Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 1:53 - Sinhala New Revised Version 2018

53 එවිට සලමොන් රජ මිනිසුන් යවා ඔහු පූජාසනය ළඟින් ගෙන්වී ය. අදොනියා ද අවුත් නැමී රජතුමාට වැන්දේ ය. රජ තෙම ඔහුට කතා කොට, “ඔබේ ගෙදරට යන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

53 එවිට සලමොන් රජ මිනිසුන් යවා ඔහු පූජාසනය ළඟින් ගෙන්වී ය. අදොනියා ද අවුත් නැමී රජතුමාට වැන්දේ ය. රජ තෙම ඔහුට කතා කොට, “ඔබේ ගෙදරට යන්නැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

53 එවිට සාලමොන් රජ මිනිසුන් යවා ඔහු පූජාසනය ළඟින් ගෙන්විය. ඔහු ඇවිත් සාලමොන් රජුට වැන්දේය. සාලමොන්ද: නුඹේ ගෙට යන්නැයි ඔහුට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 1:53
10 හුවමාරු යොමු  

මාගේ පුත්‍රය, සමිඳුන්ට ද රජුට ද ගරුබිය දක්වන්න; ඔවුන්ට විරුද්ධ ව කැරලි නොගසන්න.


තවද, රජ තෙම ෂිමෙයිට පණිවුඩයක් යවා ඔහු කැඳවා, “ඔබ ජෙරුසලමෙහි ගෙයක් සාදාගෙන එහි වාසය කරන්න. එතැනින් කොතැනට වත් නොයන්න.


එවිට බැත්-ෂෙබා මුණින්තළා වී රජුට වැඳ, “දාවිත් රජතුමා සදහට ම ජීවත් වේ වා!”යි කීවා ය.


බැත්-ෂෙබා නැමී රජුට ආචාර කළා ය. රජතුමා, “ඔබට කුමක් උවමනා දැ”යි ඇසූ විට,


අබ්සලොම් රජු ඉදිරියට නො‍පැමිණ දෑවුරුද්දක් ම ජෙරුසලමේ වාසය කෙළේ ය.


රජ ද, “ඔහු තමාගේ ම ගෙදරට යේවා; ඔහු මා ඉදිරියට නො‍පැමිණිය යුතු ය”යි කී ය. එබැවින් අබ්සලොම් තමාගේ ගෙදරට හැරී ගියේ ය. ඔහු රජ්ජුරුවන් ඉදිරියට නො‍පැමිණියේ ය.


තුන් වන දවසේ දී මිනිසෙක් තමාගේ ඇඳුම් ඉරාගෙන, හිසේ පස් දමාගෙන සාවුල්ගේ කඳවුරෙන් නික්ම ආවේ ය. ඔහු දාවිත් ළඟට පැමිණි විට බිම වැටී වැන්දේ ය.


සලමොන් රජ තෙම ද, “ඔහු විශ්වාස මනුෂ්‍යයෙකු බව මට පෙනේ නම්, ඔහුගේ කෙස් ගහක් වත් බිම නොවැටෙන්නේ ය. එහෙත්, ඔහු දුෂ්ට කෙනෙකු බව පෙනේ නම්, ඔහු නසින්නේ ය”යි කීවේ ය.


දාවිත් රජතුමා නසින කාලය ආසන්න විය. ඔහු ස්වකීය පුත් සලමොන්ට මෙසේ අණ කෙළේ ය.


ජෝවාබ් රජු ළඟට අවුත් එපවත් ඔහුට දැන්වී ය. ඔහු අබ්සලොම් කැඳවූ කල හෙතෙම රජු ළඟට අවුත්, රජු ඉදිරියෙහි මුණින්තළා වී වැන්දේ ය. රජ ද අබ්සලොම් සිඹගත්තේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්