “ඔබ ජෙරුසලමෙහි ගෙයක් සාදාගෙන එහි වාසය කරන්න. එතැනින් කොතැනට වත් නොයන්න.
“මේ බාලයන්ගෙන් එකෙකු වත් හෙළා නොදැකීමට වගබලාගන්න. මන්ද, ‘ස්වර්ගයෙහි ඔවුන්ගේ දේව දූතයෝ ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි නිරතුරු ම සිටිති’යි මම ඔබට කියමි.