ශිබෙයොන්ගේ දරුවෝ ආයා සහ අනා ය. තමාගේ පියා වූ ශිබෙයොන්ගේ කොටළුවන්ට පාළු තැන්නෙහි තණ කවමින් සිටිය දී උණු දිය උල්පත් සම්බ වූයේ මේ අනාට ය.
2 සාමුවෙල් 13:29 - Sinhala New Revised Version 2018 අබ්සලොම්ගේ වැඩකාරයෝ අබ්සලොම් අණ කළ ලෙස අම්නොන්ට කළහ. එවිට රජුගේ සියලු පුත්‍රයෝ නැඟිට තම තමන්ගේ අශ්වතරයන් පිට නැඟී පලා ගියහ. Sinhala New Revised Version අබ්සලොම්ගේ වැඩකාරයෝ අබ්සලොම් අණ කළ ලෙස අම්නොන්ට කළහ. එවිට රජුගේ සියලු පුත්‍රයෝ නැඟිට තම තමන්ගේ අශ්වතරයන් පිට නැඟී පලා ගියහ. Sinhala Revised Old Version අබ්සලොම්ගේ වැඩකාරයෝ අබ්සලොම් අණකළ ලෙස අම්නොන්ට කළෝය. එවිට රජුගේ සියලු පුත්‍රයෝ නැගිට තම තමුන්ගේ අශ්වතරයන් පිට නැගී පලාගියෝය. |
ශිබෙයොන්ගේ දරුවෝ ආයා සහ අනා ය. තමාගේ පියා වූ ශිබෙයොන්ගේ කොටළුවන්ට පාළු තැන්නෙහි තණ කවමින් සිටිය දී උණු දිය උල්පත් සම්බ වූයේ මේ අනාට ය.
ඉතින් මා සුළු කොට සිතා, හිත්තීය ජාතික උරියාගේ බිරිඳ නුඹේ බිරිඳ වශයෙන් ගත් බැවින් කඩු පහර කිසි කලක නුඹේ වංශයෙන් පහ නොවන්නේ ය.’
ඔවුන් මාර්ගයේ යද්දී, “රජුගේ සියලු පුත්‍රයෝ අබ්සලොම් විසින් මරන ලද්දේ ය; එක් කෙනෙක් වත් ඉතුරු වී නැතැ”යි දාවිත්ට සැළ විය.
ඔබේ දාසීට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියහ. ඒ දෙදෙනා පිටත දී දබර කරගත්හ. ඔවුන් නවත්වන්නට කිසිවෙකු නොසිටි නිසා, එක් කෙනෙක් අනෙකාට ගසා ඔහු මැරුවේ ය.
අබ්සලොම් තම අශ්වතරයා පිට නැඟී යද්දී, දාවිත්ගේ සේවකයන්ට මුණ ගැසුණේ ය. අශ්වතරයා මහත් ආලෝන ගසක විශාල අතු යටින් යද්දී ඔහුගේ හිස ආලෝන ගසේ අතුවල හිර වී, ඔහු අහසටත්, පොළවටත් අතරේ එල්ලී සිටියේ ය. ඔහු නැඟී සිටි අශ්වතරයා යන්නට ගියේ ය.
රජ තෙම ඔවුන් අමතා, “ඔබේ ස්වාමීන්ගේ නිලධාරීන් කැඳවාගෙන, මා පුත් සලමොන් මාගේ ම කොටළුවා පිට නංවාගෙන ගීහොන් නමැති දිය උල්පත් ළඟට යන්න.
මෙසේ ශාදොක් පූජකවරයා ද නාතාන් දිවැසිවරයා ද ජොහෝයාදාගේ පුත් බෙනායා ද කෙරෙතිවරු ද පෙලෙතිවරු ද ගොස්, දාවිත් රජුගේ කොටළුවා පිට සලමොන් නංවාගෙන ගීහොන් නම් ස්ථානයට පැමිණියහ.
“මාගේ නීති නුඹලා ඉටු කළ යුතු ය. නුඹලාගේ ගවයන්ට වෙන වර්ගයක සතුන් සමඟ පට්ටි ගැසීමට ඉඩ නොදිය යුතු ය. දෙවර්ගයක ධාන්‍ය බීජ නුඹලාගේ කෙතේ නොවැපිරිය යුතු ය. හණ සහ ලෝම මිශ්‍ර ව සාදන ලද වස්ත්‍රයක් ද ඇඟලා නොගත යුතු ය.
වීර්යයෙන් නපුර කිරීමට ඔවුන් දෑත පොවා ඇත. අධිපතියා ද විනිශ්චයකාරයා ද අල්ලස් ඉල්ලති. බලපුළුවන්කම් ඇත්තා ඔහුගේ සිතේ නපුරු ආසාවන් ප්‍රකාශ කරයි. ඔව්හු එකට උපා යොදාගනිති.