අම්නොන්ගේ මරණයෙන් පසු දාවිත් සැනසීමට පත් ව සිටි බැවින්, අබ්සලොම් කෙරෙහි ඔහුගේ සිත ඇදී ගියේ ය.
2 සාමුවෙල් 14:1 - Sinhala New Revised Version 2018 දාවිත් රජුගේ සිත අබ්සලොම් කෙරෙහි ඇලුම් ව තිබෙන බව ශෙරුයාගේ පුත් ජෝවාබ්ට පෙනී ගියේ ය. Sinhala New Revised Version දාවිත් රජුගේ සිත අබ්සලොම් කෙරෙහි ඇලුම් ව තිබෙන බව ශෙරුයාගේ පුත් ජෝවාබ්ට පෙනී ගියේ ය. Sinhala Revised Old Version රජුගේ සිත අබ්සලොම් කෙරෙහි ඇලුම්ව තිබෙන බව ශෙරුයාගේ පුත්‍රවූ යෝවාබ්ට දැනුණේය. |
අම්නොන්ගේ මරණයෙන් පසු දාවිත් සැනසීමට පත් ව සිටි බැවින්, අබ්සලොම් කෙරෙහි ඔහුගේ සිත ඇදී ගියේ ය.
එවිට තෙකෝවායෙන් කපටි ස්ත්‍රියක ගෙන්වාගෙන ඈට කතා කොට, “ඔබ වැලපෙන්නියක මෙන් වැලපීමේ වස්ත්‍ර හැඳ, තෙල් නොගා, මියගිය කෙනෙකු ගැන බොහෝ කල් වැලපෙන ස්ත්‍රියක මෙන් වී,
එවිට රජ අතිශයෙන් කම්පා වී දොරටුවට ඉහළින් තිබුණු උඩුමහලට ගොස් ඇඬුවේ ය. ඔහු අඬ අඬා, “අනේ! මාගේ පුත් අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත් අබ්සලොම්! ඔබ වෙනුවට මා මැරුණා නම් යහපත; අහෝ අබ්සලොම්, මාගේ පුත්‍රය, මාගේ පුත්‍රය”යි කීවේ ය.
රජ සිය පුත්‍රයා ගැන ශෝක වන්නේ යයි එදින ම මුළු ජනයාට සැළ වුණ බැවින් ඒ දවසේ ඇති වූ ජය ගීය විලාප ගීයකට හැරිණි.
රජ තමාගේ මුහුණ වසාගෙන, “අනේ! මාගේ පුත් අබ්සලොම්, අනේ! අබ්සලොම් මාගේ පුත්‍රය, මාගේ පුත්‍රය!” කියා මහා හඬින් හැඬී ය.
ශෙරුයාගේ පුත්‍රයන් තිදෙනා වන ජෝවාබ්, අබිෂයි සහ අසාහෙල් එහි සිටියහ. අසාහෙල්ට වනයේ මුවෙකුට මෙන් වේගයෙන් දිවීමේ ශූරතාව තිබුණේ ය.
මොවුන්ගේ සහෝදරියෝ නම්: ශෙරුයා සහ අබිගායිල් ය. ශෙරුයාගේ පුත්‍රයෝ නම්: අබිෂයි ද ජෝවාබ් ද අසාහෙල් ද යන තුන්දෙනා ය.